IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සරසවි සිසුහු කොටුව දුම්රියපොළ අසළ විරෝධතාවයක

 

නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද(24) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී දැන් පැවැත්වේ.
 
පාසල් සිසුන්ගෙන් මුදල් අයකිරීමට විරෝධය පාමින් අධ්‍යාපනයට 6%ක් වෙන් කරන ලෙස ඉල්ලමින් ඔවුහු විරෝධතාවයේ නිරත වෙති.  
 
මරදාන ටෙක්නිකල් හන්දියෙන් පාගමන ඇරඹි විරෝධතාකාරුවෝ මේවනවිට කොටුව දුම්රියස්ථානය ඉදිරිපිට රැඳී සිටිති.
 
විරෝධතාව හේතුවෙන් අවට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතී.
 
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (47)

සරසවි සිසුහු කොටුව දුම්රියපොළ අසළ විරෝධතාවයක

Raveendra Thursday, 24 January 2019 12:17 PM

අර අන්තරේ කියන මරණාධාර සමිතියේ ඉන්න කුඩු බොන, කසිප්පු බොන රස්තියාදුකාර අන්දරේලා නේද මෙහි පිටුපස සිටින්නේ? අර අහිංසක දරුවන්ට අමානුෂික විදියට පහර දුන්නේ මේ කාලකන්නිගේ කොටසක් නේද? ඇයි මේ උද්ඝෝෂණ නැත්තේ ඒ පාදඩයන්ව සදහටම විශ්වවිද්‍යාලවලින් නෙරපා දමන්න කියලා? ඒවාට උද්ඝෝෂණ නැද්ද පාහරයිනේ... අපේ බදු මුදල් නේද මේ විනාශ කරන්නේ? වැදගත් දෙමව්පියන්ගේ අසීලාචාර මෝඩ රස්තියාදුකාරයින්.. ඒ අහිංසක දෙමව්පියන් ඔය තැනට ගේන්න අනේකවිධ දුක්විඳලා නැද්ද?

:       521       1237

ධනුෂ්කFriday, 25 January 2019 02:27 AM

ඔබ තුමාට මම දෙයක් කියන්නම්. මේ රටේ බදු ගෙවන්නේ ඔබ තුමාලා පමනක් නොවේ. මේ දරුවන්ගේ දෙමාපියොත් බදු ගෙවනවා. සමහර විට ඔබ තුමාටත් වඩා අව්වේ වෙලේ කුඹුරේ හේනේ මහන්සි වෙනවා. ඔබ තුමාට සමහරවිට දරුවන්ට තනිකරම පුද්ගලික පාසල්, විශ්ව විද්යාල වලින් උගන්වන්න හැකියාව අැති. හැබැයි මේ රටේ නගරයෙන් පිට දෙමාපියන් ගත්තහම 60% ක් පමණ ඉතාම දුප්පත්. මට මතකයි අම්මා කෙනක් දරුවන්ට තිදෙනට අලුත් අවුරුද්දට පොත් අරන් දෙන්න විදියක් නැතිව නිල්වලා ඟඟෙන් පැන්නා. මේ කෑ ගහන්නේ එ් දරුවන් වෙනුවෙන්. අපිත් ඉගෙන ගන්න නොවිඳිනා දුක් වින්දා. කැම්පස් ගිහින් සල්ලි නැතිව බදාම අැනුවා, හෝටල්වල පිඟන් හේදුවා හැබැයි මට එ් ගැන අාඩම්බරයි දුක් වින්දා ඉගෙන ගන්න,හැබැයි අපි හැමදාම දුප්පත්කම කරපින්නාගෙන යන්නේනෑ. මගේ හැකියාව මත සේවය කරන අායතනය හරහා මේ මාසයේ පමනක් ලංකාවට ඩොලර් 85000ක් උපයලා තියනවා. මට උගන්වන්න ගිය වියදම මම හොයලා ඉවරයි.අනික් අයත් ගොඩක් එහෙමයි.

:       460       613

RaveendraFriday, 25 January 2019 03:04 AM

ධනුෂ්කමයා වෙත, ඔබගේ වටිනා අදහස් අප කිසිවිට බැහැර නොකරන්නෙමු. ඒවා අප අගය කරන අතර ඔබ පවසා ඇත්තේ යතාර්ථය . ඔබ මෙන් අප ද නිදහස් අධ්‍යපානයෙන් උපරිම ඵල නෙලාගෙන අපගේ මව්බිමට අවංකව හිතන එකගව සේවය කර මෙමොහොතෙත් රට වෙනුවෙන් ඉතා හොද වැටුපක් ලබමින් සේවය කරන්නෝය. " අපගේ දෙමව්පියෝද අනේක දුක් ගැහැට විද " අපව මේ තත්වයට ගෙනඒමට කටයුතු කල නිසා අප ඔවුන්ගේ එම බලාපොරොත්තු මල්ඵල ගත්තෝය. මෙම සිසුන් ඉතාම සුළු මිහරකුන් විසින් නටවනවා නොවේද ? නිදහස් අධ්‍යපානය විනාශ වෙනවාට අපද අවංකව කිසිදු කැමැත්තක් නැත. නමුත් මේ කරන්නේ නුගත් කුඩුකාරයාන් විසින් සමස්ත සිසුන් පාලනය කරනවා නොවේද ? ඔබ පැවසු පරිදි ඔබේ,මගේ, අපේ මුදල් නොවේද මේ විනාශ කරන්නේ ? සිසුන් විරෝදතා කාල යුතුයි නමුත් ඒවා සාධාරණ මෙන්ම මහජනයාට අවහිර වෙන ලෙස හිත මත අන්තාරේ ඉන්න අන්දරේලා විසින් කරන නිහින ක්‍රියාවක් ලෙස ඔබ නොදකින්නේ මන්ද ? ඔබ මෙන් අපද දුක්මහන්සි උපයන විදේශ විනිමයෙන් අද මුළු රටම තුන් වේල සපුරා ගනනාව යයි ඔබ නොදන්නේද ? නැවතත් මේ නාස්ති කරන්නේ ඔබේ,මගේ, අපේ මුදල් බව අමතක නොකරන්න.

