IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නවීකරණය කළ දුම්රිය මැදිරි නුවර යයි

(රේඛා තරංගනී ෆොන්සේකා)

මැදිරි දෙසීයක් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව සහ තත්ත්‍රි ට්‍රේලර්ස් පුද්ගලික සමාගම එක්ව නිමවු වසර විසිපහක් පැරණි දුම්රිය මැදිරි නවයක් අද (18) මරදාන දුම්රිය පොළෙහි දෙවන වේදිකාවේ සිට නුවර දක්වා පෙර පරික්ෂණ චාරිකාවක් ඇරැඹිය.

මෙම පරික්ෂණ චාරිකාවට දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධාන ධාවන බල ඉංජිනේරු සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ නිලන්ත ප්‍රනාන්දු මහතා එක්ව සිටි අතර වසරක් දෙකක් ඇතුළත කපා ඉවත් කිරීමට වෙන තරමට අබලන්ව තිබු බව කියන එම අලුත්වැඩියා කළ මැදිරි තව වසර පහළොවක් පමණ ධාවනයේ යෙදවිය හැකි තරමට නවීකරණය කර ඇති බව ඒ මහතා පැවසීය. 

2015 වසරේ යෝජිත අයවැය යොජනාවකට  අනුව දේශිය කර්මාන්තකරුවා නගා සිටුවීම සහ දිරි ගැන්වීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙ බවද ඒ මහතා පැවසීය. මැදිරි පන්සියක අවශ්‍යතාව සපුරණු පිණිස මුලික අධියරේ මැදිරි 200 නිමවීමට මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාවට නංවා ඇති බව පවසන නිලන්ත මහතා මසකට මැදිරි පහ බැගින් නිමවීමට සැළසුම් කර ඇති බව පැවසීය.

ඒ අනුව දුම්රිය මැදිරියේ රෝද  තිරිංග පද්ධතිය වැනි මගී ආරක්ෂාව සලසන යාන්ත්‍රික කොටස් දුම්රිය දෙපාර්තමේන්තු ඉංජිනේරු කණ්ඩායම නිමවන අතර මගී ගමන් පහසුව සලසන මැදිරි සුව පහසුවට සලසන මැදිරියේ ඇතුළත කොටස් තන්ත්‍රි ට්‍රේලර්ස් ආයතනය නිමවු බවද දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධාන ධාවන බල ඉංජිනේරුසහ ව්‍යාපෘති අධ්‍යක්ෂ නිලන්ත ප්‍රනාන්දු මහතා  පැවසීය.

විදේශ රටකින් දුම්රිය  මැදිරියක් ආනයනය කිරීමට විශාල මුදලක් වැයවන බව සඳහන් කරන ඒ මහතා අදාළ මැදිරි ප්‍රතිසංස්කරණයට වැය වුයේ එම මුදලින් හතරෙන් එකක් පමණක් බවත් මේ සඳහා සේවකයින් දෙසීයකගේ ශ්‍රම දායකත්වය ලබාගෙන ඇති බවත් පැවසීය.

එමෙන්ම නවීකරණය කළ මෙම මැදිරිවල වැසිකිළි පද්ධතියද ඉතා උසස් තත්වයෙන් නිමවා ඇති අතර සියළු නිමවීම් දුම්රිය දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ දුම්රිය සම්මතයට අනුව නිමවු බවද ඒ මහතා පැවසීය. 

නවීකරණය කළ දුම්රිය මැදිරි දුම්රිය අංක තිස්පහ යටතේ කොළඹ කොටුව නුවර පසු දින නුවර මාතර සහ මාතර සිට කොළඹ දක්වා ‘ධාවනය කිරීමට නියමිත බව වැඩිදුරටත් පැවසීය.


 



අදහස් (36)

නවීකරණය කළ දුම්රිය මැදිරි නුවර යයි

naushi Sunday, 18 March 2018 08:45 AM

අගය කලයුතු ක්‍රියාවක්. ඉදිරියටත් මෙලෙස කටයුතු කරන්න

:       0       423

upul Sunday, 18 March 2018 09:23 AM

ඉතාම හොද කටයුත්තක්.අනුරාධපුරයට දැනට ධාවනය වන කැරපොත්තන් නැති අලුත් මැදිරි කිහිපයක්හරි දෙන්න බලන්න.

:       0       207

Rasi Sunday, 18 March 2018 09:43 AM

මම හිතන්නේ, පැහැදිලි දර්ශනයක් සහ ප්‍රතිපත්තියක් තිබෙනවා නම් මෙවන් වූ රාශියක් වැඩ මේ රට තුල කල හැකි බවයි. අවශ්‍ය වන්නේ මෙවන් වූ යෝජනා වලට රජයේ අතහිත දීම පමණි. නමුත් අපේ අවාසනාවකට අපේ පාලකයින්ට හැම දේටම විදේශය පමණක් පෙනේ.

