IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කවුරු විරුද්ධ වුණත් එල්ලා මැරීම ස්ථිරයි

ඉදිරි සති දෙක තුළ දඬුවම්  ක්‍රියාත්මකයි?

(අජන්ත කුමාර අගලකඩ)   

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය කුමන විරෝධතා එල්ල වුවද ආපස්සට නොගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීන්දු කර ඇතැයි වාර්තා වේ.   


ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිවු දෙනකු එල්ලා මරා දැමීමට ගෙන ඇති තීරණය ඉදිරි සති දෙක ඇතුළත ක්‍රියාත්මක කෙරෙනු ඇත.   

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිරගතව සිටින පිරිස අතුරින් ප්‍රධානපෙළේ සිවු දෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ ලේඛනයට ජනාධිපතිවරයා ලෝක මත්ද්‍රව්‍ය විරෝධි දිනය යෙදී තිබූ ඉකුත් 26 වැනිදා අත්සන් කර තිබිණි.   


ඔවුන් සිවු දෙනාට මරණ දඬුවම ක්‍රියාත්මක කරන දිනය ද තීරණය කර ඇති බවත් ඒ අනුව ඉදිරි දෙසතිය තුළ එය ක්‍රියාත්මක වනු ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් බදාදා පළමුවරට ප්‍රකාශ කළේය.   


ජනාධිපතිවරයාගේ එම තීරණය සම්බන්ධයෙන් දේශීය හා විදේශීය වශයෙන් ද විරෝධතා රැසක් මේ වනවිට එල්ල වී තිබේ. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට යු​ෙරා්පා සංගමයත් බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයත් විරෝධය පළකර තිබිණි.   


ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් එය පසුගිය වසරේ පැවැති එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරයට දුන් පොරොන්දුව කැඩීමක් බව යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබිණි.   


මේ අතර මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නම් ත්‍රස්තවාදය මර්දනය කිරීම ඇතුළු නීති බලාත්මක කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම දුෂ්කර බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් මගින් කියා තිබිණි.   


ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයද කියා තිබුණේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය වහා නැවැත්විය යුතු බවය. මේ අතර එක්සත් ජාතික පක්ෂයද මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට විරුද්ධ බව ප්‍රකාශ කර තිබිණි. කෙසේ වුවද කුමන විරෝධතා එල්ල වුවද මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීරණයේ වෙනසක් කිරීමට ජනාධිපතිවරයා අදහස් නොකරන බව ආරංචි මාර්ගවලින් පැවසේ.  

 

 



අදහස් (1)

කවුරු විරුද්ධ වුණත් එල්ලා මැරීම ස්ථිරයි

[email protected] Friday, 05 July 2019 03:48 PM

එම වැඩේ හරියනෙත් නැ වගේ

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 84 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 880 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site