:       1       163

aseFriday, 25 January 2019 07:03 AM

මෙයා ඩොලර් කාක්කෙක්ද? අනේ අපේ ළමයින්ටත් කීයක්වත් දෙනවද? වැරදි දෙයක් කියවුණාද මන්දා? ඩොලර් 85000... අනේ රුපියල් වලින් ලියන්නේ කොහොමද? ඔයා බිංදුවක් නොවේ. හැබැයි අගට බින්දු කීයද?

:       205       0

ධනුෂ්කFriday, 25 January 2019 12:24 PM

ඔව් එසේ වැරදිලා නොවේ. අැත්ත ගාන තමයි. නැවතත් කියන්නම් ඩොලර් 85000ක්... එ්ක 184න් විතර ගුණ කරන්න. මොකද මම සංචාරක කර්මාන්තය සම්බන්ධ රැකියාවක් කරන්නේ... අර අවුරුද්ද අවසානේට සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන ගානක් උපයලා තියනවා කියන්නේ... මේ ගණන් එකතු කරලා තමයි. එ් නිසා තමා රජය සංචාරක කර්මාන්තය තවත් දියුණු කරන්නේ.

:       0       2

nalaka Thursday, 24 January 2019 12:57 PM

රටේ ආර්ථිකය දුවන්නේ ණයට. අධ්‍යාපනයට 6%ක් වෙන් කරන්නේ කජු ඇටවලින්ද?

:       26       23

ධනුෂ්කSaturday, 26 January 2019 01:33 AM

අැලස්කාව යනු රුසියාවට අයිති භූමියක්.පසුව ඔවුන් එය අැමරිකාවට විකුනුවා. රුසියාව එතරම්ම හිඟන, පිරිහුනු පහත් අඩියටම වැටිලා තිබුනු රටක්.සීසාන්න ටැක්ටරයක් තිබිලා නෑ.හැබැයි 1917න් පසු එය වෙනස් වෙමින් අවුරුදු 30 විතර යනකොට ඔවුන්. රොකට් තාක්ෂණය හිමි, පරමානු බලය හිමි, දැවැන්ත වූ නාසි හමුදාවක් පරාජය කරපු, විද්‍යාත්මක.තාක්ෂණික,අාර්ථික අතින් ලොව දෙවනි බලවතා වුණු. ලෝකේ විනයගරුකම මිනිසුන් සිටින රට වුණා.ලෝකයේ හොඳම සාහිත්‍ය කෘති 10 හොයලා බලන්න කීයක් රුසියාවට අයිති ද කියලා. චීනයට නැගිටින්න තාක්ෂණික සහය දුන්නේ රුසියානුවන් අපටත් යකඩ,ටයර්,තුනී ලෑලි කර්මාන්ත ශාලා ඔවුන් නිකන් හදලා දුන්න. අපේ පාලකයෝ එ්ව විකුනගෙන කෑවා.ඔවුන්ගේ දියුනුවේ රහස තමා ලෙනින් රටේ දරුවන්ට පලමුවත් දෙවනුවත් තෙවනුවත් ඉගෙනගනන්න කියලා පෙර පාසල් අවධියේ සිටම ඊට අදාල සම්පත්මය හා අාකල්පමය පරිසරය සැකසුවා අනික් දේවල් වලට වඩා. එ් මත ඔවුන් ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය බිහි කලා. එ් මතින් දියුනු වුණා.ඔය කතාව දන්න ගුරුවරුන් හා සිසුන් තමා 6%ක් ඉල්ලන්නේ.මේකට සමාජවාදය හෝ ධනවාදය අදාල නෑ.

:       0       0

menna Thursday, 24 January 2019 01:04 PM

සරසවි සිසුවන්ට ලංකාවේ කුණු ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න පුළුවන් වුනොත් දල දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් දෙන්න පුළුවන් වෙයි. කල්පනා කරලා කියන්නකෝ....

:       0       20

RaveendraThursday, 24 January 2019 05:48 PM

මෙන්න මේ මෝඩ හරකුන්ට දියව් දියව් කීමට පමණක් කල්පනාව තිබෙන බව මේ සෑම සිද්දීයකින්ම තේරුම් ගත හැක. තමන්ගෙන් රටට වියයුතු යුතුකම් නොතේරෙන මිනිසා කෙසේ බුද්දීමත්යයි කියන්නේද

:       0       66

Janahitha Thursday, 24 January 2019 01:10 PM

මේ කෑමොර දෙන අය නැද්ද? විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිත් අධ්‍යාපන කඩ දාගෙන දෙමව්පියන්ව හූරාකන්නේ. එතකොට නිදහස් අධ්‍යාපනය ගැන කතා නැහැ නේද?

:       0       35

Mo Thursday, 24 January 2019 02:22 PM

මේ තමයි මව්බිමේ ඛේදවාචකය... අහිංසක මිනිසුන්ගේ බදු මුදල් විනාශ කරමින් ජන ජීවිත අඩාලකරමින් රඟන මේ කාලකන්නින් විනාශකරමින් සිටින්නේ රටේ අනාගතයයි. මේ අයගේ මේ විනාශකාරී ක්‍රියාවෙන් ජය ලබන්නේ දේශපාලකයන්ය. සියයට 6ක් ඉල්ලන මේ අය විනාශකරන මුදල් සම්භාරය කොපමණක්ද?

