( චමිල් රූපසිංහ)
ලොව දිගම ඔසරි පොට සහිත ඔසරිය ඇඳ ගිනස් වාර්තාවකට හිමිකම් කීමේ අරමුණින් මනාලියක් අද (21) මහනුවර ගන්නෝරුවේදි මංගල ගමන් ඇරඹුවාය.
ලොරියක පටවා තිබූ ඔසරි පොට ලොරියේ සිට දිග හරිනු ලැබූ අතර එය මාර්ගයේ එක පෙළට රැස්ව සිටි පාසෙල් සිසුවියන් 250 දෙනකු විසින් අල්ලා ගනු ලැබ සිටියහ.
උඩරට මනාලියක සේ හැඩගැන්වුණු සජිනි ප්‍රියංගිකා මනාලියගේ ඔසරි පොට මීටර 3200කින් සමන්විත විය.
මනාල යුවළ අද (21) පෙරවරුවේ මහනුවර ගන්නෝරුව මංසන්ධියට පැමිණීමෙන් පසු ගිනස් වාර්තාව නිරීක්ෂණය කිරීම සඳහා නම්කර තිබූ කමිටුව ඉදිරියේ ඔසරි පොට ගැටඹේ මංසන්ධියේ සිට ඊරියගම මංසන්ධිය දක්වා දිග හරිනු ලැබීය.
මෙයට ප්‍රථම මෙම ගිනස් වාර්තාවට හිමිකම් කියන ලද්දේ ඉන්දියානු කාන්තාවක් වන අතර ඇය මීටර 2800 ක දිගින් යුත් සාරිපොටක් සහිත සාරියක් ඇඳ ගිනස් වාර්තාව පිහිටුවා තිබිණි.
මනාලියට සාරිය ඇන්දවීම ප්‍රවීන රූපලාවන්‍යය ශිල්පිනී ඉන්ද්‍රමාලා රාජපක්ෂ මහත්මිය විසින්ද සාරිය සැපයීම මාලා සාරි ආයතනයේ මංජුල තිලකරත්න මහතා විසින්ද සිදුකරනු ලැබ තිබේ.
මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයකු ලෙස පැමිණ සිටි අතර විවාහය සඳහා මල්කුමාරියන් 40 ක් සම්බන්ධව සිටීමද විශේෂත්වයකි.
පාසල් ළමුන් මේ සදහා සහභාගි කරවා ගැනීම කුමන ක්‍රමවේදයකට සිදුවුවාද යන්න මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතාගෙන් ලංකාදීප කළ විමසීමේ දී පැවැසුයේ මේ සම්බන්ධව තමා කිසිවක් හරිහැටි නොදැන ප්‍රකාශයක් ලබාදීම අපහසු බවයි.





COMMENTS
ඔසරි පොට තරඟය වගේ විකාර වැඩවලට කාලය සහ මුදල් නාස්ති කරන්නේ නැතුව රටට ඵලදායී වැඩක් කරනවා නම් කොතරම් හොඳද?
ඔසරි පොට කෙසේ වෙතත් මේ මනමාලයාට එනපොට නම් හොඳ නැහැ වගේ. මෙහෙම ආසාවල් තියෙන නෝනා කෙනෙක් කොහොම නඩත්තු කරන්නද?
කුඩා දරුවනේ එක එක පොටවල් අල්ලන්න ගිහිල්ලා තමන්ගේ පොට වරද්ද ගන්න එපා...
කාලය, ධනය කා දමන මෙවැනි පුහු දේට අපේ මිනිසුන් ඇබ්බැහි වීම කණගාටුවට කරුණක්.
මේ මොන මගුලක්ද? ඉස්කෝල යන ළමයි පට්ට අව්වේ මහපාරේ තියාගෙන කරන විකාර... මේවට කියන්න ඕනෑ මල කෝලම් කියලයි.
එ්කත් හරියට යහපාලනේ පොටවගේ, පොටේ එල්ලෙන්න බලන් ඉන්න කට්ටියත් ඉන්නවනේ, පොට අත ඇරලා පනින කට්ටියත් ඉන්නවනේ...
රට විනාශය කරා යනවා. මේ උදවිය විකාර නටනවා.
දෙමව්පියෝ අමාරුවෙන් ළමයි පාසල් යවන්නේ එක එක්කෙනාගේ සාරි පොටවල් උස්සන් මහපාරේ ඉන්න නෙවේ. මේ වගේ අමන වැඩ පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා.
අනේ මෙහෙමත් විකාර... දුප්පත් ළමයෙකුට පොත් ටිකක් අරන් දෙන්න තිබුණා නම් මීට වැඩිය සතුටු නැද්ද? නරක මිනිස්සු.
මේක ගිනස් කාර්යාලයට දැන්නුවද? තනියම වාර්තා තියන්න බෑ. අනික ඔය පාසල් සිසුන් නිල ඇඳුමින්ම පන්ති පාඩු කරගෙන සාරි පොට උස්සන්න අාවේ.... කාගේ අනුමැතියකින්ද?
මේ යනවිදිහට නුදුරු අනාගතයේදී, ලෝකයේම දිගම අමුඩ පොට අල්ලාගෙන, උඩ බලාගෙන ඉන්න මේ රටේ දරුවන්ට සිදුවෙන දවස වැඩි ඈතක නැහැ.
මගෙත් වතු පිටිවල වැඩ වගයක් තියනවා. බැරිද පාසල් ළමයි 1000 ක් 2000 ක් ගෙන්න ගන්න.
මහා පාරේ lane එකක් වහල පාරේ ගිය වාහන වලට කොච්චර බාධාවක්ද? මේ වගේ වැඩ වලට පොලිසිය අවසර දුන්නේ කොහොමද? ඉස්කෝල ළමයි ගෙන්න ගත්තේ කාගේ උවමනාවටද?
පාසැල් ළමයින්ට පාසැල් වේලාවේ විවාහ චාරිත්‍ර පිළිබඳව පුහුණුව දෙන්න කියලා අධ්‍යාපන ඇමති කිව්වා දැයි නොදනිමි.
පාසල් කාලේ සිසුන් උද්ඝෝෂණවලට ගන්නා පුද්ගලයන්ට දැඩි නීති ? හැබයි මේ වගේ මගුල් වලට ගත්තට අවුලක් නෑ ? යකාගෙ නීති අපේ රටේ තියෙන්නේ !
මේ වගේ විකාර වැඩ කරන එකම රට ලෙස අපි බැබලේ. පාසල් ළමුන්ගේ ඉගෙනීමේ කාලය මෙවැනි දේවල් වලට අවසර ලබාගෙන තිබේද නැතිනම් මෙයටත් පගාවක් දීලද
විකාරද නැත්නම් හැටිද? විකාර....
විශාලතම කැබිනට් මණ්ඩල නිසා ශ්‍රී ලංකාව ගිනස් වාර්ථා ගතවිය.. වැඩිම දෙවන මනාල මනාලියන් පිරිසක් ඇති මංගල උත්සවය ලෙස වාර්ථා ගතවිය.. දැන් තවත් එවැනිම මගුලකි. මෙම නවතම වාර්තාව දැනගැනීමෙන් මුළුලොවම මවිතවනු ඇත.
ලංකාවේ තිබෙන ප්‍රධානම ගැටලුවට විසඳුම් සෙවූ මනාල යුවලට මගේ සුබපැතුම් !!!
මිනිසුන්ට එක එක ආශාවන් පහල වෙනවා.. ඉහළම සෙල්ලම් දාල විවාහ වෙලා පහුවෙනිදාට දෙන්නා වෙන්වෙන යුගයක් නිර්මාණය වෙලා ... මෙහෙම ආශාවන් පොදි බැඳ විවාහ වෙනවා වගේ එම විවාහය ජීවිතය අවසන වෙනතෙක් රැක ගන්නේ නම් යහපතකි.
මේ වගේ වැඩකට පාසල් සිසුන් යොදා ගැනිමට දෙමාපියන්ගේ සහ කලාප අධ්‍යක්ෂවරයාගේ ලිඛිත අවසරයක් තිබිය යුතු යි. මම හිතන්නේ නැහැ කලාප අධ්‍යක්ෂවරයා ඉඩ දෙයි කියලා.
රටේ තිබෙන බහුබූත කෝලම් මදිවට තවත් කෝලමක්. ලොකු ලොක්කොත් හවුල්වී ඉන්නවා වගෙයි පෙනෙන්නේ. කාගේ මොලේ පිස්සු හුටන් වෙලා ද දන්නේ නැහැ.
