



(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 61 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවය පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 10 , ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී අද (25) පැවැත්විණි.
මෙය 'බණ්ඩාරනායක ප්‍රත්‍යාවලෝකනය' ලෙස නම් කර තිබිණි. මෙහිදී හිටපු ජනධිපතිවරයා ඇතුළු නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු බණ්ඩාරනායක පිළිරුවකට පුෂ්පෝපහාර දැක්වුහ.
පක්ෂයේ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසින් රචනා කරනලද “බණ්ඩාරනායක ප්‍රත්‍යාවලෝකනය” නමැති කෘතිය ඒ මහතා හිටපු ජනාධිපතිවරයාට පිළිගැන්වුහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරේන් රාගවන්, ශාන් විජයලාල්, අන්ගජන් රාමනාදන් ඇතුළු මැති ඇමැතිවරු ද පක්ෂ ක්‍රියාකාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
ශ්‍රීලනිපය කාබාසිනියා කළ කෙනාම අද එහි නිර්මාතෘ සමරන අපූරුව. කාවද මේ රවටන්නේ .. දන්නෝ දනිති.
ශ්‍රී ලනිපය විතරක් නෙමෙයි මුලු ලංකාවම කාබාසිනියා කරපු කෙනා. ඒ විතරක් නෙමෙයි දැනුත් මහජන මුදලින් මොවුන්ගේ පවුල් නඩත්තු කරන්නේ. ඉතින් රටකට දියුණුවක් තියෙයිද?
පේනවා නේද හොරා වගේ බිම බලාගෙන ඉන්න විදිහ..? අනේ බණ්ඩාරනායක මහත්තයාගේ පක්ෂයට කළ දෙයක්...!!!
රෙද්දකුත් ඇඳගෙනද දන්නෑ සහභාගී වුණේ?
ඔය ඉන්නේ ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ. ලංකා ඉතිහාසයෙන් විතරයි මේ වගේ මේ වගේ අය හොයාගන්න පුළුවන්....
ඇයි මේ වගේ විිහිළුකාරයින්ට එන්න කියන්නේ..?
අයියෝ සිරිසේන, මොකද අනේ ඔයාට වුනේ.
මේ වගේ මනුස්සයෙක් මුළු ලෝකයේවත් නැතිව ඇති.
චන්ද්‍රිකාට ආරාධනයක් නැතිවා වගේ නේද?
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයේ සහ සිරිකොත ගොඩනැගිලි දෙකම මරණාධාර සමිතියකට පරිත්‍යාග කළා නම් හොඳයි. ඒ පක්ෂවල නිර්මාතෘවරුන්ට පින් හරි සිද්ද වෙයි.
ඔව් සමිත, සුදෝ සුදු වතින් සැරසුන " ගෝඩ් ෆාදර් " ගේ රඟපෑම නියමයි. ඇල්වතුරත් නිවලාලු බොන්නේ.
ශ්‍රීලනිප කියල පක්ෂයක් දැන් නැති බවයි පේන්නෙ. දියවීයන ෂක්ෂය රැකගැනීම වෙනුවට බලලෝභය වැඩිකමට කට්ටියම පොහොට්ටුවට හේත්තුවෙලා ඉතිරිටිකත් කාලා දැම්මා. චන්ද්‍රිකා මැතිණිය බණ්ඩාරනායක අනුස්මරණ දිනයේ කියන ලද දේ අහගෙන ඉන්න ඇතිනේ.