:       0       86

RaveendraThursday, 24 January 2019 02:39 PM

Mo මයා වෙත, ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. අන්තරේ නමැති මරණාධාර සමිතියේ ඉන්න අන්දරේලා නමැති කුඩුකාරයින්, කසිප්පුකාරයින් වැනි සුළු කොටසකට මුළු විශ්වවිද්‍යාලයේ ඉන්න සිසුන් බයයි... එකෙක් නැහැ කොන්ද පණ තියෙන... ඔය කුඩුකාරයින්ට, කසිප්පුකාරයින්ට, රස්තියාදුකාරයින්ට තම තමන්ගේ අහිංසක අම්මලා දුන්නු කිරි මතක්වෙන්න හතර හන්දි කඩල දාන්න තරම් ආත්ම ශක්තියක් තියන කොල්ලෝ..

:       0       54

samiraThursday, 24 January 2019 03:26 PM

ඔබ හරි රවින්ද්‍ර මහත්තයෝ, ඔය අන්තරේ ඉන්න ඔක්කොම මොලේ අමාරුකාරයන්, ඒ විතරක් නොවෙයි කොළඹ සරසවියේ මැනේජ්මන්ට් ෆැකල්ටියේ නවකවදය දෙන මන්ද මානසික බයියෝ තවත් කට්ටියක්... මේ ළඟදීම දවසක ඔය කට්ටියම කනවා හොඳකෑමක් සරසවියෙන් පිටතදී ආයේ සරසවියේ පස් පාගන්නේ නැතිවෙන්න..

:       0       84

ධනුෂ්කFriday, 25 January 2019 04:12 AM

මෙතන අදහස් දාලා තියනට අයට ළමයකුට ඉගෙන ගන්න කීයක් හරි ඉල්ලද්දී පුදුම අමාරුවක් තියෙන්නේ. හැබැයි දේශපාලකයෝ කෝටි ගණන් හෝරා කද්දි කෝටි ගණන් වාහන ගද්දි රට ණය කරලා පාඩු ලබන ව්යාපෘති කරනකොට. මහබැංකු වංචා කරනකොට කොමිස් ගහනකොට එ්වා ගැන පත්තරේ දානකොට මෙතනින කී දෙනාද එ්කට කෑගහන්නේ.එයාර්ලයින් එකේ වාර්ශික පාඩුව කීයද? හැබැයි ඉගෙන ගන්න එකාගේ පොඩි පොටක් අහු වුනාම සමතලා වෙන්නම ගහනවා හොඳ වෙලාවට ඔවුන්ට මේකේ නරක වචන දාන්න බැරි නිසා එ්වා කියන්නෑ.

:       239       250

sandy123Friday, 25 January 2019 07:56 AM

ධනුෂ්ක - ඔබේ අදහස් වලට ගරු කරන ගමන් පැහැදිලිව කිව යුතු කාරණාව නම් මධ්‍යස්ත ජනතාව 100% නැතත් බොහෝ අය නිදහස් අධ්‍යාපනයට අකුල් හෙලන්නේ නැහැ. අපි පවා ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනය පිහිටෙන්... එනිසා අපි කෙලෙහිගුණ දත් මිනිසුන් හැටියට අධ්‍යාපනයට කවම කවදාවත් බාධකයක් වෙන්නේ නැහැ. මුදල්මය පිහිටක් කළ නොහැකි වුණත් වචනෙකින් හරි අපි රුකුලක් වෙනවා... ඒක පැහැදිලි සත්‍යයක්... රටක පැවැත්මට උද්ඝෝෂණ තිබිය යුතුයි. එ්කේ තර්කයක් නැහැ. නමුත් බදුගෙවන ජනතාව පීඩනයට පත් කර ගන්න එකට අපි විශේෂයෙන් මම කැමති නැහැ. එයට ඔබට තර්ක විතර්ක ඇති. එය ඔබේ අයිතියක්. ඒ වගේම විරුද්ධ වීමත් මගේ අයිතියක්. කෙසේවෙතත් මතුවෙන හැම ගැටළුවකටම උද්ඝෝෂණය කිරීමෙන් උද්ඝෝෂණයේ ඇති ජවය හීන වෙන බවත් මතකයේ තබා ගන්න. වැදගත්ම කාරණාව නම් තමන්ගේ උද්ඝෝෂණය සති අන්තයේ හැකි පමණින් කරන්න පෙලඹුණා නම් ජනතා ආකර්ෂණය පවා බොහෝ විට ලබා ගත හැකියි. මන්ද බලධාරීන් මුනිවත රකින රටක මේ විනාශ වෙන්නේ ඔබේත් මගේත් කාලය සහ බදු මුදල් බව අමතක නොකරන්න...

:       0       1

sandy123 Thursday, 24 January 2019 03:35 PM

විශ්ව විද්‍යාල උද්ඝෝෂණ, නවකවදය, උපකුලපති ප්‍රශ්න සහ ගුරුවරු ප්‍රශ්න විතරමද අපිට විශ්ව විද්‍යාල සම්බන්ධව අහන්න දකින්න ලැබෙන්නේ. රට දියුණු වෙයිද? මේ උද්ඝෝෂණ නිසා මහ මග ගමන් කරන වැඩ කරන ජනතාව කෙතරම් පීඩන වලට මැදි වෙනවද? කෙතරම් මුදල් සම්භාරයක් නාස්ති වෙනවද? මේ උගත් පොත් මෝඩයින්ට තේරෙන්නේ නැත්ද? උද්ඝෝසණ කරලා අමුතු උණක් ගන්නද හදන්නේ. මම නම් කියන්නේ මහජනතාව මුලික වෙලා මේ අය පලවා හරින්න ඕනේ. මේ මෝඩයින්ට කරන්නම ඕනේ නම් කාටවත් බාධාවක් නැති තැනක උද්ඝෝෂණ තියන්න කියන්න. මාපියන් කොතරම් මහන්සි වෙලා ඇත්ද මේ මෝඩයින්ට උගන්වන්න. සේසතම විකුණලත් ඇති ඒ වෙනුවෙන්. කැම්පස් ගිය ගමන් සම(හරක්) අයට අමුතු උණක් හැදෙනවානේ. ඉතින් මව්පියන් සමහර විට තබෙකටවත් මායිම් නොකරනවා ඇති. කියන දේ අහන්නේ නැතුවත් ඇති. ඒ එක්කම අන්තරේත් තවත් හේතුවක් වෙන්න ඇති. කොහොම හරි මේ උද්ඝෝෂණ බොහෝ අය බොහොම වෙලාවට බොහොම අනවශ්‍යය විදිහට භාවිතා කරනවා.

