රටේ ඇතිවී තිබෙන වත්මන් ව්‍යාකූලත්වයට හේතුව ජනපතිවරයා සහ අගමැතිවරයා අතර ඇතිවී තිබෙන බල පොරය යයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19 ) පැවසීය. රටේ ඇතිවී ඇතැයි කියන අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් දිසානායක මහතා මේ බව පැවසීය.
අනුර කුමාර දිසානායක මහතා - මේ මොහොතේ රටේ මතුවී තිබෙන අරාජික තත්ත්වය ගැන විවාදයක් පැවැත්විය යුතුයි කියලයි මේ විවාදය පවත්වන්න තීරණය කළේ. මේ විවාදය ගැන විවිධ අර්ථකථන මතුකරමින් තිබෙනවා.
මෙම මැතිවරණය ජනමත විචාරණයක් ලෙස සමහරු අර්ථ කථනය කරනවා.
ජනමත විචාරණයක තියෙන්නේ කඳවුරු දෙකයි. එහෙනම් ජනමත විචාරණයක් යැයි කියන කණ්ඩායම පරාජය වී තිබෙනවා. මෙය ජනමත විචාරණයක් යැයි කීමම තමයි ආණ්ඩුවට වාසි සහගත වෙන්නේ.
මෙය ජනමත විචාරණයක් නොවෙයි. මේ මැතිවරණයට එක් එක් දේශපාලන ධාරාවන් තම තමන්ගේ දේශපාලන මතයක් එක්ක ඉදිරිපත් වුණා. පළාත් පාලන මැතිවරණ විග්‍රහ කළොත් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරන්න ඉඩ තිබෙන්නේ ආණ්ඩු පාර්ශ්වය. හැබැයි මෙවර ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්ව විශාලම පසුබෑමකට ලක්වී තිබෙනවා.
එජාපය බරපතලම කඩා වැටීමට ලක් වී තිබෙනවා. ඒ වගේම ශ්‍රීලනිපය ජනාධිපතිධුරයත් අතේ තියාගෙන මැතිවරණයට එළඹුනා. ශ්‍රීලනිපය ඩාලි පාරේ නෙමෙයි වෙන තැනක තිබෙන බව පෙන්නුම් කර තිබෙනවා. එය පිළිගත යුතුයි.
අපි අපේකෂා කළ ප්‍රතිඵලය නොවූවත් වැඩිපුර ඡන්ද අරගෙන තිබෙනවා. මේ මැතිවරණයෙන් උතුරේ දේශපාලන ප්‍රතිඵලය ගැනත් අවධානය යොමු කළ යුතුයි. මේ මැතිවරණය හැම දේශපාලන ව්‍යාපාරයක් ගැනම නැවත හැරී බලන්න උගන්වනවා.
මේ අරාජිකත්වය පැණ නැගුනේ ඡන්ද ප්‍රතිඵලය මත නොවෙයි. ආණ්ඩුව ඉතා නිශ්චිත ලෙස කණ්ඩායම් දෙකක් ලෙස තමයි කටයුතු කළේ. ඒ ගැටුම කොච්චර තීව්ර වුණාද කියනවා නම් මැතිවරණයෙන් පසු එකට සිටීමට නොහැකි වුණා.
2015 ජනවාරි 08 වැනිදා ජනතාව විශාල ජනවරමක් දුන්නා ජනාධිපතිට සහ අගමැතිට. ජනාධිපතිගේ පැත්තෙන් කල්පනා කළා එය අනභිබවනීය බලයක් කියලා. නැවත බලයක් ඒ පුටුවේ වාඩි වෙන්න පුළුවන්ද කියලා බලන්න ගත්තා.
අගමැතිවරයාට විධායක පුටුවේ වාඩි වෙන්න බැරි වුණා. ජනවාරි අට වැනිදායින් පස්සේ ඔහු බැලුවා මේ විධායක පුටුවේ වාඩිවෙන්න පුළුවන්ද කියලා. 2015 නියම ප්‍රතිඵලය මේ දෙදෙනාම අමතක කළා.
