
(රංජිත් රාජපක්ෂ සහ සුදත් එම් එම් හේවා)
හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල ගලක් පෙරලිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද(24) උදෑසන 7.00 සිට ඇන හිට ඇත.
තවත් මහ ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට ගැලවී ඒමේ අවධානමක් පවති බවද පොලිසිය කියයි.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයට වැටී ඇති විශාල ගල ඉවත් කරන තෙක් එම මාර්ගයේ ගමනගන්නා වාහන ගිනිගත්හේන දියගල, නෝටන්බ්‍රිජ්, ලක්ෂපාන, කළුගල මාර්ග භාවිතා කරන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.



(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)


(ඡායාරූප - සුදත් එච් එම් හේවා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ පාර වහන්නේ නැත්තේ? තව ගල් බුරුල් වෙලාලු... අනේ මන්දා..