:       0       36

Chanaka Thursday, 24 January 2019 03:50 PM

අනිවාර්යෙන්ම නිදහස් අධ්‍යාපනය සුරකින්න

:       2       4

SunethThursday, 24 January 2019 06:15 PM

හා චානක ඔයා කියනකන් හිටියේ ...

:       3       2

hesa Thursday, 24 January 2019 08:59 PM

නැති බරි දෙමාපියන්ගේ දරුවන්ව ,ඇති හැකි එවුන් තමයි මේවාට ඈඳා ගන්නෙ..කියන කියන දේට හා කියන..අනිකා පැත්තකට වෙලා ඉන්නවා..පුලුවන් එකාව රට යවනවා.. උපාධිය අරන් අවාම , උන්ට මේ මොකුත් මතක නෑ. .ඇයි මේකට විසඳම් හොයන්නෙ නැත්තේ..මේවා පිටු පස ඉන්නෙ කවුද කියා සොයන එක අපහසු වෙන්න බැහැ නේද..ඒ වගෙම නවක වදයත් ලද ලමයින්ගේ මා පියනට මේවා නොපෙනේද..ඒ අය එකතුවී නේද විරුද්ධ වෙන්න ඕන.. ඒකත් මේකත් එකම තැනින් එනවා බැරිද..

:       0       1

Jehaan Thursday, 24 January 2019 11:05 PM

වෙනත් දියුණු රටවක සිසුන් අවුරුදු 20 දී උපාධිය සම්පූර්ණ කරන්නේ කම්කරු රැකියාවල් කරමින්! මගේ ඥාති දුවෙක් , ඕස්ට්‍රේලියාවේ ආපන ශාලාවක පිරිසිදු කරන්නියක් ලෙස රැකියා කරමින් ඉහලින්ම උපාධියසම්පුර්ණ කළා. අපේ ලංකාවේ ළමයින්ට දවල් බත් එකේ සිට අම්මා උයාදීල අක්කලා කිලිටි ඇඳුම් සෝදා දීලා තාත්ත බඩට නොකා අතටත් සල්ලි දෙනකොට මෙන්න කරන්න තිබෙන එකම දේ.! මුන්දලාට භාර දෙන රටේ අපේ ළමයින්ට මොන කලක් යාවිද ? කට ඇරියොත් අපට දියව් විතරයි. අපෙන් රටට කෙරෙන්න අවශ්‍ය මොනවාද කියලා අහන කවුරු හරි මෙතන ඉන්නවාද ?

:       0       46

ධනුෂ්කFriday, 25 January 2019 03:46 AM

ඔබේ අදහසේ අනික් පැත්ත.ඔබේ එ් කියන දියණිය වගේ ඉගෙන ගන්න රට ගිහින්.මේ රටේ වගේ රැකියා නොකර සැපට ඉගෙන ගන්න අයත් ඉන්නවා. එ් වගේම ඔබේ දියනිය වගේ. මේ රටෙත් පාට්ටයිම් ජොබ් කරලා ගෙදරටත් මුදල් දෙන අනන්තවන් දරුවන් ඉන්නවා.පොඩ්ඩක් හොයලා බලන්න ඔය මහා පරිමාන සංවර්ධන ව්යාපෘති පටන්ගන්න කලින් කරන සමීක්ෂණ කරන්නේ කවුද. හෝටල් අැතුළු සමහර අායතන වල ටෙම්පරි වැඩ කරන්න ඉන්නේ කවුද කියලා. හැබැයි ඔවුන් කැම්පස් කියලා බෝඩ් ගහගෙන නෑ. ඔබ ඉතින් ඔය දියනියට කියන්නකෝ රට නොගිහින් පිටකොටුවේ තියන අාපන ශාලාවක වැඩ කරලා ලංකාවෙම ඉගෙන ගන්න කියලා. ඔය තියෙන්නේ පෞද්ගලික විශ්වවිද්යාල එහෙමත්. ලංකාවේ උපාධියත් ලෝකේම පිලිගන්නවනේ

:       4       1

ධනුෂ්කFriday, 25 January 2019 04:01 AM

මහත්තයෝ ලෝකේ කොහෙද. රට වෙනුවෙන් මොනාද කෙරෙන්න උවමනා කියලා බෝඩ් උස්ගෙන ඉන්නේ.කරන්න උවමනා දේ කරනවා. මේ රටේ කවුරු හෝ රජයේ හෝ පුද්ගලික අංශයේ හෝ ස්වැංරැකියාවක් හෝ කරනවනම් එයත් රට වෙනුවෙන් අනියමින් කරන සේවයක්. තමන් වෙනුවෙන් හම්බ කරත් එය එක් වන්නේ දල ජාතික නිෂ්පාදනයට. එ් වගේම අපි ඉගෙන ගන්න කාලේ අපි බකමූනේ දුෂ්කර ගමක දරුවන්ට පුස්ථකාලයක් හදලා පොත් පුරවලා දුන්නා. එ් වගේම අාපදා අවස්ථාවල බැහලම වැඩ කරලා තිවනවා. තව අයත් පරිඝණක විද්යාගාර හදලා දීලා තියනවා.හැබැයි එ්වා බෝ්ඩ් ගහගෙන කරලා නෑ. එ්කයි ඔබලා නිෂේදනීය දේවල් පමනක් දකින්නේ.මෙතන අදහස් දාලා තියන අය තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසලා බලන්න තමන් තමන් වෙනුවෙන නැතුව ස්වේච්චාවෙන් රට වෙනුවෙන් කොච්චර වැඩ කරලා තියනවද කියලා.

