




(චමිල් රූපසිංහ)
අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ එම පාර්ශවයේ භික්ෂූන් වහන්සේ පිරිසකට කොවිඩ් මර්ධන එන්නත ලබාදීම මහනුවර ජාතික රෝහලේදී සිදු කෙරුණි.
ජනපති හා අගමැති උපදෙස් මත මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය පක්ෂයට කොවිඩ් එන්නත ලබාදීම ආරම්භ කරමින් අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ලේඛකාධිකරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමි ඇතුළු භික්ෂූන් වහන්සේ පිරිසකට මෙදින එන්නත් ලබාදීම සිදුකළහ.
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ සියලු භික්ෂූන් වහන්සේලා වෙත එන්නත ලබාදීමට පියවර ගන්නා බව බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම් මහචාර්ය කපිල ගුණවර්ධන මහතා පැවසු අතර මල්වතු මහ විහාරයේ වැඩවාසය කරන මහ සංඝරත්නය සඳහා 24 දින කොවිඩ් එන්නත ලබා දීමට සැළසුම් කර තිබෙන බවද කපිල ගුණවර්ධන මහතා පැවසිය.
COMMENTS
පසුගියදා චම්පික රණවක වෛද්‍යවරුන් පිරිසක් ඉදිරියේ මෙසේ කියා සිටියේය. ඔහු කියා සිටියේ දැන්වත් රටවල් විශේෂයෙන් කැනඩාවට අවශ්‍ය ප්‍රමාණයට වඩා 10 ගුණයකින් කොවිඩ් - 19 එන්නත් ඇනවුම් කර ඇති බවකි. ඒ පිළිබඳව අප සොයා බැලුවෙමු. කැනඩාව පසුගිය වසරේ සංගම් 6ක් සමග එන්නත් මිලදී ගැනීම පිණිස ගිවිසුම් ගතවිය. ඒ සඳහා ඩොලර් බිලියනයකට වැඩි ප්‍රමාණයක් වෙන්කොට ඇත. කැනඩාව එසේ කරන ලද්දේ හේතුවක් ඇතිවයි. එනම් සමාගම් 6ක් සමග ගිවිසුම් ගත වුවද අවසාන සාර්ථක එන්නතක් නිපදවන්නේ කුමන සමාගම්ද කියා කිසිවකු නොදත් නිසා කැනඩාව එසේ කළේය. එසේ කළේ කැනඩාවේ අගමැතිවරයා ජනතාව වෙනුවෙන් ඔහුගේ වගකීම සහ වගවීමක් තිබෙන අගමැතිවරයකු වීම නිසා පමණක් නොව ඒ වනවිට වැක්සීන් ලබාගැනීම සඳහා තිබූ තියුණු තරගය නිසාවෙනි. එපමණක් නොව බොහෝ සමාගම් සඳහා කැනඩාව මිලියන ගණනක් මුදල් ලබා දුන්නේ කෝවිඩ් 19 එන්නත් සඳහා පර්යේෂණ කරමිනි.
එපමණක් නොව මිලියන 175 ක් සඳහා සහ වෙනත් වෛද්‍ය උපකරණ සඳහා ගිවිසුම් ගතවිය. W.H.O. ලෝකයේ දුප්පත් රටවල් වෙනුවෙන් කරන්නා වූ සේවය සඳහා දැන්වත් රටවල් ඩොලර් බිලියන ගණනින් මුදල් ලබාදේ. W.H.O. මගින් ලංකාව වැනි දුප්පත් රටවල සෞඛ්‍යය සහ ලෝකයේ දියුණු රටවල් ප්‍රබල, නොපෙනෙන සහ එම රටවල් ප්‍රසිද්ධියේ නොකියන්නා වූ දායකත්වයක් ලබාදේ...
පූජ්‍ය පක්ෂය මහජනයා සමඟ එකඑල්ලේ සම්බන්ධ නොවේ. ඔවුනොවුන් සමඟ සමීපව කටයුතු නොකරයි.. ඊට පෙර වැඩ කරන ප්‍රජාව ඇතුළුව පාසල් කාර්ය මණ්ඩලයට එන්නත ලබා දිය යුතුයි...
ප්‍රමුඛතාවය දිය යුත්තේ පවුල් රක්ෂා කරන්න එදිනෙදා සමාජයේ හැපෙමින් පොදු ප්‍රවාහන භාවිතා කරන බදු ගෙවන මහජනයාට නේද?
ෆුඩ්සිටියේ බඩු කිරන නංගිලාට කළින් මහා සංඝ රත්නෙට මේක දීම ගැන අපගේ ශෝකය...
මේක බෞද්ධ රටක්... අනිවාර්යයෙන්ම කරන්න ඕනෑ වැඩක්. එතකොට තමයි ලබන සැරේ ඡන්ද ගන්න පුළුවන්...
ඔව්, හාමුදුරුවරු මොනවාහරි බෙදනවා කිව්වොත් මලු අරගෙන එයි අරගෙන යන්න, ඔබලා ඔක්කෝටම තියෙන ප්‍රශ්නේ හාමුදුරුවරුන්ට මේක දෙනඑක නේද? අනික මේකේ පිනට හම්බ වුණු දෙයක් මිසක් ඔබලාගේ බත් මුල වගේ හම්බ වුණු එකක් නොවෙයි.
එන්නත ලබා ගත් අයට කොරෝනා බෝවීමක් නැද්ද..? ඒ අයගෙන් අන් කෙනෙක්ට කොරෝනා බෝවීමකුත් එහෙම නැතිද..? ඒ අය ඉන්පසු මාස්ක් එකක් පළඳින්නත් වුවමනා වන්නේ නැහැ නේද..?