














පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මදූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නැමැත්තා මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ දී වෙඩි වැදීමකින් අද (20) මිය ගිය බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
( ඡායාරූප- ළහිරු හර්ෂණ)
සබැඳි















පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මදූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නැමැත්තා මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ දී වෙඩි වැදීමකින් අද (20) මිය ගිය බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
( ඡායාරූප- ළහිරු හර්ෂණ)
සබැඳි
COMMENTS
මේ රටේ තරුණ පරපුර විනාශ කරන විෂ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වා බෙදාහැරපු, නීතියට අභියෝග කරපු, ඒ වගේම නීතියේ ආරක්ෂාව ඇතිව මත්ද්‍රව්‍ය ජාවාරම් කරපු හැම එකාවම මේ විදියට මරාදාන්න ඕනෑ. ඔවුන්ගේ මිනියවත් මේ රටේ වළදාන්න ඉඩ නොදිය යුතුයි. නැත්නම් මේ අයගේ පරම්පරා වලින් පසුකාලීනව සමරු උත්සව පවත්වනවා. මොවුන් විතරක් නොවෙයි, රටටම කොකා පෙන්වමින් ජාවාරම කරපු නාකොටික් එකේ සෙට් එකත් උන්ගෙ උනුත් මේ විදියට මරාදාන්න ඕනෑ. අද ශ්‍රී ලාංකික අපි ඉතාම සතුටුවිය යුතු දවසක්...
ඒ සමගම ඔහුගේ කටද වැසීගිය බව දන්වමු. අරයා අල්ලගෙන ආවා. මෙයා පාතාලෙටම ඇරියා...
අන්තර් ජාලයෙන් උපුටා ගැනීමක්: "දේශබන්දු සමරසිංහ මහතා පවසන ආකාරයට මෙම මෙහෙයුම කිසිඳු සැකකරුවකු අත්අඩංගුවට ගැනීමටත් අසමත් වෙමින්, තමන් සන්තකයේ සිටි ඉතාමත්ම වැදගත් සාක්ෂිකරුවකු ද අහිමි කරගත් අන්තිම අසාර්ථක මෙහෙයුමක් බව පෙනේ. මාකඳුරේ මධුෂ් තමන්ට තිබුණු දේශපාලන සබඳතා මෙන්ම ඉහළ මට්ටමේ තවත් සබඳතාද ගණනාවක් ගැන තොරතුරු අනාවරණය කර ඇති බව මීට පෙර විවිධ දේශපාලනඥයින් මෙන්ම මාධ්‍යද වාර්තා කර තිබුණු අතර වෙනත් තැන්වලදී පොලිස් දෙපාර්තමේන්තුවේද ඇතැමුන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව සිටින ආකාරය පසුගිය සමයේදී සාක්ෂි සහිතවම අධිකරණය හමුවේ දිගහැරී තිබිණි. මාකඳුරේ මධුෂ්ව අධිකරණයකට ඉදිරිපත් කර, එහිදී ඔහුට සියල්ල හෙළිකිරීමට අවස්ථාව ලබාදුන්නේ නම් මෙරට මහා පරිමාණ පාතාලයට සහ මත්කුඩු වෙළඳාමට අනුග්‍රහය දක්වන පාර්ශ්ව අති බහුතරයක් සොයාගැනීමටද හැකි වන්නට ඉඩ තිබිණි. ඒ සියල්ල මේ සුවිශේෂී සැකකරු අහිමි කරගත් අසාර්ථක පොලිස් මෙහෙයුම නිසා යට යනු ඇත.."
දිට්ඨධම්මවේදනීය කර්මයක් ඇස් පනා පිට!!! අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. අපරාධකරුවන් හට නීතියෙන් මරණ දඬුවම නුදුන්නත්, කෙසේ හෝ ඔවුන්ට එය ලැබෙන බවට ප්‍රත්‍යක්ෂ කරන සිදුවීමකි. කෙනෙකුගේ මරණය සතුටට කරුණක් නොවිය යුතු නමුත්, මෙය නම් රටටම හා අනාගත පරපුරට වූ යහපතක් බව නම් නොකියාම බැරිය. ඉතිරි අපරාධ කරුවන්ද, කුඩු ජාවාරම් කාරයින්ද නීතියෙන් හෝ අවනීතියන් ජන සමාජයෙන් සදහටම තුරන් වේවා...
මේ සියලුම පාතලයින්ගේ "ගෝඩ් ෆාදර්ලා" හැමදාමත් යහතින් දියවන්නාවේ ඌරු කොටුවේ හිඳිමින්, රටේ මහජනතාවගේ ලේ බොමින්.. කුඩු ගෙන්වමින් යහතින් ජීවිත ගතකරති.
ආ.. ඒ කොහොමද වුණේ අප්පච්චි..?
"කෝ අනේ මෘත ශරීරය?" මම හැමතැනම හොයනවා. අපිට පෙන්නන්නේ නැත්ද? එහා පැත්තේ මේ ප්‍රවෘත්තිය දැකපු ගමන් මට අහන්න හිතුනේ කෝ කියලා. එතකොට පින්තූර ලැබිල නැතුව ඇති කියලා හිතලා නිකම් හිටියා. මාකඳුරේ මධුෂ්ගේ බිරිඳ ඒක අඳුර ගත්තලු. බලන්නකෝ. සාමාන්‍යයෙන් මෙහෙම වුණාම ඉස්සෙල්ලම පෙන්වන්නේ මෘත ශරීරය... කෝ ඒක? අතුරුදහන් වුණාද? පිටරට ගියාද? ගරු පිණිස හැංගුවද? නැත්නම් එය ප්ලාස්ටික් සැත්කමකට ගෙනිච්චද? පිස්තෝලත් තියෙනවා. වෙඩි වැදුණු ත්‍රීවීල් එකකුත් තියෙනවා. හරිම ත්‍රාසජනක චිත්‍රපටියක් වගේ නේද? හැබැයි අධක්‍ෂණය සෑහෙන්න අතාත්විකයි. මේකේ අධ්‍යක්ෂණය ශ්‍රී ලංකා පොලිසිය වෙන්න බැහැ. පොලිසිය දන්නවා තාත්විකව මේ වැඩේ කරන්න. මේක නවක අධ්‍යක්ෂකවරයෙකුගේ වැඩක්. ඊළඟ චිත්‍රපටියේ ප්‍රධාන නළුවා කන්ජිපානිද?
මේ මාසේ 28, ඇමරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ ලංකාවට එනකොට, 20 සම්මත කරගෙන ඇමරිකන් පුරවැසියෙක් විදිහට ලංකාණ්ඩුව වෙනුවෙන් එම්සීසී සහ සෝෆා ගිවිසුම් අත්සන් කරන්න ආණ්ඩුව දඟලන දැඟලිල්ලේ තරම මාකඳුරේ මධුෂ් චිත්‍රපටයෙනුත් පෙන්වනවා. රටේම ඇස ඇරවපු, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ, පූජ්‍ය බෙන්ගමුවේ නාලක හාමුදුරුවෝ සහ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ ඇතුළු හාමුදුරුවරු 6 දෙනාගේ ලියුමෙන් පස්සේ දැන් ජනාධිපතිවරයා ද්විත්ව පුරවැසියන්ට ඉඩදීමේ වගන්තිය හැර අනිත් ඒවාට "එකඟලු." අරකට එකඟ වෙන්නේ නැත්තේ 20 සම්මත වුණු ගමන් 19න් ද්විත්ව පුරවැසියන්ට තිබ්බ අවහිරය ඉවත් වෙලා ඔහුට ඇමරිකන් පුරවැසියෙක් විදිහට තනතුරේ ඉන්න පුළුවන් නිසා සහ ද්විත්ව පුරවැසියන් වන කොටි ඩයස්පෝරාව, ඉන්දියානු, මුස්ලිම්, බටහිර ඇතුළු සියලු ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න අනිත් ඇමරිකන් පුරවැසියා එකඟ වෙලා නිසා... ද්විත්ව පුරවැසි පාර්ලිමේන්තු වරම පිටිපස්සේ ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා. ඒ ගැන ඉංග්‍රීසි වෙබ් අඩවියකට ලිව්වා. මෙතනට එවපුවා තාම වැටිලා නැහැ. එම්සීසී සහ සෝෆා ගිවිසුම් අත්සන් කරන්න හදන්නේ ඇඳිරි නීතිය දාලා කිව්ව එකත් හරි යන ලකුණු පේනවා...
මේ වගේ අපරාධකරුවෙක් කොහොමද එළියේ සිටියේ?
මාලා නාට්‍යයේ මීලඟට කන්ජිපානි, ලඩියා, පාස්කු අවසන් කොටස් කිහිපය...
2020 හොඳම චිත්‍රපටිය... එතකොට හොඳම නලුවා කවුද?
මදූෂ්ගේ චිත්‍රපටිය අසාර්ථකයි. ගැලරියත් හිස්... සෙනගත් නැහැ.
මධුෂ්ගේ අවසන් රංග භූමියේ රඟපා අැත්තේ ඔහු නොව පොලිසියයි. අන් කවරදාටත් වඩා මෙවර රංගනය ගැන විවේචන ද එල්ල වී ඇත. විනය තිබිය යුතුම ආයතනය අනාගත් හැටි.