
(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයට පත්වූ රුවන් විජයවර්ධන මහතා ආගමික කටයුතුවල නිරත වී ආශිර්වාද ලබා ගැනීම සඳහා කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අද (15) පැමිණියේය.
රුවන් විජයවර්ධන මහතා විහාරස්ථානයට පැමිණ ආගමික කටයුතුවල නිරත වීමෙන් පසුව ගංගාරම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනය කර සෙත් ප්‍රාර්ථනා කරනු ලැබූහ.
කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දායක සභාවේ සභාපති රංජිත් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක් ද මෙම මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප : ළහිරු හර්ෂණ






COMMENTS
රනිල් එජාපය නැත්තටම නැති කරලයි තියෙන්නේ. දැන් ඉතින් එජාපය ගොඩගන්නේ කොහොමද?
මේක තවත් දේශපාලන පක්ෂයක් තමයි.
ඩි එස් සේනානායක මැතිතුමාගේ මුලිකත්වයෙන් සියලු ජාතීන්ගේ ආශීර්වාද මැද පිහිටවූ ඉතිහාසයකට උරුම කම් කියන්නවු නොයෙක් අර්බුද මද්‍යයේ රැකගත්තවූ ඔබේ අපේ එක්සත් ජාතික පක්ෂය ඉදිරියටත් රැකගැනීමට, ශක්තිමත් කිරීමට සහ 21 වන සියවසටත් නව පරපුරටත් ගැලපෙන එක්සත් ජාතික පක්ෂයක් ගොඩනගමු.