
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පොල්, කිතුල්, තල් ,රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රීත කාර්මික භාණ්ඩ නිෂ්පාදන , අපනයන විවිධාංගිකරණ රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා පොල් කැඩීමට යොදා ගන්නා උපකරණයක් යොදාගෙන ්සිය ඉඩමේ පිහිටි පොල් ගසකට නැග අද (18) පොල් කැඩනු ලැබීය.
මෙම පොල් කැඩීමේ උපකරණය වරකාපොල අංක 86 මැණික්කඩවල ප්‍රදේශයේ පදිංචි උපුල් කුමාර මහතා විසින් නිර්මාණය කර ඇත.
පොල් කැඩිමේ උපකරණය පොල් ගසට සවිකර පාද හා දෑත් ආධාරයෙන් ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇත.
මෙම උපකරණය නිපදවූ උපුල් කුමාර මහතා මේ පිළිබඳව මෙසේ පැවසීය.
“ වසර 20 කට පෙර මම ඇස් දෙකෙන් දැක්කා පොල් කඩන අයෙකු ගසින් ඇද වැටී මරණයට පත්වනවා .එයින් මා කම්පා වී මේ ගැන විවිධ අවස්ථා වලදී පොල් ගසට නැගීමට උපකරණ කිපයක් හැදුවා.
නමුත් එයින් සාර්ථකම උපකරණය වුනේ මෙයයි .පොල් ගසට නගින පුද්ගලයාට කිසිම කරදරයක් නැතිව විනාඩි කිපයක් ඇතුළත පොල් කඩා දමා නැවත පහසුවෙන් පහළට පැමිණීමට හැකියාව ඇත.
මෙම උපකරණය සුදු යකඩින් නිෂ්පාදනය කර තිබෙන නිසා මල බැඳීමක් සිදුවන්නේ නැහැ .
ඒ සමගම පිරිමි පුද්ගලයින්ට පමණක් නොව කාන්තාවන්ටත් කිසිම බියක් නැතිව මේ උපකරණය ආධාරයෙන් පොල් කඩන්නනට හැකිවීම විශේෂත්වයකි.
මෙය අද දවසේ පොල් ඇමැතිවරයාට පළමු වරට ක්‍රියාත්මක කර පෙන්වා ඉන්පසුව ඉදිරියේදී වෙළද පොලට හඳුන්වා දීමට කටයුතු කරනවා‘‘ යැයි ඔහු පැවසීය.
මෙම උපකරණය ආරක්ෂිත ක්‍රමවේද වලට අනුව නිපදවා ඇති බවත් උපකරණය ඉදිරියේදී වෙළඳ පොලට හඳුන්වාදීමට කටයුතු කරන බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසීය.




=======================================================================================


(ඡායාරූප - හේමලතා ඩි හේවගේ)
COMMENTS
මේ දිනවල ලංකාවේ පවතින පොල් ගෙඩියක මිල ඉතා ඉහළය. සමහර විට රාජ්‍ය ඇමැති එලොව පොල් සොයායාමට දරණ උත්සාහය කෙසේ වෙතත් ගස් නගින උපකරණය සමග රක්ෂණයක් ලබාදීමටත් කටයුතු කරන්න.
කලින් හිටපු ඇමති පොල් මිල අඩු කරන්න පොල් මද ගෙනැල්ලා අනාගත්තා. ඒ මදවලින් යවපු DC ආපසු එව්වා. පොල්වතු හිමියෝ වතු නඩත්තු කරගන්න බැරිව වික්කා. මම අද දැක්කා ඔහු සිරිකොතෙන් යන්න බඩු අස්කරනවා කියලා... ඔබතුමා බොහොම නුවණක්කාර විදියට හිතලා තියෙනවා පොල් පිටරටින් නොගෙන්වන්න... ඔබට ජයවේවා!!!.
දියවන්නාවේ භූත මාලිගාවේ ඉන්න මන්ත්රීලාට, ඇමතිලාට මේවා නුපුරුදු දේවල් නොවෙයි. භූත මාලිගාවේ ටෙම්පරි ජොබ් එකට එන්න ඉස්සර ඔය කට්ටියගෙන් වැඩි හරියක්ම කලේ රෑට හොර පොල් කඩන්න ගස් බඩගාපු එක.. හැබැයි මෝඩ බයියන්ගේ ඡන්දයෙන් දියවන්නාවේ භූත බංගලාවට ගියාට පස්සේ ඒ ඉතිහාසය ඉබේම අමතකවෙලා යනවා. ඊට පස්සේ නමට ඉස්සරහින් සද්ගුණවත්.. ඊට පස්සේ.. තුමා කෑල්ල දානවා . කොහොමහරි මෙයත් එතනෝල්වලට සම්බන්ධ කෙනෙක් නිසා පොල් ගහට නගින එකේ වරදක් නැහැ.
කොහොමත් දංකොටුවේ පොල් තමා කැඩුවේ.. පිනට පත්වුණු ඇමැතිලා. කිසිම දැනුමක් නැහැ.
ලැයිස්තුවේ ඊළඟට ඉන්න කෙනා දැනුවත් කරලා නේද නැග්ගේ?
මෙතුමා කිතුල් සම්බන්ධයෙනුත් ඇමති නිසා කිතුලකට නැගලා මලක් කඩනවා පෙන්නුවොත් නරකද? ඒ වගේම මිනිසුන්ට කිතුල්මල් මැදීමට තිබෙන අවහිරතා හඳුනාගෙන ඒවා ඉවත්කිරීමට කටයුතු කළොත් හොඳයි නේද? කිතුල් මදින අයට රා ටිකකුත් පෙරා ගැනීමට දුන්නොත් අවශ්‍ය අයට ලොක්කන්ගේ පින්තූර එල්ලාගෙන පෙරන වසවිෂ සහිත දේවල් නැතිව හොඳයි කියලා පිළිගැනීමක් තියෙන රා ටිකක් බොන්නත් පුළුවනි...
සුදුස්සා රස්සාව තෝරගන්නවා වගේම සමහරවිට රස්සාවත් සුදුස්සා තෝරගන්නවා.
රා පෙරන අයටත් යොදා ගත හැක.
අලුත් විදිහේ සෙක්කුවක් එහෙම හැදුවොත් මමත් යනවා බලන්න..
වෙන රටවල ඇමතිවරු කන්තෝරුවල කෝව්ඩ් පසු සමයේ තමරට පෙරට ගැනීමට දිරි දෙනවා. අපේ අය ගස් නගිනවා. අපොයි අපට ගිය කලක්...
මෙයා ඔය උපකරණයෙන් එතනෝල් කැඩුවත් පුදුමයක් නොවේ.
ඇමතිකම් කළත් පරණ රස්සාවටම යන්න වුණු එකනේ පුදුමේ...!!!
ඉතින් අර හාදයා ගස් නැග්ග එක, ඒදණ්ඩේ ගිය එක ගැන කතා මොකටද? තවත් ලූස් පොරවල් ඉන්නකොට...