
(ඉන්දික අරුණ කුමාර)
මොරගහකන්ද රක්ෂිත ප්‍රදේශයේ ජීවත්වන මොනරුන් මරා විවිධ හෝටල්වලට අලෙවි කරන සංවිධානාත්මක කල්ලියක් සිටින බව මොරගහකන්ද ආශ්‍රිත ගම්මානවල ජනතාව කියාසිටිති.
වගා බිම්වලට බරපතල හානි සිදුකරමින් ගැවසෙන මොනරුන් ගිනි අවි හා උගුල් උපයෝගි කර ගනිමින් මරා මස් පිණිස සකසා මාතලේ දිස්ත්‍රික්කයේ විවිධ හෝටල්වලට අලෙවි කරන බව ද සිද්ධිය පිළිබඳව තොරතුරු අනාවරණය කරන පිරිස් කියාසිටිති.
ඇලහැර, හඹරන මෙන්ම මාතලේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මක ආපනශාලාවල කුකුල් මස් වෙනුවට අලවිකරනු ලබන මොනර මස් පිළිබදව පාරිභෝගිකයින් නොදන්නා බවත්, මෙම ජාවාරම කලක් තිස්සේ සිදුවන බවත් ඔවුහු සඳහන් කරති.
රාත්‍රියේ මෙන්ම දහවල් කාලයේ ද ගිනි අවි අතදරාගත් පුද්ගලයින් මොරගහකන්ද රක්ෂිත ප්‍රදේශයේ සැරිසරන බවත්, වන අලි හා වෙනත් වන සතුන් හේතුවෙන් මෙම ප්‍රදේශවලට ආරක්ෂක අංශ හෝ වෙනත් වගකිවයුතු පුද්ගලයින්ට ළගාවීමට ඇති බාධාවන් ප්‍රයෝජනයට ගනිමින් මෙම මොනර ජාවාරම කරන බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියා සිටිති.
මේ සම්බන්ධයෙන් අදාළ අංශවල කඩිනම් අවධානය යොමු විය යුතු බව ද ඔවුහු අවධාරණය කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ආච්චි පුංචි අපිට කියලා දීලා තියෙනවා. කතරගම දෙවියන්ගේ වාහනය මේ කියන මොනරාලු. මට ෂුවර් නැහැ.. තමන්ගේ වාහනය විනාශ කරන "නොමිනිසුන්"ට දඬුවම් දෙන්න බැරි දෙවියන්ගෙන් මිනිසුන් පිහිටක් යදීවිද?.. මත්තල ගුවන්තොටුපොළ හදද්දී නොමිනිසුන් විසින් මොනරුන් සිය ගණනක් මැරුවාලු. මොනර ගහනයේ වැඩිවීමක් පෙනෙනවා. නමුත් ඊට පිළියම මොනරුන් මැරීම නොවෙයි. ආහාර දාමයේ කොතැනක හරි ප්‍රශ්නයක්... ඒ වගේම තමයි මොනරුන් මැරුවම ප්‍රශ්නය උග්‍ර වෙන්න පුළුවනි. මොනරුන්ගේ ආහාරයක් තමයි සර්පයන්. මොනරුන් අඩුවුණාම සර්ප ගහනය වැඩිවෙලා ඒ ගොල්ලෝ මිනිස්සුන්ට තැන තැන දෂ්ට කරන්න ගත්තොත්..? සර්පයන්ගේ ආහාරය වන ගෙම්බන් වැනි ඇම්පිබියන් අඩුවෙලා.. කෘමි ගහනය වැඩිවේවි.. ඊටපස්සේ ගොවියා කෘමීන්ගේ ගොදුරක් වේවි.. පරිසරයේ වඩාත් වැදගත්ම කොටසක් තමයි ආහාරදාමය. ඒ නිසා පරිසර විද්‍යාඥයින්ගේ අවධානය මීට යොමුවිය යුතුමයි. නමුත් මම ආයෙත් කියනවා මොනරුන් මැරීම මිට විසඳුම නොව ප්‍රශ්නය දික්ගස්සා ගැනීමක් බව. ඒ කුමක් වුවත් රටේ පොලිසියටත් ලොකු වගකීමක් තියෙනවා මේ සත්ව ඝාතකයින් තම ග්‍රහණයට අසුකරගැනීමට. එ්ත්.. නීතියක් නැති රටක පොලිසියේ හැකියාව ප්‍රශ්නකාරී නොවේද..?