:       0       311

menna Sunday, 18 March 2018 10:03 AM

මෙන්න වැඩ... අපි ඔබ සමගයි. ස්ටේෂන්වල තියෙන වැසිකිළිත් පිරිසිදුව තියාගනිමු.

:       0       192

Nalin Sunday, 18 March 2018 10:04 AM

මේ වැඩේ නම් පංකාදුයි. පහුගිය කාලේ කොච්චර දුම්රිය මැදිරි ගෙනාවද? කොච්චර බලවේග කට්ටල ගෙනාවද? ඒත් ගමන් වාර නම් වැඩි වෙලා නෑ දෙක තුනක් ඇරෙන්න. පරණ තිබුණු විදියටමයි තාමත්. දෙමටගොඩ තියන අලුතින් ගෙනත් අහක දාලා තියෙන මැදිරි දැන්මම හදන්න පිළිවෙලක් කරන්න.

:       0       253

shan saudi Sunday, 18 March 2018 10:25 AM

මම හිතන්නේ, පැහැදිලි දර්ශනයක් සහ ප්‍රතිපත්තියක් තිබෙනවා නම් මෙවන් වූ රාශියක් වැඩ මේ රට තුළ කල හැකි බවයි. අවශ්‍යවන්නේ මෙවන් වූ යෝජනාවලට රජයේ අතහිත දීම පමණි. නමුත් අපේ අවාසනාවකට, අපේ පාලකයින්ට හැම දේටම විදේශය පමණක් පෙනේ. පසුගිය කාලයේ සිටි රජයන් 50%වැඩ අඩු අබලන් තත්වයේ මැදිරි ඉන්දියාවට යකඩවලට විකුණූ අතර ඒවා දැන් ඔවුන් නඩත්තු කර ධාවනයේද යොදවා ඇතැයි කියති. රටේ සම්පත් රටේ ශ්‍රම බලකාය යොදවා මෙවන් දේ කිරීම රටට විශාල සහනයක් වනු ඇත.

:       0       77

anura UAE Sunday, 18 March 2018 10:36 AM

අප ඔබ සමග සතුට බෙදා ගන්නෙමු. තව තවත් දිරිමත් වේවා !!!

:       134       400

Roshan Sunday, 18 March 2018 10:41 AM

මෙන්න වැඩ.... මේවා ඉතාමත් අගය කලයුතු දෙයක්...

:       101       248

upasena Sunday, 18 March 2018 11:13 AM

කවුරු හරි කෙනෙක් හොයා ගනියිද දන්නේ නැහැ... චීනයෙන් ඔයිට වැඩිය අඩු මුදලකට ඔය වැඩේ කරන්න පුලුවන් කියලා...

:       3       137

kumar (galf) Sunday, 18 March 2018 11:17 AM

මැතිණියගේ කාලේ "ඒකල කර්මාන්ත පුරයෙන්" දවසට ලංගම බස් හා එන්ජින් 10 ක් විතර සම්පුර්ණයෙන් අලුත්වැඩියා කර ගමනාගමන මණ්ඩලයට බාර දුන්නා. කිසිදෙයක් අහක දැම්මේ නැත.

:       0       253

Raveendra Sunday, 18 March 2018 11:21 AM

ඉතාමත්ම හොඳ දෙයක්. මෙයට සහභාගී වූ සියල්ලන්ටම තවතවත් මෙවන් රටට සෙතක් වන සත්ක්‍රියාවන් කිරීමට ශක්තිය ලැබේවා... !!

:       67       166

anton Sunday, 18 March 2018 11:25 AM

මේවා තමයි අගය කළ යුතු වැඩ... සමහරුන්ට නොතේරෙන යහපාලනයේ වෙනස මේවා තමයි.

:       181       237

janatha anura Sunday, 18 March 2018 12:18 PM

දේශපාලනේ අවශ්‍ය නැහැ. මේක යෝජනා කර ආරම්භ කලේ 2015 බන්ධනාගාරයේ ප්‍රශ්නත් අස්ථාවරයත් නිසා ටිකක් පමා වුනා නමුත් අපි මේවා අගය කරමු

:       14       76

Ranjan Sunday, 18 March 2018 11:26 AM

මැදිරිවල ඇතුලේ පින්තුරයක් තිබුණා නම් වඩාත් හොඳයි..

:       0       106

JCF Sunday, 18 March 2018 12:02 PM

වැඩේ ඉතා හොදයි. QHSSE අංශයක් බිහි කල යුතුව තියෙනවානම් එයට මගේ ප්‍රණාමය.

