IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට යොමු කළ පළමු කණ්ඩායම පිටව යයි

( රොමේෂ් මධුෂංඛ)

කොරෝනා  අවදානම හේතුවෙන් ඉතාලියේ සිට පැමිණි පිරිස් උතුරේ නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කිරීමෙන් පසුව  සිය නිරෝධායන කයුතු අවසන් කළ පළමු කණ්ඩායම අද (28) වව්නියාව පම්පමඩුව ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයෙන්  සිය නිවෙස් වෙතට පිටත්ව ගියහ.
 
මෙසේ පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කොට පුද්ගලයින් 167 දෙනෙකු නිවෙස් වෙතට යාමට අවස්ථාව සලසා දුන් බවට එම අවස්ථාවට සහභාගී වූ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි මහතා පවසා සිටියේය.
 
ගාල්ල , මාතර, හලාවත , මීගමුව , පුත්තලම හා යාපනය යන දිස්ත්‍රික්කයන්හි පදිංචි කරුවන් පිරිසක් අද මෙලෙස නිරෝධායනයට ලක්වී සිය නිවෙස් වෙතට යුද හමුදාවේ විශේෂ ආරක්ෂාව යටතේ රැගෙන යාම සිදු විය.
 
නිරෝධායන ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුව නිවෙස් වෙතට ගිය පුද්ගලයින් පවසා සිටියේ තමන් කිසිදු බාධාවකින් තොරව ඉතා පහසුවෙන් සියලු පහසුකම් ලබා දෙමින් යුද හමුදාව ආරක්ෂාකාරීව පසුගිය දින 14 පුරාවට බලාගත් බවටත් ඉතාලියේ සිට පැමිණි සියලු දෙනාට කිසිදු බියකින් තොරව යුදහමුදාව යටතේ නිරෝධායනය වන ලෙසට සියල්ලන්ටම ආරාධානා කරන බවටත් එයට යුද හමුදාවට පූරණ ගෞරවය ලබා දෙන බවටත්ය.

(ඡායාරූප - රොමේෂ් මධුශංක)

(ඡායාරූප - සිතුම් චතුරංග)

 



අදහස් (0)

ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට යොමු කළ පළමු කණ්ඩායම පිටව යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site