බොහෝවිට බස්රථවලත්, සමහර විටක ලොරිවලත් අපසැම රැක දෙන්න සුරිඳණි කතරගම ලෙසට වැකි දක්නට ලැබෙනවා. මෙම කතරගම සුරිඳුගේ වාහනය වන්නේ මොණරා කියා අසා තිබෙනවා. කතරගම දෙවිඳුන් මෙලෙස කරනවිට අප සැම රැකදේද?
මොනරා යනු කතරගම දෙවියන්ගේ වාහනය කියා හඳුන්වනු ලැබේ. එමනිසා මොනර දඩයමට සහ මොනර මස් කෑම එතරම් ගුණ නැත... ප්‍රතිඵල භයානක වනු ඇත.
වගාවලට හානි කරනවා නම් මේ සතුන්ගේ පාලනයක් සිදු කිරීම තමයි හොඳ. ලංකාවේ වගා වලින් 40% ක් පමණම වන සතුන් නිසා හානි වෙනවා.
අහෝ.. ඛේදයකි... !!! මේ දැවැන්ත සුන්දර පක්ෂියා මරා මස්, කුකුළුමස් ලෙස ආහාර ලෙස එකිනෙන අපූරුව...! මේ රටේ නම් දැන් සිටින්නේ .. මිනිසුන්ද ...? මනුෂ්‍ය වෙස්ගත් තිරිසනුන්ද..?
මොනර මස් සහ කුකුල් මස් අතර ලොකු වෙනසක් නැත..
කතරගම දෙවියන්ගේ වාහනය නිසාත්... කතරගම දෙවියන්ට ඇති භය නිසාත් මිනිස්සු මොණරට හිරිහැර කරන්නේ... මරන්නේ නෑ. ඒ නිසා දැන් අපේ ගම් ප්‍රදේශවල මොණර ගහනය ඉතා වැඩියි. සියලුම වගාවන් බලහත්කාරයෙන් විනාශ කරනවා. බල්ලන්ට වත් උන් බිය නෑ. කොටින්ම පරිසර සමතුලිතාවය දැන් නැතිවෙලා තියෙන්නේ... රජය මැදිහත් වී මෙය පාලනය කළ යුතුයි...!! ආගම්... දේව විශ්වාස ඉස්සරහට දාගෙන නම් ඒක කරන්න බෑ. ඒක කරන්න වෙන්නේ විද්‍යාත්මක ප්‍රවේශයක් එක්ක...
මොනරු කියන්නේ දෙවි, දේවතාවුන් සමග ජීවත් වන සත්තු නේද? හොඳයි අපි බලමු දෙයියෝ මේ අපරාධයට දඬුවම් දෙයිද කියලා...
දැන් ඉතින් පින්තුරේ ඉන්න මොණරව දැකලා, ගොඩක් අයට කවි සංකල්පනා එහෙම පහල වෙයිනේ... නමුත් ඉතින්, ඔවුන්ගේ පෞද්ගලික දේපොලකට බැරි වෙලාවත් මේ මොණරා හානියක් සිදුකලොත් එහෙම, ආයේ මීට වැඩිය වෙනස් ඉරණමක් මොණරට අත් වෙයි කියල කවුරුන් හෝ හිතනවද? ඒ වගේම තමයි ලාබෙට තියනවා නම්, අලි මස් හරි අනුභව කරයි අපේ අප්පුලා. කාලා, අත හෝදාගෙන සතාව මරපු කෙනාට පව් ටික බැර කරන්න අපේ අය කොහොමත් දක්ෂයිනේ...?
