(ගයාන් අමරසේකර)
කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් හා ගුරුභවතුන්ගේ සහභාගීත්වයෙන් අද (14) ශීල භාවනා වැඩසටහනක් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
පොසොන් පොහොය ජාතික මට්ටමින් සැමරීමට රජය ගෙන ඇති තීරණයට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
එම අවස්ථාවට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ද සහභාගී විය.



COMMENTS
දුවේ පුතේ උඹල තම අපේ වස්තුව , රට ජාතිය ආගමට ආදරේ කරන්න
ඉතාම හොද වැඩක්, තම තමන්ගේ අදහන ආගමට දහමට අනුව හිත දියුණු කර ගැනීමට භාවනා කිරීම. එලෙසම ඒ සදහා මෙවන් අඬබෙර ගැසීම් අවශ්‍යද යන්න නම් ගැටලුවකි.
එතකොට අර මංගල ඇමතිතුමා කොහෙද හිටියේ? මේ වැඩ සහජීවනයට හොඳ නැහැ කියලා... මුස්ලිම් දේවස්ථානයකටවත් අද සිකුරාදා දිව්වාද?
එ්කත් කොළඹට කිරි අපට කැකිරි නමින් නම් ජාතික වැඩ පිළිවෙලක්. නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් හා ගුරුභවතුන්ගේ සහභාගීත්වයෙන් මෙහෙ ඒ.සී. දාලා සිල් ගන්නවා... ගමේ අය ගස්යට සිල් ගන්නවා.
යහමග යන පාසල් දරුවන් නොමග යවන්න එපා. ඒ අය පන්සලේ සිල් ගැනීමට ඉඩහැරීම මහත් පිනක්... ඒ දරුවන්ගේ මවුපියන් ගෙන්වා දානයක් දී ඡන්දය දෙන්න කිව්වා නම් පින්සිද්ද වේවි...!!!
ශීල - භාවනා වැඩසටහන් වලට ළමයින් සහභාගිවීම ඉතාම හොඳ වැඩක්.
මේ වැඩ සටහනට හාමුදුරුවන්ට ආරාධනා කරලා නැද්ද?
අරලියගහ මැදුර පන්සලක්වත් කරන්න හිතන්ද? එ්කත් හොඳයි. දළදා මැදුර තියෙන තැන ඉස්සර රජ මැදුරක්නේ...
දරුවන් දහමෙහි හැසිරවීම කුඩා කළ සිටම හුරු කල යුතුයි. අගමැතිතුමාගේ හොඳදෙයක්.