(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාධ්‍යවේදීන් තම රාජකාරී කටයුතු කිරීමේදී විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙනවා, සමහර මාධ්‍යවේදීන් තම රාජකාරිය ඉටු කිරීමට ගොස් ජිවිත පවා නැති කරගෙන තිබෙනවා.අපේ රටේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට නිසි ඇගයීමක් නොලැබෙන බව මම හොඳටම දන්නවා යැයි ජනමාධ්‍ය අමාත්‍ය හා රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාතලේ ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයට වසර 30 ක් පිරීම නිමිත්තෙන් අද (06) මාතලේ ගාන්ධි සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකට සහභාගි වෙමින්ය.
මාතලේ සමාජ සංස්කෘතික හා ආර්ථික සංවර්ධනයට දායක වූ මාධ්‍යවේදීන් 10 දෙනෙක් අගයා මාධ්‍යාභිමානී සම්මාන පිරිනැමීමද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවැසීය.
‘‘විෂයභාර අමාත්‍යවරයා ලෙස ඒ සඳහා යම් මැදිහත්වීමක් සිදු කිරීමට මම බලාපොරොත්තුවෙනවා.බලපෑමකින් තොරව ජනමාධ්‍ය පවත්වාගෙන යෑම සඳහා අපි රජයක් ලෙස කටයුතු කරනවා.
කවුරු මොන විවේචයන කළත් කලින් තිබූණ ආණ්ඩුවට වඩා නිදහස ලබා දී තිබෙනවා. පසුගිය රජය සමයේ පැහැරගෙන යාම් පහරදීම් සුදුවෑවන් මාධ්‍ය ආයතන වලට පහරදීම් පසුගිය සිව් වසර තුළ සිදුවුණේ නෑ.අපි රජයක් ලෙස ඒ ගැන සතුටු වෙනවා‘‘ යැයි අමාත්‍යවරයා පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරුන්වන වසන්ත අලුවිහාරේ මහතා ,රංජිත් අලුවිහාරේ මහතා හා පාර්ලිමෙන්තු මන්ත්‍රීනි රෝහිනි විජේරත්න මහත්මිය මාතලේ මහ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා හිටපු අමාත්‍ය රෝහණ දිසානායක මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.




(ඡායාරූපය - කාංචන කුමාර ආරියදාස)

2025 දෙසැම්බර් මස 18
138
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාතලේ මාධ්‍යවේදීන් 10 ට ජනමාධ්‍ය ඇමති අතින් සම්මාන