IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රණවිරු පාගමන මැදවච්චියෙන් ඇරැඹේ

(රොමේෂ් මධුෂංඛ)
 
යුද හමුදා සංග්‍රාමික බලසේනාව ආරම්භ කර වසර 25 ක් සපිරීම හා ත්‍රස්තවාදය අවසන් කර වසර 10 ක් සපිරීම නිමිත්තෙන් රණවිරු පාගමනක් අද (29) උදෑසන යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මැදවච්චියෙන් ආරම්භ කෙරුණි.
 
මැදවච්චිය පැරණි සෝදිසි මුරපොළ ඉදිරිපිටින් ආරම්භ කෙරුණු රණකාමීන්ගේ පාගමන ආරම්භක උත්සවයේ පූර්ණ සංවිධාන කටයුතු සිදු කළ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාද සහභාගී විය.
 
මැදවච්චියෙන් ආරම්භ වූ රණවිරු පාගමන ජුනි මස 08 වැනි දින කොළඹ නිදහස් චතුරශ්‍රය අසලින් අවසන් කිරීමට නියමිතව ඇත.
 
මෙම පාගමන සදහා ගුවන් සංග්‍රාමික බළසේනාවට අයත් නිලධාරින් 31 සහ සෙසු නිලයින් 600 ක් පමණ සහභාගීවූ අතර, මැදවච්චිය, අනුරාධපුර, තිරප්පනේ,  මරදන්කඩවල, හඹරණ, දඹුල්ල, නාවුල, මාතලේ, අකුරණ, කටුගස්තොට, මහනුවර, පේරාදෙණිය, කඩුගන්නාව, මාවනැල්ල, කෑගල්ල, වරකාපොළ, නිටිටඹුව, යක්කල,  කඩවත, කිරිබත්ගොඩ, කැළණිය, ග්‍රෑන්ඩ්පාස්, කුරුදුවත්ත, දෙමටගොඩ සහ බොරැල්ල යන නගරයන් හරහා ගමන් කිරීමට සංවිධානය කොට ඇත.
 
රණවිරු පාගමන වෙනුවෙන් යුද හමුදා පූර්ණ  ආරක්ෂාවක් මැදවච්චිය සිට කොළඹ දක්වාම සැපයීමට පියවර ගෙන ඇත.

 

 


 
 
 



අදහස් (7)

රණවිරු පාගමන මැදවච්චියෙන් ඇරැඹේ

ලුම්බිණි Wednesday, 29 May 2019 04:17 AM

රණවිරු පාගමන යාපනයෙන් නැතුව මැදවච්චියෙන් මොකද?

:       2       18

shan Wednesday, 29 May 2019 05:13 AM

අගනා ක්‍රියාවක්... ඔබ සැමට දළදා සමිඳුන්ගේ සරණයි හා සියලු දෙවි දේවතාවන්ගේ ඔබ සැමට ජයවේවා! රණවිරුවනි ඔබ අපේ ජීවයයි !

:       0       68

isurandi Wednesday, 29 May 2019 06:00 AM

ඔබ තුමන්ලාට බැරිද ටික කලකට හරි මේ රට අරගෙන හදල දෙන්න ? ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල උනත් ඒවා ඉවසා ඉන්න තරම් අපිට ශක්තියක් ඇත. මන්ද යත් අවුරුදු 30ක් පැවතුන යුද්ධයකින් බැට කෑ අපිට මේක සුළු දෙයක්නේ

:       74       409

MISHAL-MATARA Wednesday, 29 May 2019 06:20 AM

අති විශිෂ්ටයි. ශ්‍රී ලාංකිකයෙක්වීම ගැන ආඩම්බර වෙමී.

:       0       41

nish Wednesday, 29 May 2019 09:14 AM

අධිෂ්ඨානයෙන් අරමුණ කරා.. සුබපැතුම්!!!

:       0       51

sampath Wednesday, 29 May 2019 09:52 AM

මේ සොල්දාදුවන් හති ව්ට්ටන්නේ ඇයි මෙතරම් ආරක්ෂාවට මහන්සි වෙනවා මදිවාටද.

:       7       27

සමන්ත Wednesday, 29 May 2019 01:23 PM

මෙය මගින් මහජන ආරක්ෂාව පිළිබඳව සහතික වීමක් සිදුවුවද මහජනතාව තුළ හමුදා මානසිකත්වය ඉහළ නැංවීමක් සිදුවීමෙන් රටට හෝ ජාතියට සිදුවන යහපතක් නැත. හමුදාව සිවිල් කාර්යයන්ට සම්බන්ධ වීම හෝ දේශපාලනයට පැමිණීමට දරන උත්සාහයක් ලෙස මට පෙනෙයි. සමහර අද බාල මිනිසුන් හමුදාවට රට බාර ගැනීමට ආරාධනා කරනුද පෙනෙයි. ඔවුන්ට එහි බරපතලකම හෝ විනාශය පිළිබඳව මෙලෝ හසරක් අවබෝධයක් නැත. පාකිස්තානයට, ඇෆ්ගනිස්තානයට, අප්‍රිකාවේ සමහර රටවලට වී ඇති දේ බලා ඔවුන් පාඩම් ඉගෙනගත යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහසේ අගය ඔවුන්ට දැනෙනු ඇත්තේ යම් දිනෙක ඔවුන්ට එය නැතිවී වද කඳවුරුවල දුක්විඳ මියයාමට සිදු වූ දාටය.

:       3       41

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31238 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13404 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10978 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 83 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 916 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site