"ඔසරිය" කියන්නේ "බස්රිය" වගේදවත් කියා නොදන්නා ලෝකයකට මෙවැනි දේවල් පොතේ දාන්න කරපු වැඩේට බොහෝ දෙනෙක් හිනා වෙනවා !
මේ පෙන්නුම් කරන්නේ අපේ රටේ අනාගත බිරින්දෑවරුන්ගේ හා මව්වරුන්ගේ භූමිකාව තමයි. රටේ කාන්තාව බහු රු කෝලම් ප්‍රතිමුර්තියක් බවට පත්ව ඇති බව කාන්තාවක් විදියට කනගාටුවෙන් ප්‍රකාශ කරමි.
තව කෙනෙකුට හිතෙයිද දන්නැහැ ලෝකේ තියන කොටම සාරිය ඇදල මගුල ගන්න. ආසාවනේ...
පාර අවහිර කිරීම (පොලීසිය) පාසැල් නිල ඇඳුමින් ලමයි සහභාගි කීරීම (විදුහල්පති) වගකිවයුතු නැත්ද? ස්වාමීන් වහන්සේලාටනම් වස්සාන කාලයේ පිංඩපාත චාරිකාවනුත් තියෙනවානේ
මේ වගේ මිනිස්සු ඉන්න රටක ඉපදීම ගැන ලැජ්ජාවෙමි. එකත් එකටම මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ වෙන්න ඕනෑ. මේවට පාසැල් ළමුන් ඈදා ගැනීම ගැන පරීක්ෂණයක් කලයුතුයි .
ඔසරි පොට දිගට දාගන්න හිතුන කොටම හැඳිමිටේ නුවන නිසා බවයි පේන්නේ. දිගම වරලස නම් කමක් නැහැ. වෙනත් දක්ෂතාවයක් නම් කමක් නැහැ. කවුරුවත් ඔසරි පොට ඔච්චර දිගට දාන්නේ නැත්තේ ලොරියක් පස්සෙන් අරන් යන්න අකමැති නිසා නේද? ඇත්තටම මේ මන්දබුද්ධික සංකල්පය කාගේ ඔලුවෙන්ද පහල වුනේ.
මේ වගේ පාලකයෝ ඉන්න කලෙක අපි ඉපදුන්නේ අපේ කරුමෙට, නියම ධර්මය වටහාගෙන නිවන් යමු .
මේ නාස්තිකාර ආදර්ශයට පාසල් දරුවන්ද ගෙන්න ගෙන, පොලිස්සියත් සපෝට්.
පාසල් ළමයි ටික අව්වේ ඉදල ටැප් එකෙන් වතුර බිල ගෙදරයි. ආරාධිතයෝ ටික හෝටලයෙන් මධුවිත සමග සප්පයම්වෙයි. සාධාරණයි නේද? මේවට කඩේ යන හාමුදුරුවරුත් දේශපාලකයොත් ඉන්නවනේ.?
මොන පිස්සු වැඩක්ද?
ඇති පුජ්‍ය ගරුතර මහා සංඝ රත්නයත් වැඩම කරලා නේද? සාදු, සාදු! (මෙහෙම නොකියා වෙන විදිහකට කිව්වොත් මාවත් රන්ජන්ගේ ගොඩට දමයි කියල බයයි, ඒකයි මේ.)
ජනපතිතුමනි දඬුවම් දෙන්න මහා ඇමතිට, විදුහල්පතිට..... අප රට පිස්සන්ගේ රටක් වෙලා .පාරවල්වල සයිටම් පිස්සුව මදිවට.....තවත් ප්‍රශ්න...ගීත රචකයනි, ගායකයනි, රට අවදි කරනු මැන. හෝටල් නැතිව, මඟුල් වියදම අඩු කර වාර්තාවක් තබන අයට තෑගී පිරිනමන ක්‍රමයක් ඇති කරන්න.
