






(ළහිරු හර්ෂණ)
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අවස්ථාවන් හිදි ගුවනින් නිරීක්ෂණ කිරිමට යොදා ගත හැකි ඩ්‍රෝන යානා 2ක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා විසින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා වෙත නිළ වශයෙන් බාරදිම අද (18) ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ දී සිදුවිය.
බස්නාහිර පළාත තුළ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නිරීක්ෂණය කිරිම හා ඩෙංගු මදුරුවන් විනාශ කිරිමට දියර ඉසිම මෙන්ම සඳහා මෙම ඩ්‍රෝන යානා භාවිතයට ගත හැකිය.
මෙම ඩ්‍රෝන යානා සමගින් පරිසර හානිය, වනාන්තර විනාශය, කැළෑ කැපීම් සම්බන්දව නිරික්ෂණ කිරිමටද හැකියාව පවතී.
මෙම අවස්ථාව සදහා බස්නාහිර පළාත් ප‍්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය රිටෙල් පෞද්ගලික ආයතනයේ විධායක අධ්‍යක්ෂක චාදු සුමතිපාල මහතා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් පී සෝමසිරි මහතා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය හා තවත් ගුවන් හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ඩ්‍රෝන යානා සමගින් පරිසර හානිය, වනාන්තර විනාශය, කැලෑ කැපීම් සම්බන්ධව නිරීක්ෂණ කිරීමට යොදා ගැනීම කළයුතුම දෙයකි.. කැලෑ පාලුවන්ට දියයුතුම දඬුවම මරණීය දණ්ඩනයට සමාන විය යුතුම වේ.
යුක්රේන් වලින් නෙමේ නේද ගෙනාවේ?
තව ටික දවසක් යනකොට ලංකාවේ ඩ්‍රෝන යානා යොදාගෙන හොඳ ගස් බලලා තමයි ගස් කපන්නේ...