‘‘ළඟම පාසල හොඳම පාසල‘‘ වැඩසටහන යටතේ පාසල් 500 කට විද්‍යා හා තාක්ෂණික ගොඩනැගිලි ලබාදීම අද (09) දිවයින පුරා ක්‍රියාත්මක වූ අතර බියගම මැතිවරණ කොට්ඨාසයේ අල් - මුබාරක් ජාතික පාසලේද තෙමහල් ගොඩනැගිල්ල විවෘත කෙරිණි.
ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම තෙමහල් ගොඩනැගිල්ල විවෘත කෙරුණු අතර මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, විදුහල්පති මොහොමඩ් හසීම් , ප්‍රදේශීය ලේකම්වරිය, ආදී ශිෂ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
(ඡායාරූප - ඩික්සන් වසන්ත)





COMMENTS
තව කරන්න ඇමතිතුමා, තව කරන්න, අරාබියෙන් සල්ලි ගලන ඉස්කෝල වලටම කරන්න
මොන කෙහෙල්මලකටද සිසු අයිතියකට දෙන්නේ? රජය භාරයේ තියාගෙන වහලේ තෙමෙනකොට ඇවිත් හදල දෙන්න? ඔය සිසු අයිතියට දුන්නු නිසා වෙන්න ඇති වහල තෙමෙන ඉස්ස්කොල දිහා පැත්ත වත් නොබලන්නේ?
විද්‍යාගාරේ එළියෙන් ෆොටෝ එකක් නැනේ
මාෂා අල්ලාහ්. තව තවත් දියුණු වේවා
ඕකට මුස්ලිම් නොවන වෙනත් ජාතික ආගමික සිසුන්ට යන්න බැරිද? කරුණාකර දන්නා කෙනෙක් එළි කරන්න .
සජිත් වෙනුවට මෙයාව ගෙනෙන්න පුරුදු කරනවා වගේ? හොඳයි හොඳයි, අපේ පළාතෙත් තියෙනවා පොදු වැසිකිලියක් ජනතා අයිතියට පවරන්න.
ඔය වගේම දුරස්ථ ගම්බද පාසල්වල පානීය ජලය සහ වැසිකිලි පහසුකම් ඉස්සරලම හදල දෙනවද? ඒවා තවම කල්කටාවේ වගේ...