අපේ ආච්චි ඒකාලේ අපිට කියලා දීලා තියෙනවා.. කතරගම දෙවියන්ගේ වාහනය මේ කියන මොනරාලු. මට ෂුවර් නැහැ.. තමන්ගේ වාහනය විනාශ කරන "නොමිනිසුන්" ට දඬුවම් දෙන්න බැරි දෙවියන්ගෙන් මිනිසුන් පිහිටක් යදීවිද?.. මත්තල ගුවන්තොටුපොළ හදද්දී නොමිනිසුන් විසින් මොනරුන් සිය ගණනක් මැරුවාලු. මොනර ගහනයේ වැඩිවීමක් පෙනෙනවා. නමුත් ඊට පිළියම මොනරුන් මැරීම නොවෙයි.. ආහාර දාමයේ කොතැනක හරි ප්‍රශ්නයක්... ඒ වගේම තමයි මොනරුන් මැරුවම ප්‍රශ්නය උග්‍රවෙන්න පුළුවනි. මොනරුන්ගේ ආහාරයක් තමයි සර්පයන්. මොනරුන් අඩුවුණාම සර්ප ගහනය වැඩිවෙලා ඒගොල්ලෝ මිනිස්සුන්ට තැන තැන දෂ්ට කරන්න ගත්තොත්..? සර්පයන්ගේ ආහාරය වන ගෙම්බන් වැනි ඇම්පිබියන් අඩුවෙලා.. කෘමි ගහනය වැඩිවේවි.. ඊටපස්සේ ගොවියා කෘමීන්ගේ ගොදුරක් වේවි.. පරිසරයේ වඩාත් වැදගත්ම කොටසක් තමයි ආහාරදාමය. ඒ නිසා පරිසර විද්‍යාඥයන්ගේ අවධානය මිට යොමුවිය යුතුමය. නමුත් මම ආයෙත් කියනවා මොනරුන් මැරීම මිට විසඳුම නොව ප්‍රශ්නය දික්ගස්සා ගැනීමක් බව... ඒ කුමක් වුවත් රටේ පොලිසියටත් ලොකු වගකීමක් තියෙනවා මේ සත්ව ඝාතකයින් තම ග්‍රහණයට අසුකරගැනීමට... එ්ත්.. නීතියක් නැති රටක පොලිසියේ හැකියාව ප්‍රශ්නකාරී නොවේද..?
හැබැයි දැන් මොනරුත් වගාබිම්වලට කරදරයක් වේගෙන එන්නේ...
අලුත් ඉරක්, අලුත් දවසක්... අලුත් පැතුම් ගොඩක්... ඒත් අසන්නට, දකින්නට ලැබෙන්නේ, පිළිකුල්, ජුගුප්සා ජනක දේවල්.. සිත කිව නොහැකි තරමට වේදනාවෙන් හඞන තරම්.... මා සිත පෙලන තරම්.?
ලංකාවේ දේශපාලනය යනු, කුණු වූ මඩ ගොහොරුවක්. ලොව දියුණුම රටක ජීවත්වන මට එහි ගිලී, වෙලී, පැටලී ඉන්නට කොහෙත්ම වුවමනාවක් නැත. මා සංවේදී වූ පමණින් එය වෙනස් කරන්නට බැරිය. සියලුදෙනා එකම මතයකට එළැඹුණු දවසක,මා ඉපදුණු රටට හොඳ කලක් යනවා ඇත. එතකම් මම ගහට, කොළට, සතා සිව්පාවාට, සොබා දහමට, එයට ආදරය දක්වන්නට ලෙන්ගතු වෙමි. එය මගේ සිතට මහත් සතුටක් ගෙන එන්නකි. තමන් තුළ නොමැති ගුණාංග ලෝකයාට පෙන්වීමට උත්සාහ දරන අය ගැන නම්, මගේ හිත තුළ ඇත්තේද තදබල අප්‍රසාදයකි.
මොනර බිත්තර ආහාරයට ගන්න සතුන් ගහණය අඩුවීම නිසා සමහර ප්‍රදේශවල මොනරු වැඩිවෙලා... වනජීවී එක මේ ගැන බලන්න ඕනේ...