නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රණවිරු ප්‍රඥප්තිය ඉදිරිපත් කිරීම අද (07) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී සිදුකෙරිණි.
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රඥප්තියට අත්සන් තබා ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් වෙත වෙත බාරදුන්නේය.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න,රුවන් විජයවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා , ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු ත්‍රිවිද හමුදාවේ සහ පොලිසියේ විශාල පිරිසක් සහභාගි වූහ.
(ඡායාරූප - ඩික්සන් වසන්ත)





COMMENTS
ඔබ තුමාට ජය නියතයි.
කොළඹ සිට ඈත ගිරුවාපත්තුවට ගොස් පොඩි මිනිසා සමග ජීවත් ඇලේ වෙලේ කෙතේ කමතේ දුක් විඳින ජනතාව සමග ඔවුන්ගේ දහදිය සුවඳ සමග ජීවත්වූ සජිත් ප්‍රේමදාස මේ රටේ ජනපති විය යුතුයි.
දේශපාලකයන් වරප්‍රසාද භුක්ති විඳිනවා කියා කෑ ගසන මිනිසුන් ඡන්දය දිය යුත්තේ සජිත් ප්‍රේමදාස දිනවීමටයි. ඒ මන්ද යත් ඔහු දැනටමත් මැති ඇමති වරප්‍රසාද කප්පාදු කර රටේ සාමාන්‍ය ජනතාව ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දී ඇති නිසයි. ඒ වගේම නියම රණවිරු ප්‍රේමය මෙයයි.
ඔහු ක්‍රියාශීලී මිනිසෙකු නිසා ඔහු ගැන විස්වාසය තැබිය හැකිය. ඔහුට නඩු නැත. වැඩ කිරීමට උනන්දුවක් ඇත. මේ දක්වා කරපු දේවල අඩුපාඩු නැත. ඇයි තවත් සිතන්නේ. අපි ඔහුව ජනාධිපති කරමු. තරුණයකු වගේ සිටින අයකුට රට බාරදී බලමු.
මමත් ආමි එකේ තමයි... අනේ මට නම් වැලි කොට්ට අදින්න බැහැ බේබිලා සතුටු කරන්න..
සජිත්ගේ සුබසාධන වැඩවලට සල්ලි සොයන්න වෙන්නේ නැවත රටේ සියලු ජනතාවට බදු ගෙවිමෙනි. එය තමන්ගේ දහඩිය මහන්සියෙන් රස්සාවක් කර වැදගත් විදියට ජීවත්වන ජනතාව අගතියට පත් කරයි. නිකම්මු බෝකර රටක් දියුණු කළ නොහැකිය. අත්‍යවශ්‍ය අයට පමණක් උදව් කිරිම යෝග්‍ය වේ.