:       0       1

janatha anura UAE Sunday, 18 March 2018 12:20 PM

මැදිරිවල ඇතුලේ පින්තුරයක් තිබුණා නම් වඩාත් හොඳයි.. අපිත් මුදල් ටිකක් එකතු කරලා එවනවා. හැමදාම ලංකාදීපයම බලනවා මේ තොරතුරු ගෙනාවට..

:       0       47

anura lakshman UAE Sunday, 18 March 2018 12:25 PM

එක දුම්රියක් හෝ වායු සමීකරණය කර ඉදි කිරීමට උත්සාහ කරන්න.. ඔබට ජය!!!

:       0       219

lakshman Sunday, 18 March 2018 12:27 PM

මුළු රටක් ලස්සන කළ හැක්කේ දුම්රියට බව එහි සේවකයන් වටහා ගනිත්වා !!!

:       1       113

krishantha Sunday, 18 March 2018 12:39 PM

ව්‍යාපෘති ඉංජිනේරු මහතාණෙනි.. තාක්ෂණ හා වෘත්තිය පුහුණු පාඨමාලා හදාරන සිසුන් කණ්ඩායම් වල ප්‍රායෝගික පුහුණුව සඳහා මෙම ව්‍යාපෘතියේ වැඩ කිරීමට දෙපාර්තමේන්තු මට්ටමින් කැඳවීම් කර මේ ව්‍යාපෘතිය ඉක්මන් කර ගැනීමට තරුණ ශ්‍රමය ලබා ගැනීමට කටයුතු කළහොත් මසකට 5 ඉලක්කය මසකට 10ක් පමණ දක්වා වැඩි කර ගත හැකිවේවි කියලා හිතනවා..

:       0       122

Thaaraanaath Sunday, 18 March 2018 12:46 PM

එන්.ඩී.ඊ.එස්. කොල්ලෝ තමයි ඉතින්...

:       3       8

kumara Sunday, 18 March 2018 12:49 PM

ඉතාම ආඩම්බරයි මේ වැඩය ගැන. ඕක තමයි වෙන්න ඕනෑ. මීට සියවස් 2කට කලින් වෙන්න තිබුණු දෙයක් ඒ වුනාට හිතාමතාම ඉංග්‍රීසි පාලකයෝ ඒක වෙන්න දුන්නේ නැහැ. සමහරවිට මීට වඩා හොඳට අඩු ගාණකට පිටරකින් ගෙන්න ගන්න පුළුවන්.. ඒ වුනාට අපිට කවදාවත් නැගිටින්න බැරි වෙනවා. මේක තමයි ජපනා කළේ. මගේ උණුසුම් සුබ පැතුම් සියලු දෙනාට...!!!

:       0       28

SKA Sunday, 18 March 2018 01:22 PM

හරිම අගේ ඇති වැඩක්... මගේ ප්‍රණාමය ගරු රම්පාල මහත්මයා හිටියා නම්...

:       0       10

Manjula jayashantha wijayarathna Sunday, 18 March 2018 01:43 PM

ඉතාමත් හොඳ වැඩක්... ඒසී කම්පාර්ට්මන්ට්ස් දැම්මොත් ආදායම තවත් වැඩිවේවි. විදේශිකයින් වැඩි හරියක් ඒසී කම්පාර්ට්ස්මන්ට්ස් හොයනවා. එයාර් බෑග් (සස්පෙන්ෂන්) දැම්මොත් ගොඩක් සුවපහසු ගමනක් යන්න පුළුවන්.

:       0       15

Bandara russia Sunday, 18 March 2018 02:42 PM

නවීකරණ කළාට පරණ යකඩ ගොඩක් ගැන විශ්වාස කරන්න බෑ. ලොකු අනතුරක් වුණු දාට තේරෙයි. එහෙම දෙයක් නොවේවායි හදවතින්ම ප්‍රර්ථනා කරමි.

:       426       4

ranjithTuesday, 20 March 2018 10:51 AM

බණ්ඩාර, දැන් පිටරටින් ගෙනත් තියෙන මැදිරි හැප්පිච්ච වෙලාවලදී මිනිස්සු මැරිලා නැත්ද. නිකන් පම්ප්‍රප්ප්‍රලාප කියන්නේ නැතුව ඉන්න

:       0       43

vipula Sunday, 18 March 2018 04:35 PM

බණ්ඩාර, ඔයා වගේ මිනිස්සු... දැන් ඔයා කියන්නේ ලෝකේ තිබෙන අලුත්ම ඒවගේ යන මිනිස්සු සර්ව අාරක්ෂකයි කියලද? ඔයා ඔහෙටම වෙලා ඉන්න..

:       0       105

කොබා Monday, 19 March 2018 04:31 AM

ඉතා හොඳ වැඩක්, ජපානය දියුණු වුනේ කලට වෙලාවට වැඩ කරන්න පුරුදු වුනේ ජපාන දුම්රිය සේවා කලට වෙලාවට වැඩ කරන්න ගත් නිසා කියනවා, අපෙත් ඒ දෙය කරගන්න පුළුවන් ටිකක් උත්සාහ කලොත්, අවංක වුනොත්, මගී ජනතාවටත් මෙහි වගකීමක් තියෙනවා, මේ දේපොළ හැම දෙයක් ම අපේ මහන්සියෙන් අපේ මුදලින් ගත් දේවල්, ඒ නිසා පරිස්සමින් හොඳින් පාවිච්චි කරන්න, කලින් කමෙන්ට් වල තියෙනවා වැසිකිළි අපිරිසුදු කම ගැන, එහෙම වෙන්නේ පාවිච්චියෙන් පසුව වතුර ගසා පිරිසුදු කිරීමක් නැති නිසයි, අපේ උදවිය ආවා, ශරීර කෘත්‍යය කළා, ගියා, වතුර ගහන්නේ නෑ, ඊළඟ සැරේ අමාරුවක් ආවාම ආණ්ඩුවට නිළධාරීන්ට බැන අඬගසනවා.

:       0       62

kapila Monday, 19 March 2018 08:07 AM

හදලා දුවන්න බැරි පෙට්ටි, ඇතුළ නවීකරණය කරලා දුෂ්කර පළාත් ඉස්කොලවලට දෙන්න බැරිද? නැත්නම් ගෙවල් නැති අයට දෙන්න බැරිද?

:       0       106

nalinMonday, 19 March 2018 10:53 AM

ඒක නම් ඉතා හොඳ අදහසක්. නැත්නම් මලකඩ කාලා දිරන කන් තියලා යකඩවලට දෙනවා.

:       0       11

rasika Monday, 19 March 2018 09:00 AM

මෙම මැදිරිවලට නගින්න තියෙන අපහසුතාවය නැති කරලා දෙන්න. පොඩි ළමයින්ට, වයසක උදවියට පහසුවක් වේවි !!!

:       0       6

matara appu Tuesday, 20 March 2018 08:59 AM

ඒක කරන්න නම් එකම වර්ගයේ දුම්රිය මැදිරි තියෙන්න එපාය කොමිස් මුදල අනුව එන්ජිම එක රටක කෝච්චි දහය රටවල් දහයක එකක් උසයි අනෙක පහත ප්ලැට් ෆෝරම් උස්සල එක මට්ටමකට හදාගන්න විදිහක් නැහැ.

:       0       74

Jeewandara Tuesday, 20 March 2018 09:33 AM

මිතුරනි, මා, මෙම මැදිරි නවීකරණහි නියුතු ආයතනයට වසර ගණනාවක සිට සේවා සපයන්නෙකු ලෙස ආයතනය ගැන මෙන්ම ඔව්න්ට සේවා සැපයීමට අවස්ථාව ලැබීම ගැන ආඩම්බර වෙමි. තන්ත්‍රී ට්‍රේලර්ස් ආයතනය නිහඬවම තම යුතුකම ඉටුකරන ඉනජීනේරු සේවා ක්ෂේත්‍රයේ දෙස් විදෙස් පතල ශ්‍රී ලංකික ව්‍යාපාරික නාමයකි.

:       0       98

vidya Thursday, 22 March 2018 03:24 AM

මොනවා කලත් බුලත් කෙල ගහල දුම් කුරු උරොල , වැසිකිලි අපිරිසිදු කරලා මාසෙන් ඕක කාල දමනවනේ. අපේ මිනිස්සුන්ට තවමත් පිරිසිදු කම ගැන අවබෝදයක් නැනේ.

:       0       22

chandana wijekoon Thursday, 22 March 2018 06:23 AM

ඉතා හොද දෙයක්. අපිට මේවා මුලදීම කරන්න පුළුවන් උන නම් අපි රටක් විදිහට ගොඩක් ඉදිරියෙන්කෝච්චියේ යන කෙනෙක් නිසා මගේ සුබපැතුම්.

:       0       1

Vajira Thursday, 22 March 2018 11:21 PM

ඉතාම අගනා වැඩක්! නියමයි!

:       0       1

prabhath kokila Saturday, 24 March 2018 03:45 AM

ඉතාමත් වටිනා අගය කළ යුතු ව්‍යාපෘතියක් බැවින් මෙවැනි ක්‍රියාවලට අකුල් නොහෙලා තවතවත් දිරිමත් කිරීම ලාංකිකයන් ලෙස අපේ වගකීම නොවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site