:       3       0

ධනුෂ්කFriday, 25 January 2019 04:05 AM

එ් දියණිය අපරාදෙනේ වියදම් කරලා රට යැව්වේ. ලංකාවේ ඉඳලා පිටකොටුවේ තියන අාපන ශාලාවක වැඩ කරන ගමන් ඉගෙන ගන්න තිබුනනේ. ලංකාවේ කලා උපාධිය අැරුනම අනික් එ්වා ලෝකේම පිලිගන්නවනේ. රජයේ එ්වා හොඳ මදිනම ඔය පුද්ගලික විශ්ව විද්යාලත් තියෙන්නේ. එ් කාලේ සයිටම් එකට ගියානම් අද එ්ක වැහුවත් කොතලාවලේ හරි ඉගෙන ගන්නවනේ.

:       5       1

ධනුෂ්ක Friday, 25 January 2019 02:51 AM

මේ දරුවන් මෙතන ඉල්ලන දේවල් එයාලට ලැබන දේවල් නෙමෙයි. පහල පරම්පරාව වෙනුවෙන් ඉල්ලන්නේ. ලෝකයේ පිලිගත් දෙයක් තමා රටක් දියුනු වෙන්නනම් ජාතික දලජාතික නිෂ්පාදිතයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන් කල යතුයි. නූගත්කම දුරු කරන්න පුලුවන් එතකොටයි. නිදහස් අධ්‍යාපනය නිසයි අපේ රට මේ තරමට හරි තැනකට අාවේ. ඔබ හිතනවද රටේ ජනතාවගෙන් 60%ක් පමන එදාවේල හොයාගන්නේ අමාරුවෙන් එ් ළමයි කොහොමද ඉගෙන ගන්නේ තින්ත ගාන්නයි ඩෙස් පුටු හදන්නයි,පන්තිකාමර හදන්නයි සල්ලි එකතු කරනවා අපේ පාසලේ කනිෂ්ඨය හැදුවේ දෙමාපියන්ගේ මුදල් එකතු කරලා.දැන් පෙලපොතුත් මුදලට.නිකන් ඉගැන්නුවත් මේ රට අපේක්ෂා කරන ලද සංවර්ධනයක් අැති නොවුනේ. සමස්ත ජනතාවගේම අාකල්ප හා නොමනා දේශපාලකයන් නිසා. ඉගෙනගත් එකාගේ වරදින් නොවේ.ඔබට නිතරම සමස්ථයම වෛරී සහගතව දේවේශ සහගතව විවේඡනය කිරීමේ උන්මාදයක් තිබෙනවා.

:       76       0

de silva Friday, 25 January 2019 05:43 AM

බොලාට වෙන්කරලා තිබෙන සල්ලි වලින් ඉගෙන ගැනීම පැත්තක දමල බොලා කරන්නේ හැමදාම පාරවල් වල බැහැගෙන අපට ගමනක් බිමනක් යන්න නැහැ හැමදාම මොකක හරි විකාරයක් අල්ලාගෙන උද්ගෝෂණ ,කරන එක

:       0       87

සනුක Friday, 25 January 2019 06:11 AM

දැන් අර පුද්ගලික අධ්‍යාපන කඩ අහෝසි කරනු කියලා බෝඩ් පේන්න නෑ නේද? මෙයාලගේ ලොක්කන්ගේ දරුවන් ඔය කියන "අධ්‍යාපන කඩ" වලින් උපාධි ගන්න පොටෝ අන්තර්ජාලයා පුරා ප්‍රසිද්ධ වුණානේ. ඉතින් රෙද්දක් ඇඳගෙන එහෙම බෝඩ් උස්සන් ඉන්න බැරිකම මිසක් මෙයාලා හරි ආසයි එහෙම බෝඩ් උස්සන් ඉන්න. නියම වැඩේ කියන්නේ ඔය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කෑ ගහන හැම කෙනාම උසස් පෙල පුද්ගලික උපකාරක පන්තිවලට ගිහින් විභාග පාස් වෙච්ච අය.

:       0       2

Manju Friday, 25 January 2019 07:11 AM

අපි සරසවියේදී ඔවැනි උදවිය ඒ කාලයේත් දැක්කා. නගරයේ පාසලකට ගිය ඉංග්‍රීසි කතා කල හැකි මධ්‍යම පන්තික උගත් පවුල්වලින් පැමිණි සිසුන්ව පෙන්නන්න බැරි කණ්ඩායමක් හිටියා. ඒ උදවියට නවක වදය සහ උද්ඝෝෂණ ඇරෙන්න වෙන කිසිම දෙයක හොඳක් පෙන්නේ නැහැ.

:       0       2

Ravi Friday, 25 January 2019 07:24 AM

පහළ පරම්පරාව ගැන හිතන්න කලින් තමන් හරියට ඉගෙන ගෙන ඊළඟට රටට හිතැති වැඩක් කරන්න හිතට ගන්න. ඊළඟට කරන්නේ රජයේ රැකියාවල් දෙන්න කියලා බෙරිහන් දීලා එකත් කරගෙන සේවය පතා ගෙන එන බදු ගෙවන ජනතාවට ගොරවන්න . අනෙක් රටවල් වල සරසවි ළමයින් මෙහෙම කාලේ නාස්ති කරමින් පොදු ජනතාවට අවහිර කරමින් පාරේ කෑගහන්නේ නැහැ . ඕවා ප්‍රවර්ධනය කරන මොකද්දෝ සමාජ වෛරයතින් පෙලෙන අය ඉන්න රටවල් හැමදාම එකතැන .

