
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හිටපු දේශීය වෛද්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම කථානායකවරයකු ද වූ දිවංගත වි.ජ.මූ. ලොකුබණ්ඩාර මහතා වෙනුවෙන් පැවති ගුණානුස්මරණ පින්කමක් දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ හා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නාවින්න ආයුර්වේද ඖෂධ සංස්ථා පරිශ්‍රයේදී අද (20) පැවැත්විණි.
මීට සමගාමීව දිවංගත හිටපු දේශීය වෛද්‍ය අමාත්‍ය වි.ජ.මු ලොකු බණ්ඩාර මහතාට පින් පමුණුවමින් සංඝගත දක්ෂිණාවක් නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණායතනයේදී පැවැත්විණි.
එහිදී පළමුව දිවංගත වි.ජ.මූ ලොකුබණ්ඩාර ඇමතිවරයාගේ පිළිරුවට නීතිඥ සිසිර ජයකොඩි ඇමතිවරයා මල් කලබක් පිළි ගන්වා පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව කැළණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතා විසින් ගුණ සමරු දේශනයක් පවත්වන ලදී.
මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, දේශීය වෛද්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි, එම අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර, ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති නීතිඥ සාගලා අබේවික්‍රම යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමස්ථයක් වශයෙන් අප "සියලුම දේශපාලුවන් කෙරෙහි ඇත්තේ ඉතාමත්ම අප්‍රසන්න අශීලාචාර පහත්" හැඟීමක්ය. එනමුත් කිසිවෙකුගේ හොඳ දෙයක් ඇත්නම් එය අප නිර්ලෝභීව අගය කරන්නෙමු. මොහු අපගේ මව්බස හැසිරවීම, කථනය, වචන උච්ඡාරණය, ව්‍යාකරණ නිසි ලෙස යෙදවීම පිළිබඳව අති දක්ෂයකි. ඒ පිළිබඳව මොහු කෙරෙහි අප හද තුළ ඇත්තේ මහත් වූ ගෞරවයකි.