





ශ්රී ලංකාව සහල්වලින් ස්වයංපෝෂිත කිරීමේ අරමුණින් ‘තුරු මිතුරු-නව රටක්’ හරිත ව්‍යාපෘතියට සමගාමීව පුරන් වූ කුඹුරු යළි අස්වද්දා ලබාගත් සහල් තොග සහනදායි මිල ගණන් යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් අතර බෙදාදීමට යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය පසුගියදා පියවර ගත්තේය.
ඒ අනුව සහල් කිලෝ 25,000 ක් යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයට ලබා දී සිදු කෙරිණි.
පසුගිය 2019 ‘මහ’ කන්නයේ සහ 2020 ‘යල’ කන්නයේ දී ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයට යාබදව පිහිටි පුරන්වූ කුඹූරු සහ යුද්ධ හමුදා ගොවිපල වලට අයත් කුඹුරුවල ‘සුවඳැල්’ සහ ‘කළුහීනටි’ ආදී වී ප්‍රභේදයන් වපූරා පළිබෝධනාශක සහ රසායනික ද්‍රව්‍ය අවම වශයෙන් භාවිත නෙලාගත් මෙම අස්වැන්න යුද්ද හමුදා සමාජිකයින්ට සහනදායි ලෙස ලබා දීමට කටයුතු කර තිබේ.
මෙම සහල් තොග ආරක්‍ෂක සේනා මූලස්ථාන, පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ කැන්දලන්ද, මැනිං ටවුන්, රුක්මල්ගම, පානළුව, ජාවත්ත සහ වත්තල ප්‍රදේශයන්හී පිහිටි යුද්ධ හමුදා සේවා වනිතා ඒකක යටතේ පවත්වාගෙන යනු ලබන සුභ සාධක වෙළඳසැල්හි අලෙවි කිරීම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි සිදුකෙරේ.
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මියගේ උපදෙස් මත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් පවත්වාගෙන යනු ලබන සුභසාධන වෙළඳසැල් අතර එම සහල් බෙදා හැරීම සඳහා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කන්දනආරච්චි මහතා විසින් මෙම සහල් තොගය ලබා දීම සිදු කළේය.
කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂවරයා නියෝජනය කරමින් කන්දකාඩු 6 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් නිශාන්ත මුත්තන්ත්‍රිගේ මහතා විසින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය යටතේ ස්ථාපිත සුභසාධන වෙළඳසැල් වලින් යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් අලෙවි කිරීමට මෙම සහල් තොගය සේවා වනිතා ඒකකයේ කර්නල් සුමේද බාලසුරිය සහ කර්නල් අරුණ විජේකෝන් යන මහත්වරුන්ට නිල වශයෙන් භාරදුන්නේය.
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව මෙම ‘තුරු මිතුරු - නව රටක්’ හරිත ව්‍යාපෘතිය සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඹුරේ, කමතේ වැඩකරන සොල්දාදුවන්ට වෙනත් ඇඳුමක් දෙන්න.. හමුදා නිලඇඳුමෙන් වැඩකරන්න අපහසුයි... තිබෙන අධික රස්නය නිසා. බොහොම හොඳ වැඩක්..
සාමාන්‍ය ජනතාවටත් මෙම සහල් ලබාගැනීමට හැකියාව පවතීද? ඒ පිළිබඳව අවධානය යොමුකරන්න. සාමාන්‍ය ජනතාවටත් මෙම සහල් ලබාගැනීමට කටයුතු කරනවා නම් හොඳයි.
හොඳ වැඩක්... ඒත් මේ වගාවන් කර ඇත්තේ රාජකාරියට පිටින් සොල්දාදුවන්ගෙන් නොමිලේ ලබාගත් ශ්‍රමයෙන් විය හැකි නිසා ඔවුන්ගේ පංගුව මුලින්ම දීලා හිටියොත් තමයි හොඳ. බිම් පංගුව විකුණුවාට කමක් නැහැ...
අර දත්ත වල තිබ්බ වී හාල් ගැන ආරංචියක් නැද්ද සර්? නිකමට වගේ මතක් වූ නිසයි ඇහුවේ...
යුද්දෙට නැති කඩුව කුඹුරු වැඩට හරි යොදාගමු නේද? අනුන්ගේ සොහොන්කොත් හදන එකට වැඩිය මේ වැඩේනම් ආඩම්බර එකක්.
හමුදාවට ඔවුන් වවපු හාල්, ප්‍රභූ ජනයාට පාකිස්තානයෙන් බාස්මතී හාල්, 69 ලක්ෂයේ ඉතිරි අයට දෙන දෙයක් කාලා ඉන්න එකයි තියෙන්නේ. මේ දූපතේ තියෙන දූපතේ තියෙන සහල් මාෆියාවත් ඇවිත්...
හමුදාවේ උදවිය වගාවට බැස්සා කිව්වට ඒ වගා කරන්නේ වෙනම ඒකකයක්, සේවාවක් මගින්.. ඔවුන්ට එයට පඩි ගෙවනවා. වගාවට අවශ්‍ය සියලුම වියදම් ගෙවනවා. මේ වියදම් පියවන්නේ මහජනයා ගෙවන බදු මුදල් මගින්.. ඔවුන් ඒවායෙන් කළු හීනැටි සුවඳැල් සහල් නිෂ්පාදනය කරලා හමුදාව අතරේම සහන මිලකට බෙදනවා... දේශපාලකයෝත් ඔවුන්ගේ පරිභෝජනයට බාස්මතී ගෙන්වනවා. ඒවාට වියදම් ගෙවපු මිනිස්සුන්ට හුළං... හරිම අපූරුයි. ලංකාවත් ටිකෙන් ටික හමුදා රජයක් වගේ වෙමින් පවතිනවා. හමුදාවේ උදවියට රජයේ උසස් තනතුරු, වරප්‍රසාද ලැබෙනවා. සිවිල් සේවාව කළයුතු තනතුරුවලට හමුදා නිලධාරීන් පත් කෙරෙනවා. දූෂණවලට මේවා හොඳ උත්තර කියලා අහිංසක මිනිස්සු සිතාගෙන ඉන්නේ... එ්ත් මේවා ඇත්තටම සිවිල් නීතියට අනුකූලව නොව හමුදා අණට කීකරු පිරිසක් මගින් රටක් පාලනය කිරීමේ උත්සාහයක් කියලා තේරුම් ගන්න බුද්ධියක් මේ රටේ මිනිස්සුන්ට නැහැ.
වැඩේ නම් නියමයි. හැබැයි වස විස නම් දාන්න ඒපා
අපේ හමුදාව ඉස්සර කලේ රටේ කලබල නැති කාලෙට බොත්තම් පොලිෂ් කරන එක සහ වරායේ වර්ජනයකදී බඩු ගොඩබෑම පමණයි. දැන් හමුදාව ඉහළ නියෝග වලට අවනත වී ප්‍රශ්න නොකර රටේ සැම කටයුත්තකටම දායක වෙන ගන්න වැටුපට ණය නොවෙන සේවාවක් බවට පත්වෙලා.