IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


ඇඳිරි නීතියක තරම

 (ශාන්ත රත්නායක)

රටපුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දීමත් සමඟ අද (27) සවස් කාලයේදී ආරක්ෂක අංශ විසින් කැලණි පාලම අසල පොලිස් මාර්ග බාධක දමමින් සියලු ම වාහාන පරීක්ෂාවට ලක් කෙරිණි.

එහි අවස්ථා ඡායාරූපවල දැක්වේ.



 



අදහස් (6)

ඇඳිරි නීතියක තරම

විජිත් Friday, 27 March 2020 08:08 PM

ඇඳිරි නිතියට ඉංග්‍රීසියෙන් කියන්නේ ( curfew ) කර්ෆිවූ කියලා . ඒබව මේ අපේ රටේ ඕනෑම කෙනෙක් හොඳින්ම දන්නවා. ඒ වගේම මේ ඉංග්‍රීසි වචනය ආවේ ප්‍රංශ වදන් දෙකක් එක්කිරීමෙන්. ප්‍රංශයෙන් feu (ෆ) කියන්නේ ගින්දරට. ප්‍රංශයෙන් වහනවා නැතිනම් මුවා කරනවාට කියන්නේ couvre ( කුව්ර ) කියලා. යුද්ධ කාලේ සතුරන් අහසින් බෝම්බ දමනකොට ඉන් බේරෙන්න ..." ගෙවල් වල තිබෙන" ගින්දර "නොහොත් ආලෝකය" මුවා" කරලා නැතිනම් වසා තබන්න " කියන නීතිය ප්‍රංශයේ බලපැවැත්වුවා. රාත්‍රියට නිවාසවල ආලෝකය මුවාකරලා නැතිනම් නිවා දැමුවාම සතුරාට අහසේ සිට ඉලක්කයක් ගන්න අපහසුයි. ඒවුනාට නවීන ගුවන්යානාවලට අඳුර ප්‍රශ්නයක් නැහැ. ඉන්ෆ්‍රාරෙඩ් කිරණ මගින් ඉලක්කය ලස්සනට ගන්නපුලුවනි රාත්‍රියේදී. ඉතින් " ආලෝකය නිවා දමන්න " යන්නට ප්‍රංශයෙන් කියන්නේ couvre feu ( කුව්ර ෆ ) කියලා. මේ වචනය ඉංග්‍රීසියට ගිහින් කර්ෆිව් වුනා. ඊට පස්සේ මේ නීතිය අපේ රටේදී " ඇඳිරි නීතිය " වුනා. නමුත් ඇත්තටම ඇඳිරි නීතිය මුලින්ම පටන්ගත්තේ .. අහසින් බෝම්බ දැමීම මගහැරීමට බව මේ යුගයේදී සියලු දෙනාටම අමතකවෙලා.. මහා දවලුත් සියලුම වාහන, මහ මග යන්නන් නැවැත්වීමට යොදන නීතිය. ඇඳිරි නීතිය වෙලා..

:       101       164

හේරත්Saturday, 28 March 2020 08:18 AM

අර්ථ කථනය මොකක් වුනත් කමක් නැ, ඇදිරි-දවල් නිතිය හෝ කොරෝනා නිතිය වුනත් කමක් නැ, රටේ ජාතික නිතියක් තියෙන වෙලාවක රටේ මිනිස්සු තමන්ට සිදුවන යම් යම් අපහසුතා හැකි තාක් විඳගෙන එම තත්වයට අවනත විය යුතුයි. මෙයින් සිදු වන්නේ රටේ බහුතරය එය විද දරා ගනිද්දි, සුලුතරයක් එම නිති කඩ කරමින් අර බහුතරය කරන කැප කිරිමට හානි කිරිමයි! වසංගතයේ තත්වය නම් එක් වැලඳුන අයෙකුට 400 දෙනෙක්ට එය බෝ කල හැකියිලු. මේ තත්වය තේරුම් අරන් රට බුද්ධිමත් රට වැසියන් සේ වැඩ කරමු.

:       2       4

ශිරන්ත පිරිස් Saturday, 28 March 2020 10:42 AM

බොහොම ස්තුතියි විජිත් මහත්මයා, මම යමක් ඉගෙන ගත්තා.

:       0       37

චමින්දSunday, 29 March 2020 02:23 AM

විජිත් ඉදිරිපත්කල අදහස හරි හෝ වැරදිවේවා. මෙයට අප්‍රසාධය පලකිරීම් සියයක් තියෙනවා. එම අප්‍රසාධය පලකල කෙනා හෝ පිරිස් මෙය වැරදිනම් නිවැරදිදේ පැහැදිලි කරන්න.

:       12       117

karuSunday, 29 March 2020 09:43 AM

ඒ කවුරුවත් නොවෙයි, අපේ ලංකාදීප පිටුවට එන අතලොස්සක්වන රස්තියාදුකාර,මානසික ලෙඩ්ඩු.... තමන්ට කළනොහැකි දෙයක් අනුන් කරනවිට මේවගේ නෙගටිව් කොමෙන්ට්ස් දමන කට්ටියකුත් ඉන්නවා. ඒ කොමෙන්ට්ස් බලලා ඒගොල්ලෝ හරි සතුටක් ලබනවා. මේක මානසික රෝගයක්...

:       0       86

කමනි Sunday, 29 March 2020 04:09 PM

මම කරු සමග එකඟයි.මට හිතෙන්නේ මෙහෙමයි..ඔය නෙගටිව් කොමෙන්ට්ස් දමන අය බිය සුළු අයයි. යම් කෙනෙක් ගැන හිතේ අභ්‍යන්තරයේ ඔහුටත් නොදැනී ඇතිවන ඉරිසියාවක් නිසයි මේ දේ සිදුවන්නේ. එය දරුණු මානසික ව්‍යාධියක්. කෙසේවෙතත් ඔවුන්ගේ පුද්ගලික ජීවිතය බොහෝ දුරට අවාසනාවන්ත එකක් බව කියනවා. තව දෙයක් යමෙක් දමන වැදගත්, හරවත් දෙයක් බලා අපට යමක් ඉගෙන ගැනීමේදී අපි කොහොමත් ඔය නෙගටිව් කොමෙන්ට්ස් කොපමණද කියලා බලන්නේ නැහැනේ. නෙගටිව් කොමෙන්ට්ස් කියන්නේ මානසික ලෙඩ්ඩුන් විසින් එකතු කරන ඉලක්කම් ගණනක් පමණයි. ඒ හැර ගතයුතු දෙයක් ඒ ඉලක්කම් වල නැත.

:       0       46

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 92 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 183 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1044 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site