
(වාරණ ආනන්ද ජයකොඩි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 61 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් තිහාරිය දූල් මල ඉස්ලාමීය විශේෂ පාසල සංවිධානය කරන ලද ගුණසමරු උත්සවයක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (26) දහවල් එම විද්‍යාලයේදී පැවැත්විණි.
එහිදී හිටපු ජනාධිපතිනිය විසින් එහි ඉගෙනුම ලබන විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් හට පෝෂණ ආහාර බෙදාදීම හා පැළවර්ග බෙදාදීම සිදු කරන ලදී.
මෙම විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් සේවයකර රජයේ සේවයෙන් විශ්‍රාමගොස් ඇති හිටපු විදුහල්පති S.I.M. හලීල් මහතා නව පාලක මණ්ඩල කළමනාකරු වශයෙන් තෝරා පත් කරගෙන සිටින අතර එයට අදාළ පත්වීම් ලිපියද හිටපු ජනාධිපතිනිය විසින් ඒ මහතාට බාරදීම සිදුකළාය.
මේ අවස්ථාවට විදුහල්පතිනි එම්.එස්. හයිරු රිෆායා මහත්මිය ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ සහ පාලක මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ සහභාගි වූහ.


COMMENTS
පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලකයින්, පොහොට්ටු දේශපාලකයින් පුදුම විදිහට මුස්ලිම්, ඉස්ලාම් ජනතාවට සලකන්නේ. සිංහල බෞද්ධ මිනිස්සුන්ට පින් මදි වෙන්න ඇති ඒ සැලකුම් ගන්න.
වියළි ආහාර? මොනවද දුන්නේ, පරිප්පුයි, පොලුයිද?
රැවටෙන්න එපා. සිංහලයා බොහොම ඉක්මණට රැවටෙන්න පුළුවන් ජාතියක්. ලෝකයේ මොනවද වෙන්නේ කියලා ඇස් ඇරලා බලන්න.
තිහාරිය ඓතිහාසික ගමක් සම්පුර්ණයෙන්ම මුස්ලිම්කරණය වුනේ කොහොමද.?
මුස්ලිම් ජාතිකයින් කියන්නේ තව අවුරුදු 75 කින් ඉබේම සිද්ද වෙන දෙයක් කඩිමුඩියේ ලබා ගන්න ගිහින් සහරාන් වැඩේ අනාගත්තා කියලා. සිංහලයෝ රවටලා ඕනෙම දෙයක් ලබාගන්න පුළුවන්.