



(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මාතර මන්තීන්ද විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වී එහි විහාරාධිපති තිස්සමහාරාමයේ ඉන්දානන්ද නාහිමියන් බැහැ දැක උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්තේය.
එම පක්ෂයෙන් බිහි වූ ජනාධිපතිවරුන් වන ජේ.ආර්.ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු එම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගැනීමේ ඡායාරූප ද නාහිමියෝ පෙන්වූහ.
සෙත් පිරිත් සජ්ඣායනා කර පිරිත් නූල්ගැට ගසා උන්වහන්සේ රුවන් විජයවර්ධන මහතාට ආශීර්වාද කළේය.
එම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන් රත්නප්‍රිය, සංදිප් සමරසිංහ, මාතර මහ නගර සභාවේ විපක්ෂනායක උපුල් නිශාන්ත හා හිටපු පළාත් සභා මන්ත්‍රීනී ශාන්තිනී කෝන්ගහගේ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
COMMENTS
එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායක රුවන් විජේවර්ධන මැතිතුමාගේ අරඹය ඉතාම වැදගත් මෙන්ම වටිනේය. ඔහු කොළඹ ඉපදී හැදුනු වැදුණු කෙනෙකු උවත් ඔහු ඉතාම සරල පොලවේ පයගසා ජනතව අතරටයන තරුණ නායකයෙකි.
එජාප නියෝජ්‍ය නායකතුමා පන්සල් ගිය එකනම් ඉතාම අගය කලයුතු බව නොකියාම බැරිය.
අලියා ගොඩදානවා බොරු..