:       0       0

නිමල් Friday, 25 January 2019 09:09 AM

ධනුෂ්ක මයා. සයිටම් ප්‍රශ්නය ඉවරද? ඔබ පෙරටුගාමීද? ජවිපයද? 6% හැර කියන්න හෝ ඉල්ලන්න දෙයක් ඇත්තෙම නැත්ද? පව්... උද්ඝෝෂණය කර පාරවල් වසා මෝඩ වීරයන් වීම හරහා මොවුන් රටේ දියුණුවට කරන දෙයක් තිබේද? වෙන රටවල ස්වේච්ඡාවෙන් රෝහල් පාසල් සුද්ද කිරීම මගින් මුදල් ඉතිරිය, රටට සේවය සැලසේ... රටේ පාලකයන් කරන හොරකම් නැවතීමට මොවුන් උද්ඝෝෂණ කරනවද? එකට මගුල් කති... පෙරටුගාමීහු මෙම උද්ඝෝෂණ හරහා ඒවා අමතක කරවති.

:       0       112

Ruchi Friday, 25 January 2019 09:25 AM

අනේ බොල ධනුෂ්කයෝ. ඔය උපාධි ගන්න අය කීදෙනෙක් ලංකාවෙන් පිනට ඉගෙනගෙන විදේශීය රටවල් වල පදිංචිවෙලා ඉන්නවද කියලා දන්නවද? නිකන් බොරුවට කහින එක දැන්වත් නවත්තන්න. සතුටුවෙන්න මෙතරම් හරි දෙයක් පිනට ලැබෙන එක ගැන...

:       0       233

ධනුෂ්කFriday, 25 January 2019 12:32 PM

දරුවන් යනු දෙමාපියන්ගේ හැදියාව පෙන්වන කැඩපතකි. ඔබට මෙතැනවත් සංයමය රකින්න බැරිනම් ඔබේ හැසිරීම කොහොම අැද්ද? අැත්තටම ගම කොහේද?

:       11       0

ruchiFriday, 25 January 2019 01:10 PM

ඔය පෙන්නන්නේ හැදියාව අපූරුවට... බෝඩ් ලෑලි උස්සගෙන "වරෙවේ" " දියවූ" "කරවූ" කියකියා හැදිච්ච භාෂාවෙන්ම. මේ ගොන්තඩි ටික තමයි ලංකාවේ දියුණුවට අකුල් හෙලන නොම්මර 1....

:       0       158

Bimal Friday, 25 January 2019 09:31 AM

ධනුෂ්ක ඔබට ලොකු ආතතියක් තිබෙන බව පේනවා. අනුන්ගේ දරුවෙක් පිටරට ගිහින් ඉගෙන ගැනීම ගැන ඔබේ අදහස් ඉතා බොළඳයි. ඒ දරුවාගේ මව්පියන් ඔබ වැනි අයගේ උසස් අධ්‍යාපනයට බදු ගෙවපු උදවිය විය හැකිය. ඔබගේ වැඩිහිටියන් අනෙක් දරුවන්ගේ අධ්‍යාපනයට බදු ගෙවූ අයදැයි මම නොදනිමි. එහෙත් සමාජය පිළිබඳ කිසිම ධනාත්මක ආකල්පයක් ඔබට ලබා දී නැති බව නම් හොඳින් පැහැදිලියි.

:       0       71

ධනුෂ්කFriday, 25 January 2019 12:44 PM

බිමල් අපි රුපියල් සියයක බඩු ගත්තොත් අතනින් රුපියල් 60ක් විතර බදු. එතකොට සිඟමනේ යෙදෙන මිනිසා වුනත් බදු ගෙවනවා. ඔබගේ සංජනනය පිළිබඳ ගැටළුවක් තියෙන්නේ. මම එතනදී අදහස් කලේ. පිටරට ගිහින් එහෙම ඉගෙන ගත්තට මෙහේ එහෙම ලේසියෙන් ඉගෙන ගන්න බෑ කියන එක... පිටකොටුවේ තබා මසකට රුපියල් 75000ක වැටුපක් ගත්තත් මේ රටේ පුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න පුළුවන්ද? එ් මහතා කියලා තිබුණා... මේ රටේ දරුවන් සියල්ල දෙමාපියන් ලවාම කරගෙන පිනටම ඉගෙන ගන්න බවක්. හැබැයි බහුතරයක් එහෙම නෑ. මට කොහොමත් මේ රටේ දුක්විඳින දුප්පත් දරුවන් සමස්ථයම එකට ගෙන ගරහනකොට එ්ක දැනෙනවා.

:       50       0

Hasith Friday, 25 January 2019 09:50 AM

ධනුෂ්ක ලිඳේ ඉන්න ගෙම්බෙක් වගේ පිටරට අධ්‍යාපනය ගැන කතා කරන්නේ. පිටරට සිට අර්ධකාලීන රැකියා කරන සරසවි සිසුන්ට පිටකොටුවේ රැකියාව කළාම තිබෙන්නේ තුට්ටු දෙකේ පඩිය පමණයි. ඔබ දන්නවාද ඕස්ට්‍රේලියාවේ මූලික තලයේ බැංකු රැකියාවක් සඳහා ආපන ශාලාවක පාර්භෝගික සේවා කල තරුණයෙකුට අවස්ථාව දෙන බව... ලංකාවේ නීලගිරි හෝටලේ වැඩ කරලා ඉල්ලන්නකෝ රජයේ බැංකුවකට. ඒ වගේම ඒ සිසුන්ට පිරිසිදු ආහාර, සෞඛ්‍ය පහසුකම් සහිත යහපත් ජීවන තත්වයක් මෙන්ම පොතට සීමා නොවූ ප්‍රායෝගික පාඨමාලා හදාරන්න ලැබෙනවා. නිතරම අනුන්ගෙන් යැපෙන්නේ නැතිව තමන්ගේ ජීවිතේ වගකීම ගන්න සිසුන් හුරුවෙනවා. දියුණු ප්‍රවාහන සේවා සිසුන්ට සුබසාධන කටයුතු පහසුකම් ලැබෙනවා. පිටකොටුවේ හෝටලේ වැඩ කරමින් කොළඹ සරසවියට ඉගෙන ගන්න කියලා මම ධනුෂ්කට සාදරයෙන් ආරාධනා කරනවා. ඒ වගේම අනුන්ගේ ලැබීම්වලට සමච්චල් කළ පමණින් ඔබ අදහස් අපි පිළිගන්නේ නැති බවත් කියන්න කැමතියි...

