





(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බළ ප්‍රදේශයට අයත් නාරක්කල්ලිය ග්‍රාම සේවා වසමේ කළපුව ආශ්‍රිතව කඩොලාන කපා කළපුවට දමා එක් රැයකින් තාප්පයක් ඉදිකර ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කර සිටිති.
මෙම ඉඩමේ හිමිකරු වශයෙන් පෙනී සිටින පුද්ගලයකු විසින් මෙසේ කඩොලාන කපා තාප්පය ඉදි කර ඇත.
මේ පිළිබඳව නොරොච්චෝල පොලිසියෙන් අප කරන ලද විමසීමකදී එහි වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ අනවසර ඉදිකිරීමක් පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ පිළිබදව වැඩිදුර විමර්ශණ සදහා කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයාට යොමු කළ බවත් ය.
කල්පිටිය ප්‍රදේශීය ලේකම් ඩී.ඒ.පී.ධනන්සූරිය මහතාගෙන් අප කළ විමසීමේ දී පැවසුවේ තමා එම ඉඩමේ ස්ථානීය පරීක්ෂණයක් සිදු කළ බව යි.
ඒ අනුව එම ඉඩම සින්නක්කර ඉඩමක් වශයෙන් හඳුනා ගත් බව ය. නමුත් කළපුවේ සිට මීටර 20 ක් පමණ දුරින් එනම් වෙරළ කළාපය තුළ ඉදිකිරීමක් සිදුකර ඇති බව පැවසීය.
වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ඒ සදහා නිසි අවසරයක් ලබා ගෙන ඇත් දැයි, සොයා බලන බවත් කඩොලාන කැපීම සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව දැනුවත් කර ඇති බවත් පරීක්ෂණ සදහා නිළධාරීන් පැමිණීමට නියමිත බවත් වැඩිදුරටත් පැවසුවේය.
COMMENTS
මම පුද්ගලිකවම අත්දැකීමෙන් කියන්නේ... පුත්තලම සහ කල්පිටියේ ඉඩම් බොහොමයක් බොරු ඔප්පු හදාගෙන තියෙන්නේ. යුද්ධය කාලේ කිසිකෙනෙක් ඔය පළාත් ගැන හොයලා බැලුවේ නැහැ. ඒ නිසා ගොඩක් මිනිස්සු පුත්තලමේ ඉන්න ලෝයර්ලාට කියලා ඔප්පු ලියා ගත්තා.
නීතියක් නැති ජරාජීර්ණ වුණු රටක් ලෙස ස්ථාපිත වූ රටක් දැන් ලංකාව...අපේ නායකයින්ට ජයවේවා..!!!
ධනංසූරියගේ ස්ථානීය පරීක්ෂණය සහ සනත් නිශාන්තගේ නිරීක්ෂණ චාරිකාවත්... දෙකම එකම ලක්ෂණ. නූගත් කපටීන් තනතුරුවල වගකීම් දරණ අයුරු...