මේ අවුරුදු තුනම දියත් වුණේ මේ දෙදෙනාම එළඹෙන ජනාධිපතිවරණයකදි පුටුවේ වාඩි වීමට කරන දාදු කෙළියක් විදියට. ජනවාරි අට ජනවරමට පිටුපස හැරෙව්වා. වංචාවන්ට දූෂණයන්ට එරෙහිව වැඩ කළ ආයතන අඩපන කළා. මේ ආණ්ඩුව දැමූ පළවෙනි නඩුව තමයි ලලිත් වීරතුංගට විරුද්ධ නඩුව. එම නඩුවේ තීන්දුව අතිශය වැදගත් වුණා. දූෂිතයන් පිළිබඳ ගොඩ නගා තිබූ මතය සැබෑවක්ද නැද්ද කියන එක බලන්න. හැබැයි මොකද වුණේ?
ඒ නඩුව වෙනුවෙන් පෙනී හිටපු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අගය කළේ නෑ. ලලිත් වීරතුංග සිරගත වූ වහාම මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ගිහින් අගමැති හමුවුණා. අභියාචනාධිකරණයේ නඩුව ගොනු කළා. හයිකෝට් එකට ගිහින් ඇප ඉල්ලුවා. මේක වංචාවක් කියලා තර්ක කරපු තුසිත මුදලිගේ කියන ජ්‍යෙෂ්ඨ නීතීඥයා ඇප ඉල්ලන දවසේ උසාවි ගියේ නැත්තේ ඇයි? තමුන්නාන්සෙලාගේ උපදෙස් ආවා ඇප ඉල්ලනවට විරුද්ධ නොවන්න කියලා. වංචාවන්ට දූෂණයන්ට එරෙහි ආයතන අඩපණ කළා.
නීතිපති දොපර්තමේන්තුවේ නිලධාරීන් කිව්වා දූෂිතයන් රකින්නේ ඇමැතිවරුන් නම් අපි ගිහින් කොහොමද නඩු කරන්නේ කියලා. වංචනිකයන්ට දඩුවම් දීම ගැන බලාපොරොත්තුව තමුන්නාන්සේලා ප්‍රතික්ෂේප කළා.
තමුන්නාන්සේලා ප්‍රබල වංචා දූෂකයන්ගේ හවුල්කාරයන් බවට පත් වුණා. ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නැතිව ගියා දූෂිතයන්ට දඬුවම් දෙන්න. මම අදත් අහනවා, දිල්රුක්ෂි ඩයස් අල්ලස් අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කළේ ඇයි කියලා මේ ආණ්ඩුව තවම පාර්ලිමේන්තුවට කියලා නෑ. ඇය ගෝඨාභයට එරෙහිව නඩුවක් දැම්මා. පහුවෙනිදාම ඇයව මාරු කළා. අගමැති සහ ජනාධිපති ඇවිත් අභියෝග කළොත් මම සාක්කි ඇතිව පෙන්වනවා රැක්ක විදිය ගැන.
පරීක්ෂණ අඩපණ වුණේ පරීක්ෂණවලට බාධා කරන ආණ්ඩුවක් තිබුණ නිසයි.
මොන නිලධාරියාද අද ඇමැති නියෝග පිළිගන්නේ?
මුළු රටම අරාජික තත්ත්වයට පත් වුණා. මේකට හේතුව ඡන්ද ප්‍රතිඵලය නෙවෙයි. බලපොරයයි.
ජනාධිපතිවරයා ආයෙත් පුටුවේ වාඩි වෙන්න සිහින මවන්න එපා. අගමැතිවරයාත් ජනාධිපති පුටුවේ වාඩි වෙන්න සිහින දකින්න එපා.
දෙදෙනාම කරන බල සූදුව නතර කරන්න. ජනවාරි අට වැනිදා එකතු වූ බලවේග ආයේ කවදාවත් එකතු වෙන්නේ නෑ.
පාර්ලිමේන්තුවේ කුණුමාළු වගේ විකිණෙන අය ගොඩක් ඉන්නවා. කොට විකිණෙනවා වගේ විකිණෙන කණ්ඩායමක් ඉන්නවා. එහෙම ඔළුගෙඩි මාරු කරලා ආණ්ඩුවක් ස්ථාවර කර ගන්න බෑ.