:       0       60

ධනුෂ්කFriday, 25 January 2019 12:57 PM

හසිත් සිංහල භාෂාවේ භාෂාලංකාර කියලා දෙයක් තියනවා. හැබැයි එ්වා භාවිතා කරලා කියන දෙයක් තේරුම් ගන්න ටිකක් හැකියාවක් වුවමනායි. හැමටම එ්ක බෑ. මම අමතන්නේ එ්ක තියන අයටයි. මම එතන අදහස් කලේ ඔබේ අදහසම තමයි. ජෙහාන් මහතා පිටරට ගිහින් ළමයි ඉගෙන ගන්න විදියයි, මෙහෙ ළමයි ඉගෙන ගන්න විදියයි. කියලා තිබුණා. මම අදහස් කලේ පිටරට එහෙම පුලුවන් වුණාට මෙහේ බෑ කියලා. මෙහේ පුළුවන්ද රුපියල් ලක්ෂයක වැටුපක් ගත්තත්... පුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න. මේ රටේ පාලකයෝ එහෙම තත්වයක් මේ රටේ අැති කරලා නෑ. එ්කයි මම කිව්වේ... නැතුව එ් දැරිය උපහාසයට ලක් කළා නොවේ. යමක් කමක් හරියට තේරුම්ගෙන අදහස් දැක්වූවා නම් යහපත්...

:       25       0

Gihaan Friday, 25 January 2019 10:07 AM

මෙතන කෙනෙකුට ලොකු හීනමානයක් තිබෙන බව පැහැදිලියි. උගතුන් පාරවල් ගානේ රස්තියාදු වෙන්න උඩ ගෙඩි දෙමින්, තමන් ඉගෙන ගත යුතු කාලයේ රටේ දැනමුතු මිනිස්සුනට ගෝරනාඩු කරමින්, පවතින සමාජ ක්‍රමය එක රැයකින් ගෙම්බර් දමා වෙනස් කළ හැකි යයි සිතන බූරු තඩියෙක් මේ පාඨක සභාවේ ඉන්නවා.

:       0       65

sampath Friday, 25 January 2019 10:26 AM

මේ ළමයි ඉගෙනගන්න එක පැත්තක තියලා පාරවල් ගානේ රස්තියාදු ගහලා මේ ප්‍රශ්න විසඳන්න බැහැ. එදා වීරසූරිය පේරාදෙණියේදී මැරුන දවසේ ඉඳං එලියට අාපු අයයි රට කරවන්නේ... නිලධාරීන් වෙලා ඉන්නේ.. ඉතින් ඇත්තටම ඔනේ නම් එයාලට එ්ක කරන්න පුළුවන්... දේශපාලනයට බැන්නේ බොරුවට.. ඔයාලට අධ්‍යාපනයට යමක් කරන්න ඕනෙනම් හොඳින් ඉගෙන ගන්න කාලය පාරවල් වල නාස්ති නොකර අධ්‍යාපන කප්පාදුවක් තියේනම් ඒවාට ඔයිට වඩා දියුණු විදියට මැදිහත් වෙන්න. තනිකරම තාරුණ්‍යයේ හැඟීම් හරහා බංකොලොත් දේශපාලනයක් මේ යන්නේ.. රටේ තව වැඩ තියෙනවා.. අධ්‍යාපනය විතරක් නෙවෙයි. චිනයේ ළමයින්ට සල්ලි දීලා ඉගෙන ගන්න වෙන්නේ.. එ්ත් අඩුම නාන්න වතුරවත් සීතල කාලෙට හීටර්ස් වත් නැහැ.. අපේ ජලය, විදුලිය, අාහාර, නවාතැන්, අධ්‍යාපනය සියල්ල නොමිලේ... තමන්ගේ අධ්‍යාපනය හරියට කරගන්න. ඒ ඇති ඔයාලා නැතිවුනාට

:       0       0

පිටිගල මිලානෝ Friday, 25 January 2019 10:37 AM

ඔයාලව නටවන අර අලුත් ඉඩම් හිමි වැවිලි කාර රතු අලි ලොක්කගේ දරුවා නම් ජයටම පුද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධියකුත් අරන් වේගයෙන්ම රටේ ශ්‍රම බලකායට එකතු වුනා නේද?

:       0       2

Sarasi Friday, 25 January 2019 11:06 AM

අනේ ධනුෂ්ක, පොලවේ පය ගහලා රට ගැන හිතුවොත් නරකද? ලංකාවේ නොමිලේ උසස් අධ්‍යාපනය ලබන්නේ කීයෙන් කී දෙනාද? කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් දිස්ත්‍රික් කෝටාවට අසුවෙලා එක ලකුණකින් සරසවිය අහිමි වූ දක්ෂ දරුවන් කීදෙනෙක් ඉන්නවද? ඒ ළමයින්ව කුඹුරු කොටන්න හරි පිටකොටුවේ හෝටලේ වැඩට යවන්න කියලද ධනුෂ්ක කියන්නේ...? අධ්‍යාපනය සැමගේම අයිතියක් කියා නොදන්නා , මුදලක් ගෙවා හෝ මනා අධ්‍යාපනයක් ලැබීමට සැමට අයිතියක් ඇති බව නොදන්නා උගතුන්ද මේ රටේ ඉන්න හැඩයි. කන්නන්ගර මහතා හිටියා නම් මේවගේ අමන කතා අහලා ඔලුවේ අත ගසා ගනීවි.