පාසල් සිසුවියන් 250ක් එකවර මහමගට කඩා වැදුනම අපි හිතුවේ සයිටම් විරෝධී උද්ඝෝෂණයකට පිරිස් රැස් කරල පාරවල් වහන්න හදනවද කියලයි. බැලින්නම් ඒක විවාහ මගුලක් නේ. අවුවේ පිච්චෙමින්, මනාලියගේ වලිගේ අල්ලාගෙන හිටපු කෙල්ලන්ට කේක් කෑල්ලක් එක්ක සිසිල් පැන් වීදුරුවක්වත් දෙන්න තරම් මේ මගුල සංවිධානය කරපු අය ත්‍යාගශීලී උනාද ? මේක සංවිධානය කරපු අයට, පාර වහපු පොලිසියට, ඉස්කෝලේ ලොකු හාමිනේට එහෙම විරුද්ධව ළඟදීම මේ පාරේම පෙළපාලි යන්නත් බැරි නැහැ !!!!!
උද්ඝෝෂණ වලට පාර අවහිර වෙනවා කියල තහනම් නියෝග ගන්න පොලිසිය මේ තේරුමක් නැති වැඩේට පාරේ එක මන් තීරුවක් වහල අනවශ්‍ය වාහන තදබදයක් ඇති කළාට මොකද්ද දෙන දඩුවම. අනික හාමුදුරුවරුන්ට මොකද්ද මෙතන තියන රාජකාරිය? මහඇමති මීට වඩා වැදගත් රාජකාරි නැත්ද? පොලිසියේ නිළදාරීන්ගේ රාජකාරියට මේවා ඇතුළත්ද? මේක ඒ දෙන්නගේ පෞද්ගලික කාරණයක්. ඔවුන්ට තේරුමක් හෝ මොළයක් නැත්ද සමාජයට කරදරයක් නොවන විදියට ඒ කටයුත්ත ඉටුකරගන්න.
ඒ මගුල තියලා ඉවර වුනාට පස්සේ තමා අනෙක් අය දැන් මගුල් නටන්නේ. ලංකාවේ හැටි ඔහොම තමා. ඔක්කොම ඉවර වුනාට පසුව මාධ්‍ය ඉස්සරහා ඔක්කොමලා ටික දවසක් රගපානවා.
ඔතනින් පෙන්නුම් කරන්නේ අපේ රටේ වෙන ඕනෑම දෙයකට දේශපාලන සම්බන්දකමක් තිබුනොත් එතන වෙන්නේ විනාශයක්, අවබාවිතයක්. අඩුම තරමේ මේ ළමයින්ට මගුල් උත්සවය වෙනුවෙන් හොඳට සංග්‍රහ කලාද කියලවත් දැනගන්න කැමතියි. නැත්නම් කේක් කෑල්ලකුයි කූල් ඩ්‍රින්ක් එකකිනුයි කට්ටිය ශේප් උනාද කියලත් සැකයි .
පාසල් ළමයි ගන්නකන් බලා හිටිය දෙමාපියන්ට දඩුවම් කරන්න.
තමන්ගේ මගුල් ගෙදර ඕනෑම විගඩමක් කරගෙන පුද්ගලිකව කටයුතු කලාට කමක් නැහැ. මහජනයාට පාර අවහිර වෙන විදියට පාසල් ළමුන් තමන්ගේ බුදලයක් වගේ පාවිච්චි කරන වැඩේ නම් බොහොම වැරදියි.
මේ විකාර වැඩ නවත්තන්නේ කවදාද? මේ මානසිකත්වයේ අවසන්වීමක් නැද්ද ? ගුණයෙන් පිරිහිලා , දැනුමෙන් පිරිහිලා. ආකල්පවලින් පිරිහිලා, සිතුම් පැතුම් වලින් පිරිහුණු ජාතියක ශෝකාලාපයයි.
මීට වඩා හොඳයි... මාළු දැල් අදින්න ගියා නම්...
ලෝකෙම දිග වෙනත් දේවලුත් තියෙනවද?
මෙයා මධ්‍යම පළාතට කරපු දෙයක්නැ. w p b දිසානායක හිටපු මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති නම් "රණබිම රෝයල් " පාසැලවත් ආරම්බ කලා.
පිස්සුනේ
මගෙත් මේ අමුඩේ දැන් ලෝකේ දිගම අමුඩේ කියලා වාර්තාවක් තියන්නයි යන්නේ. ඔසරිය කෙසේ වෙතත් ළමයින්ව අව්වේ රස්තියාදු කළාට දෙන්නයි තිබ්බේ...