







(රංජිත් රාජපක්ෂ)
හැටන්-කොළඹ ඒ 7 ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය බදුපොල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට අද(24) උදෑසන කඩාවැටුණු ගලෙහි කොටසක් පුපුරවා හැරීමට නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිලධාරීහු කටයුතු කළහ.
ගල ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු ස්ථානයට යාබදව නිවාස කිහිපයක් ඇති බැවින් ද, එම ස්ථානයට ඉහළින් තවත් විශාල ගල් කිහිපයක් පහළට කඩාවැටීමේ අවධානමක් පවතින බැවින් ද දෙදරුමක් ඇති නොවන සේ කොටස් වශයෙන් ගල පුපුරවා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටියි.
ගල ඉවත් කිරීමට ලක්ෂපාන යුධ හමුදා කඳවුරේ නිලධාරීහු, අඹගමුව ප්‍රාදේශීය සභාවේ නිලධාරීහු, ගිනිගත්හේන පොලිසිය සහ ප්‍රදේශවාසීහු එක්ව සිටිති.
මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන දියගල, නෝටන්බ්‍රිජ්, ලක්ෂපාන, කළුගල හරහා ධාවනය කරවන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.