(ශාන්ත රත්නායක)
පාස්කු ඉරිදා දා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් බැලීම සඳහා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (28) කොළඹ ජාතික රෝහලට වැඩම කර ඔවුන්ගේ සුවදුක් විමසූහ.
එහිදී උන්වහන්සේ ඔවුන්ට පිරිත් නූල් ගැට ගසා ආශීර්වාද කළහ.
එම අවස්ථාවට බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධානයක විතාරන්දෙණියේ නන්ද හිමි ඇතුළු පිරිසක් සහභාගී වුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන්වහන්සේ කියපු දෙයක්, අසරණයන්ට පිහිට වීම, රෝගාතුරයන්ට පිහිටවීම . උන්වහන්සේ කර ඇත්තේ යහපත් වැඩක්.
සිංහල බෞද්ධ-කතෝලික සියල්ලන් එකම ජාතික හැගීමකින් සිංහල ජාතිය ගැන එක අරමුණකින් සිටින ශක්තිමත් මොහොතක් මේ මොහොත..!!
අපි තාමත් දැක්කේ නැහැ මේ තුවාල වුන අහිංසක මිනිසුන්ගේ දුක සැප, අඩුපාඩු බලන්න අවන්කවම එක මුස්ලිම් නායකයෙක් යනවා. මේ අයගේ හදවත් කළු ගල්.
ඔබ වහන්සේට බොහොම පින්.. මේ අයව බලන්න වැඩම කලාට ...
අවසරයි අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේලා මොවුන්ගේ සුවදුක් බැලීමට වැඩම කිරීම අප අගය කරන්නෙමු.
එතකොට දැන් උන්නාන්සේට අසනීපයක් නැතිද මේ විදියට මහන්සි වෙන්න. මාස 8 ම අසනීපයි කියා හිටියේ රෝහලේ නිසයි අහන්නේ...