නිමල කොඩිතුවක්කු , ඡායාරූප - ළහිරු හර්ෂණ
වත්මන් ජාතික රජය විජාතික රටවල රූකඩයක් බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසීය.
විජාතික රටවල වුවමනාව මත රට බෙදන ව්‍යවස්තාව කඩිනම්න් සම්මත කිරිම ජාතික රජයේ ඊලඟ ඉලක්කය බවට පත්ව ඇති බවද ඔහු කියා සිටියේය.
රාජගිරිය පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී ජාතික සංවිධාන එකමුතුව අද (22) කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ කැ`දවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මෙසේද කීය.
‘‘ අද රටේ ඇතිවෙලා තියෙන දේශපාලන තත්වය පිළිබඳ බොහෝ දෙනා වික්ෂිප්ත වෙලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදනවා කියලා කිව්වා. පොහොට්ටුවේ අය කිව්වා එහෙම හදනවනම් උදවු කරනවා කියලා. ඒ විතරක් නෙමෙයි සමහරු අගමැති වෙන්නත් බලන් හිටියා. ගිහිල්ලා ගිහිල්ලා අන්තිමේදි බලපුවහම වෙච්ච දෙයක් නැහැ. අර පරන තත්වයටම ආවා. ‘‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතා රටේ ජීවත් වෙන එක ගැන ප්‍රශ්නයක් නැද්ද? අපිට විතරද මේ විජාතික කේස් අදින්නෙ?
දේශපාලකයෝ ඔක්කොම එකතුවෙලා මහජන මුදල් කොල්ල කනවා ........
වයසට ගියත් ජාතිවාදී කුහකකම් බිංදුවක්වත් අඩුවී නැත. මොවුන්ට හිමි නරකාදිය පමණි.
තම ජිවිතයේ අන්තිම කාලයේදීවත් මේ මිනිස්සුන්ට මේ ජාතිවාදි, නරුම මතවාදවලින් බැහැර වෙලා රටේ ජාතික සමගිය හා සංහිඳියාව ඇති කරන්න උදව් කරන්න බැරිහැටි. ඊළඟ පරම්පරාවටත් ආරාවුල් වලින් පිරුණු රටක් හදා දෙන්න දඟලන හැටි දැක්කාම කණගාටු හිතෙනවා.
මේ උන්නැහෙත් තවත් කෙනෙකුගේ පදේට නටන ජාතිවාදී අන්තගාමී රූකඩයෙක් කියලයි මට නම් හිතෙන්නේ !
විජාතික කේස් අදින්නෙ මෙයා විතරක් නෙවේ! පුත්තු සහ දුවල ඇමෙරිකා යවල ඇමෙරිකන් විරෝදී ගිරිය පුප්පන තව කොච්චර ඉන්නවද!
මොකක්ද මේ විජාතික මන්තරේ හැමදාම මතුරන ? අදහන දෙවිවරයගේ සහෝදරයන්දෙදෙනෙකුත් විජාතික පුරවැසියන් වෙච්චකොට , කියන්නකොබලන්න ඒ පුරවැසිකම් අතහරින්න කියල . විදේශ රටවල් නැතිව මොහොතක් ජීවත් වෙන්න පුළුවනිද? ඔබ තුමාට නම් මොකද හෙට අනිද්ද ලෝතකම දාල යාවි. අනාගත පරපුරට සමගියෙන් ජීවත් වෙන්න ඔය පටු ජාත්වාදය අත්හරින්න කියල දැන්වත් උපදෙස් දෙන්න
සැම විටම ජාතිවාදී අදහස් ප්‍රකාශ නිකුත් කරන මොවුන් ඇත්තටම ආචාර්ය පට්ටම් වලට නුසුදුසු ගෝත්‍රික මිනිස්සු.
ඔය වගේ පුද්ගලික දේවල් ගැන ප්‍රශ්න තියෙන්නේ සිංහල අපට විතරයි. ලංකාව නොදුටු දෙමළ තරුණයෝ පවා කොටි වෙනුවෙන් මුදල් එකතු කලා මේ රටේ. කවුරුවත් මෝඩ ප්‍රශ්න ඇහුවෙ නැ
එතකොට මේ රටේ ඉඩම් ඉන්දියාවට, චීනේට, සින්නක්කරම දෙනකොට මෙයා හිට්යේ කොහෙද?
බලපල්ලා මේ මුණු වල හැටි ?? තූ නොදන්කින් !!!!!
හැබෑට? මේ ඔබ තුමා කියනකල් ඒ වගක් අපට තෙරුනේම නැනේ. බලන්නකෝ එකෙත් හැටි.
ගුණදාස අමරසේකෙර පොදුජන පෙරමුණේ රූකඩයක්.
ඔය ජාතික චින්තන ගොඩක් අයගේ දරු මල්ලෝ ඉන්නේ ඇමෙරිකාවේ නේද? මෙයාල කියන්නේ වැදි බණ
මේ වයසක අය දැන් දේශපාලනයෙන් ඉවත්වෙලා තරුණ පරපුරට රට බාර දිය යුතුයි......
පුතා ඉන්නෙත් ඒ වගේ රටක නේ...
ඔබතුමා දොඩවනවා ආවට ගියාට ඔබට මේ වෙලාවේ හොදම දෙය මම කියන්නද ? භාවනා යෝගීව කටයුතු කරන්න කරන ලද අකුසල් ගැන මෙනෙහි කරගෙන කටයුතු කරන්න ඔබට ජය.
විජාතික මේ සෙට් එකේ කතාවම විජාතික ජනතාව ගොනාට අන්දන්න හදනවද
ඔයිට වඩා හොඳයි ඊළඟ භවය වෙනුවෙන් යමක් කරගත්ත නම් !
මෙතුමා කියපු දේවල් කවදද සිද්ධ වුනේ.
මෙයාට විමල්ට මෙන්ම මොලයක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද?