(ජේ.කේ.එල් චාමින්ද)
කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරිම සදහා විෂබීජහරණ කුටියක් නිර්මාණය කිරීමට කටයුතු කරඇති බැව් නාවික හමුදාව පවසයි
විෂබීජ හරණ කුටිය මගින් එකවර මුළු ශරීරයේම විෂබීජහරණය කිරීමට හැකියාව ඇති බව නාවික හමුදාව පෙන්වා දෙයි.
මේ වන විට මහජනතාව ගැවසෙන පොදු ස්ථාන මෙන්ම පෞද්ගලික ආයතන පරිශ්‍රයන්ද කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටීන බව පෙන්වා දෙන නාවික හමුදාව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ඉංජිනේරු කාර්මික නාවික පුද්ගයින් පිරිසක් විසින් මෙම විෂබීජහරණ කුටිය නිර්මාණය කර ඇති බවද පවසයි.
දැනට නාවික හමුදා කඳවුරු කිහිපයකම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනු ලබන අතර ඉන් එක් යන්ත්‍රයක් නාවික හමුදා මූලස්ථානයට ඇතුළු වන ප්‍රධාන දොරටුවෙහිද ස්ථාපනය කිරීමට කටයුතුකර ඇති බවද නාවික හමුදාව පවසයි.
නාවික හමුදා සමාජිකයින් රටේ පවතින වාතාවරණය මත අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා කඳවුරු වලින් බැහැරව රාජකාරි සිදු කර නැවත පැමිණීමේදී ඔවුන් විෂබීජ හරණය කර සෞඛ්යාරක්ෂිත වටපිටාවක් කඳවුර තුල පවත්වා ගැනීම තුලින් නාවික හමුදාවේ නිරෝගිමත් මානව සම්පතක් පවත්වා ගැනීමත් මෙවැනි අවස්ථාවක ඉතා අත්‍යාවශ්‍ය කරුණක් බවද නාවික හමුදාව පවසයි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව මෙකි විෂබිරහරණ කුටිය නිර්මානය කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාවික හමුදාව විශිෂ්ඨයි...
ඔබලාගේ දායකත්වය අප හදින්ම අගය කරන්නෙමු. ඔබ සැමට යහපතක්ම වේවා !! ඔබලාව ලක්මවට දායාදකලා ඒ සියලුම දෙමාපියන්ට පිං අයිති වේවා...!!
Hello! මෙවැනි කුටියක් සාදා ගැනීමට උවමනාව කර තිබේ. ඇමතීමට අංකයක් ලබා දෙන්න
උත්තමාචාරය ජාතියේ වීරයෝ.
මෙහි Exshost එක පොළොව තුළ කුටීර 2 ක් සාදා ඒ ඇතුළට යවන්න.
ඕක පටන්ගත්තේ වියට්නාමයේ. ඕක එහේ අසාර්ථකයි. මොකද ඕකෙන් ඒ වෙලාවට විශබීජ ඉවත් වුණාට වෛරසය තියෙන අයෙකු ගේ ශරීරයෙන් ආපහු විෂ්බීජ පැතිර යනවා. අනික ඕකට යොදාගන්නා කෙමිකල් මොනවාද? ඒව මිනිස් සිරුරට හිතකරද?
අපේ විරෝදාර රණවිරුවනි, ඔබලා ඇතුළු සියලුම වෛද්‍ය කාර්යය මණ්ඩලය හා මේ වෙලාවේ සියලුම කාර්යයන් සදහා උරදී සිටින අපගේ විරුවනි, ඔබලාට සියලු දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා ! ඔබලාට ත්‍රිවිද රත්නයේ පිහිට හා ආරක්ෂාව ලැබේවා! තෙරුවන් සරණයි !