(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු 6 අද ( 02) උදෑසන විවෘත කළ බව ඉගිනිමිටිය ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජීනේරු එච්.එල් .සී. පුෂ්පකුමාර මහතා පවසයි.
2016 මැයි මාසයේ වාන් දොරටු විවෘත කිරීමේන් පසුව වසර තුනකට පසු මෙවර ජල මට්ටම ඉහළ යාමත් සමඟ වාන් දොරටු විවෘත කිරීම සිදුවු බවද කියයි.
මේ වන විට පවතින අධික වර්ෂා තත්වය හේතුවෙන් ඉගිනිමිටිය ජලාශයට ඉහළින් පිහිටි අඹකොළ වැව ජලාශය වාන් දැමිමත් සමඟ ඉගිනිමිටිය ජලාශයේ ජල මට්ටම පවත්වාගෙන යාමේ අරමුණින් වාන් දොරටු 6 විවෘත කිරීමට කටයුතු කළ බව ප්‍රාදේශීය ඉංජීනේරුවරයා පවසයි.
ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග දොරටු දෙකක් අඩි දෙක බැගින්ද අනෙක් දොරටු හතර අඩිය බැගින්ද තප්පරයට ඝණ අඩි 4000 කට ආසන්න ජල කදක් මී ඔය දිගේ පහල නිම්නයට ගලා යාම සිදුවන බවත් ඒ හේතුවෙන් මී ඔය දෙපස පදිංචිකරුවන් දැඩි අවධානමේන් පසුවන ලෙසට වාරි මාර්ග ඉංජීනේරුවරුන් පවසති.





2025 දෙසැම්බර් මස 04
520
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
479
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කරයි
W.w.A .Layanal jayathilaka Saturday, 13 November 2021 03:18 PM
කුඹුරු ඔක්කොම වපුරලා තියෙන්නේ.. ඔක්කොම වතුරට ගහගෙන ගියා... ජීවත් වෙන්න අමාරුයි.