ආණ්ඩුව ස්ථාවර කර ගත හැක්කේ ජනවාරි අට අභිලාෂය ඉටු කරනවා නම් පමණයි. අද ජනතාව වෙනදට වඩා සක්‍රීයයි. ජනවාරි අට වෙනිදා අභිලාෂය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ පෙනී සිටිනවා‘“ යයි ද අනුර කුමාර දිසානායක මහතා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා හොඳ ළමයා වගේ පැත්තකට වෙලා ඉන්නවද? ඒ අය ඕනෙ දෙයක් කරගත්ත දෙන්....
අම්මපා... අදනේ අපි මේක දැනගත්තේ. රතු මල්ලියත් මාර වැඩ කාරයෙක්නේ බලාගෙන ගියාම... මල්ලිලාට "බල තණ්හාව" ඔලුවේ නැද්ද මල්ලියේ? කට ඇරලා ඇත්ත කියන්න මල්ලියේ...
කෙටියෙන් කියනවා නම් සහතික ඇත්ත...
හරි ප්‍රතිපත්තියක් නැතිකමයි. ඔක්කොම පොරොන්දු බලය මිස රටට නොවේ.
ජනවාරි 8දා අපිත් කඩේ ගිය නිසා බොරුවට ටිකක් බනින්නම්... තරහා ගන්න එපා. ප්‍රශ්නයක් නැහැ. කරගෙන යන්න. යටින් අපි සපෝර්ට්.
එහෙම බැලුවොත් 225 ම එකයි.
රතු මල්ලි.. සියලු සාක්ෂි ඔයා ගාව තිබුණට එක කොමිසමකටවත්, නඩුවකටවත් සාක්ෂි දෙන්න ගියේ නැත්තේ මොකද?
අන්න විජ්වීරගේ නෝනා ගේ හදන්න එකතු කරපු සල්ලි වලට මොකද වුනේ අහනවා..
දැන්වත් ඔය වැඩේ නවත්වන්න. ඔයා හැමදාම කරන්නේ අනික් අයට බැණ, බැණ ඉන්න එක විතරයි කිසිම දෙයක් අද වනතුරුත් රටට කරලා නැහැ එක කොට්ටාශයක්වත් හරියට කරේත් නැහැ
ජවිපෙ අද රටේ තියෙන හොඳම පක්ෂයක්. 2020 වෙනසක් කරමු.
කතාව සම්පුර්ණ ඇත්ත. නමුත් සහෝදරයා මේ බල පොර නැති කරන්න, ජනතාවට සෙතක් සලසන්න අවුරුදු 50 ක කාලයක් ගිහින් තවම ඔය සහෝදරයාලට බැරි වෙලා තියෙනවානේ? ඒ ඇයි කියාලත් හොයා බැලුවොත් නරකද? .
අනුර මහත්තයා, ඔබ පවසන ලද වැදගත් අදහස පොල්ලෙලි වලට තේරී නැති හැඩයි. මේ සිරි ලංකාවනේ...
ජනතා විමුක්ති පෙරමුණට මේ ඡන්දය හොදම අවස්ථාව වුන තමන්ගේ බලය පෙන්නන්න. ඒත් තාම හිටපු තැනමයි.
ඉස්සෙලාම 2015 දී ඔබලා දාපු දූෂණ වංචා නඩු ටිකට මොකද වුනේ කියල බලන්න . රටට ආදරේනම් ඒවා අයේ උඩට ගන්න බලන්න , බලය පසුපස හබා යන්නේ නැතුව . මොකද ඔබතුමාලා බලයට එද්දී ජනතාව හාමතේ මැරිලා ඉදියි . සල්ලි කෝටි ගණන් හැමතැනම හංගලා . මහජනතාව දුක්විදිනව ඒවා ගෙවන්න. සැබෑ දෙශප්‍රමියෙක් නම් ඉක්මනට ඒවා පසුපස හබා යන්න . ආපසු ලබා ගන්න උත්සහ කරන්න . ජයවේවා!
මෙයාල දගලන්නෙත් ඔය ටිකටම නේද?