සිරභාරයෙන් නිදහස් වූ ගලගොඩ අත්තේ හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්
(දයාසීලි ලියනගේ සහ ජයන්ත සමරකෝන්)
විනාශයට පත්ව තිබෙන මේ රට යළි ගොඩනැඟීම සඳහා ජාතික තලයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබන බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කළහ.
ඥානසාර හිමියන්ට සමාව ලබාදෙන ලෙසට මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් කරන ලද ඉල්ලීමට අනුව පසුගිය 24 වනදා උන්වහන්සේට පූර්ණ නිදහස ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කර තිබුණි.
ඒ අනුව නිදහස ලැබූ උන්වහන්සේ ‘ඉරිදා ලංකාදීපය’ කළ විමසීමකදී මෙසේ ද කීහ.
“මේ රටට සිදුවන විනාශයෙන් ගොඩගැනීමට ජාතික තලයේ වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ සඳහා නායකත්වයක් අවශ්‍යයි.
බොදු බල සේනා සංවිධානය මින් ඉදිරියට ඒ වගකීම ද ඉටු කරනු ලබනවා. පවතින තත්ත්වය ගැන පවතින්නේ බලවත් හිත් වේදනාවක්. ඉදිරියේ දී අපිට ඉතාම ඉවසීමෙන් කටයුතු කිරීමට සිදුවී තිබෙනවා.
මේ අන්තවාදය පරාජය නොකළොත් රට විනාශවීම ස්ථිරයි. ඒනිසා මේ අන්තවාදය පරාජය කළ යුතුමයි. එසේ නොකර රටක් වශයෙන් අපට ඉදිරියට යන්න බැහැ. සංවර්ධනයක්, දියුණුවක් ලබන්න බැහැ. මේ රටේ ජනතාව විවිධ අංශවලින් දුක් විඳලා තියෙනවා. ඒ රට වෙනුවෙන්. ජීවිතය පූජා කරන්නත් අපට රටක් තිබිය යුතුයි. ඒ රට රැක ගත යුතුයි.
අද (26) ශ්‍රී දළදා හාමුදුරුවන් වැඳ පුදා ගෙන මහ නායක හිමිවරුන් ද බැහැදැක අපේ ඉදිරි වැඩ කටයුතුවලට ආශිර්වාදය ලබා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා” උන්වහන්සේ කීහ.
2025 නොවැම්බර් මස 21
161
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
232
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1102
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මේ අන්තවාදය පරාජය කළ යුතුමයි රට ගොඩගන්න බලවේගයක් හදනවා
S.lasantha ruwan kumara Wickramarathna Wednesday, 05 June 2019 01:47 AM
දැනට මේ දේශපාලනයේ ඉන්න අවස්තාවාදී , කුහකයින් කිසිවෙක් සම්බන්ද කර නොගෙන අවංක ගමනකට උපරිම සහය දෙනවා. මුස්ලිමුන් වගේ අපේ පන්සල් හරහා හෝ වෙනත් ආකාරයකින් සියලුම ජනතාවට සන්නිවේදනය කල හැකි ක්‍රමයක් හැදිය යුතුයි. මේ පරගැති පලනය වෙනස් කල යුතුමය.