:       0       126

Janaka Friday, 25 January 2019 11:15 AM

ආ ධනුෂ්ක, මොකද මේ ඔබතුමා කියන්නේ මේ රටේ සංවර්ධනයක් නැත්තේ සමස්ත ජනතාවගේ ආකල්ප නිසා කියලා. ඒ කියන්නේ මේ රටේ හරි හමන් ආකල්ප තිබෙන එකම කොට්ටාශය ඔබ සහ මේ මෝඩ සිසුන් රොත්ත කියලද කියන්නේ? හැම දෙයක්ම නොමිලේ ලැබෙනකම් බලන් ඉන්න. අපට දියව් යන වචන ටික විතරක් දන්නා බක පණ්ඩිතයන් ඉන්නා රටක මොන දියුණුවක්ද?

:       0       97

ධනුෂ්කFriday, 25 January 2019 01:10 PM

ජානක ඔබටත් කියනවා. සමස්තය කියන්නේ මේ දරුවන්ද අැතුලත්ව... මොකද ඔවුනුත් නියෝජනය කරන්නේ මේ මහ සමාජය. ඉගෙන ගත්තට මහ සමාජයම දරන අාකල්ප කරපින්නගෙන යනවා නම් දියුණුවක් නෑ. ඉගෙන ගත් කෙනාට පමණක් බැන්නට වැඩක් නෑ කියන්නේ එ්කයි... මේ සියල්ලටම මුල මේ මහ සමාජයේ අාකල්ප හා පාලකයින්... නිදසුනක්, මේ රට අවුරුදු 70ක් පාලනය කරන කොටස් දෙකක් ඉන්නවා. මමත් ඔබත්... අනික් අයත් දන්නවා... මේ රට මේ තැනට වැටුනේ ඔවුන්ගේ කෙරුවාව නිසා කියලා. නමුත් නැවතත් පාර්ලිමේන්තුවට යවන්නේ ඔවුන්ම නොවේද? රටේ වැඩිම උගත් බුද්ධිමත් ජනතාවක් ඉන්නවා කියන ගම්පහින් වරක් ටෙලි නිලියක් වැඩිම මනාපයෙන් යැව්වා මතකද? තව මොන කතාද?

:       0       0

wedage Friday, 25 January 2019 11:23 AM

මේ සියලුම දෙනා කියන්නේ විශ්වවිද්‍යාල වහන්න කියලද? ළමයින් උද්ඝෝෂණ නොකළා නම් මෙලහට බලාගන්න තිබුණා රඟේ..

:       149       0

ruchiFriday, 25 January 2019 02:02 PM

ආ මොකක්ද රඟේ? කියමු බලන්න අපිටත් දැනගන්න..

:       0       83

Channa Friday, 25 January 2019 11:47 AM

වෙදගේ, මෙතන මිනිස්සු කියන්නේ විශ්ව විද්‍යාල වහන්න කියලා නෙවෙයි. හැම දෙයක්ම අතට පයට බලාපොරොත්තු නොවී, ජනතාවගේ බදු මුදල් නාස්ති නොකර, කාලේ නාස්ති නොකර ඉගෙන ගන්න කියලා. කිසිම දියුණු රටක නැති වරප්‍රසාදයක් ලැබුණා මදිවාට, එ්කත් මදි කියමින් පාරවල් අවහිර කරමින්, ජනතාවට බාධා කරන හරිද?

:       0       56

lanka Friday, 25 January 2019 03:54 PM

නිකම්ම පාරට බැස අධ්‍යාපනයට 6%ක් වෙන් කරන්නට යයි කියා මොරගාන්නේ නැතිව, එම 6% ලබාගැනීම සඳහා කපාහැරිය යුතු රජයේ අනිකුත් වියදම් මොනවද යයි යෝජනා කිරීම වැදගත්... උදාහරණ ලෙස, අධ්‍යාපනය සඳහා 6%ක් ප්‍රතිපාදන වෙන් කිරීම උදෙසා, කපා හැරිය යුතු අනිකුත් රජයේ වියදම් වන්නේ සෞක්‍ය සේවයද, සමෘධි ගෙවීම්ද, ආරක්ෂක සේවාවන්ද, මාර්ග නඩත්තු කිරීමද, ප්‍රවාහන සේවාවන්ද, එසේත් නැත්නම් සියලු රජයේ සේවකයින්ගේ වැටුප්ද යන්න ඔවුන් ඔසවාගෙන සිටින සටන් පාඨවල සඳහන් කිරීම වඩා අර්ථවත් යයි සිතමි...

:       0       4

sandy123 Friday, 25 January 2019 06:16 PM

හැමෝටම කෙටියෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. නිකන් දෙන කොට කිසිම දේක අගයක් නැහැ. අමාරුවෙන් හම්බකලාද රුපියලක් ඒක වටිනවා මහේ මෙරක් වගේ. පිනට රුපියල් දාහක් ලැබුනත් අගේ නැහැ. මමත් ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනය පිහිටෙන්. නමුත් කිසිම විටක ඇති දේ අගය කල මුත් නැති දේට හඩා වැටුනෙත් නැහැ. අපි අකමැති වුනත් ලැබෙන්න තියන දෙයක් ලැබෙනවාමයි. කාටවත්ම ඒක නැති කරන්න බැහැ. අඩුම ගනනේ තමන්ටවත්.

:       0       6

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site