(නිශාන්ත කුමාර)
මීගහකිවුල පිටමාරුව , බිබිල මොණරාගල 17 කණුව සහ අමුණේකඳුර අවට ප්‍රදේශවලට අද (10) පස්වරුවේ අයිස්කැට වර්ෂාවක් පතිත වූ බව ප්‍රදේශවාසීහු පවසති.
පැය භාගයකට ආසන්න කාලයක් තිස්සේ මෙම අයිස් කැට වර්ෂාව පැවැති අතර ඇතැම් ප්‍රදේශවලට විශාල අයිස් කැට පතිත වූ බවද ඔවුහු පැවැසූහ.
අයිස් කැට වර්ෂාව හේතුවෙන් බිබිල මොණරාගල මාර්ගයේ 17 කණූව සහ අමුණේකදුර ප්‍රදේශවල රබර් ගස්වල කොළ කැඩී බිම ඇදවැටීමෙන් රබර් ගස් වලට ද දැඩි හානියක් සිදුවී ඇත.
මේ අතර මීගහකිවුල සහ ඒ අවට ප්‍රදේශ වලට මාස කිහිපයකට පසුව දැඩි වර්ෂාවක් ඇද වැටුණූ බවද එම ප්‍රදේශවල ජනතාව පැවැසූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd