








රිය අනතුරකින් මරණයට පත් බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වා පාංශකූල කටයුතු මහා සංඝරත්නය විසින් අද (11) පස්වරුවේ සිදු කෙරිණි.
අවසන් කටයුතු සඳහා සරත්චන්ද්‍ර මහතාගේ පවුලේ ඥාතීන් ඇතුළු පොලිසියේ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.
බම්බලපිටිය ප‍්‍රදේශයේ දී පසුගිය 24 වැනිදා සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි සරත්චන්ද්‍ර මහතා සෙනසුරාදා (9) අභාවප‍්‍රාප්ත විය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
COMMENTS
යුනිෆෝම් ගහන ඉන්න කට්ටියම ලැජ්ජ වෙන්න ඕනේ... තමන්ගේ සගයා මරපු අයගේ මවිලක් හොල්ලන්න බැරි වුණාට...
නොහික්මුණු පාදඩ බේබද්දන්ගේ අසීලාචාර හැසිරීම්වල අවසන් ප්‍රතිඵලයක් වශයෙන්ම "මුළුමහත් සමාජයේම සාපයට ලක්වූ නමුත් වීරයන් සේ ඇප ලබා එළියට පැමිණි එම කාලකන්නින්ගේ ඇස් ඉදිරිපිටම " අවසන් ගමන යන මෙම නිලදරියාට නිවන් සුව අත්වේවා !!! මෙවන් නීතියට අවනත නොවෙන බූරුවන් ඉන්න සමාජයක යලි නොඉපදෙවා !!!
පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය කට අරින්නේ උසස්වීම් සහ පඩි වැඩිකිරීම් සදහා විතරද?
මරණ දඩුවම කියාත්මක කරන්න. නැත්නම් අලුත් නීති හදලා හරි ක්‍රියාත්මක කරන්න.
ජනාධිපතිතුමනි මෙම නිලධාරියා අනතුරට පත්කළ අයට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න.
ඔබට නිවන් සුව ලැබේවා!!! යලි කිසි දිනක ලංකාව වගේ මිනිස්සු ඉන්න රටක නොඉපදේවා!!!! දරුවන්ට තාත්තා කෙනෙක් නැති කරපු, බිරිදට තම ස්වාමියා අහිමි කරපු අපරාධකාරයන්ට තියන ලොකුම දඩුවම ලබා දෙන්න..
රවීන්ද්‍ර, මෙය ශෝකජනක අවස්තාවක් වුනත්, ඔය කියන අයට මේක ලොකුදෙයක් නොවෙයි.
නිවන් සැප ලැබේවා කියලා නවතින්නේ නැතුව ඔය වාහනේ ගමන් කළ සියලු දෙනාම මෙම මරණයට වගකිවයුතුයි යන්න පෙන්වා දෙන්න. බේබද්දෝ, මත් පෙති බීපු නොහොබිනා ළමයින්ගෙන් පිරුණු මෙම ජීප් රථයේ සිටි සියලු දෙනාටම මිනී මරුවන් හැටියට චෝදනා ගොනු කරන්න. මේ අයව සමාජයෙන් අවුරුදු විස්සකට වත් ඈත් කර තබන්න.
දේශපාලන බලයෙන්... නිලධාරි බලයෙන් මුදල් බලයෙන් මෙලොවදී බේරී සිටිය හැකිය. නමුත් ස්වභාව ධර්මයෙන් බේරීම හා පරලොව පව්පොතේ ලියවීම කෙසේවත් මකාදැමිය නොහැක. ඒවාට කවදා හෝ විපාක ලැබෙනු ඇත. මෙය සිදුකළ අයටද ජීවත්ව සිටින මොහොතක් පාසා මෙය සිතට එනු ඇත. එම විඳවීමද පහසු නොවේ.
මැති ඇමැතිවරුන්ගේ අසීලාචාර ඩිෆෙන්ඩර් සංස්කෘතියේ ප්‍රතිඵලයක් ලෙස මේ නිලධාරියට ජීවිතෙන් සමුගන්න සිදු වුණ මේවට එරෙහිව පියවර ගන්න කෙනෙක් මේ රටේ ඉන්නවද? රටේ අවාසනාවද මේ?
බමුණුආරච්චි කෝ?
මේ රටේ දරුවෙක් වෙලා හරි ඉපදෙන්නේ පෙරකළ කරුමෙකට... නීතිය බල්ලට ගිය නඩු කාරයොත් පගා ගහන ලෝකෙන් උතුම් රට..අනේ මගේ කට.. දැන් කව්ද මේ අසරණ දරුවන්ට තාත්ත ගෙනත් දෙන්නේ.. පොලිසියේ උසාවියේ පිහිටෙන් ගෙදර...
රටේනිතිය අනුවම මේ බේබද්දන්ට නීතිය අනුව කටයුතු කරන්න බයද... ඔය ඇමතිලා පුත්තු කියන අයට තියෙන්නේ පුදුම උණක්.
මේ දේ සාමාන්‍ය මිනිහෙක් අතින් වුනා නම් කොහොම වෙයිද?
කෝ මේ බමුනුතුමා.? හැම පාඨක අදහසකටම මැදමුලන ප්‍රතිභාව පෙන්වනවා. කෝ මේකට අනේ අපොයි කියලාවත් නැහැ. අපිට නම් සමාජයේ කාගේ වුනත් ජීවිතයක් අකාලයේ නැති වුනොත් හිතේ කනගාටුවක් ඇතිවෙනවා. සමහරවිට මෙතන කොටන වෙලාවේ ලොක්ක එක්ක මළගෙදරට සෙට් වෙන්න ඇති .
මේ අනතුරට සම්බන්ධ රථයේ සිටි සියළු දෙනාම කොකේන් පරීක්ෂාවට ලක්කල යුතුයි