IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මාතලේ මැතිවරණ පැමිණිලි 28ක්

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)

මාතලේ දිස්ත්‍රික්ය තුළ නාමයෝජනා භාරදීමෙන් අනතුරුව අද(28) වන විට  මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් පිළිබඳ පැමිණිලි 28 ක් වාර්තාවී ඇතැයි මාතලේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය පවසයි.

ඒ අතර පොත් ප්‍රදානය කිරිම්, පොල් පැල ප්‍රදානයන්, කුකුළු පැටවු , ගෑස් සිලින්ඩර්, නිවාස ආධාර ප්‍රදානයන් පිළිබදව හා පොල්ස්ටර් ඇලවීම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා, රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මන්ත්‍රි රංජිත් අලුවිහාරේ හා රෝහිණි කවිරත්න,  පළාත් සභා මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් මැතිවරණ කාර්යාලය වෙත පැමිණිලි කර ඇතැයි වාර්තාවේ.

එම සිද්ධින් පිළිබදව අදාළ පොලිස් ස්ථාන දැනුවත් කර මැතිවරණ නීති උල්ලංඝනය කරමින්  සිදු කිරිමට ගිය භාණ්ඩ ප්‍රදානයන් වළක්වා ලීමට අවශ්‍ය පියවර ගත් බව මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානික රූපසිංහ මහතා සදහන් කළේය.



අදහස් (0)

මාතලේ මැතිවරණ පැමිණිලි 28ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site