සමස්ත මිරිදිය ජීවි හා ජලජීවි වගා ප්‍රජාව ඇගැයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ''මිරිදිය වරුණ 2018'' සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.
විවිධ අංශයන් යටතේ දක්ෂතා හා කැපී පෙනෙන සංවර්ධනයක් පෙන්වූ ධීවරයන් හා ජලජීවි වගාකරුවන් වෙනුවෙන් සම්මාන පිරිනැමීම ජනාධිපතිවරයා අතින් සිදුකෙරැණු අතර ධීවරයින් වෙත ධීවර යාත්‍රා සහ දැල් ආම්පන්න ප්‍රදානය කිරීමට අදාළ හිමිකම් පත්‍ර පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා, රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි සහ නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හොද සම්මාන දෙන්න.
අපිටත් තියෙනවා සම්මානයක් දෙන්න, ඡන්දයක් තියමුකෝ බලන්න.