යාළුවෝ පියෝ, පියෝ කියලා තමයි කතා කළේ. ඒත් දැන් කියන්නේ ‘‘රිතී” කියලයි.
සතියේ දින පහේම විකාශය කෙරෙන රිතූ නාට්‍ය මාලාව නිසයි. ස්වාධීන රූපවාහිනියෙන් රාත‍්‍රී 8ට රිතීව හමුවන්න පුළුවනි.
මගේ සම්පූර්ණ නම පියුමි හංසමාලි ගෝමස්. ගම රාජගිරිය. ඉගෙන ගත්තෙ ශ්‍රී සෝභිත විද්‍යාලයෙන්. ලග්නය කුම්භ. වයස අවුරුදු 22යි. අම්මායි-මමයි සතුටින් ජීවිතය ගත කරනවා. රඟපෑම තෝරා ගන්නට පෙර, මම නිරූපිකාවක ලෙස කටයුතු කළා. දැනටත් ඒ අංශයේ නියැලෙනවා. මොඩල් ඔෆ් දි ඉයර් නිව් ජෙනරේෂන් කියන ඉසව්ව හරහා තමයි ඒ ක්ෂේත‍්‍රයට ආවේ. රඟපෑම අහම්බයක්.
ඇත්තටම බයක් ඇති වුණා. හැබැයි දැන් නම් හරි
රඟපෑම ගැන සිහිනයක් තිබුණේ නැහැ. නමුත් ආරාධනාව ලැබුණා. ඉතින් බාර ගත්තා.
මම රඟපෑම හදාරලා නැහැ. ඒක ඇත්ත. නමුත් තමන්ගෙ දැක්ම සහ අධ්‍යක්ෂවරයාගෙ මග පෙන්වීම මත රංගනයට ප‍්‍රවේශ වෙන්න පුළුවනි. දක්ෂ අධ්‍යක්ෂවරයකුට ඇත්තටම කළ හැකි දේ බොහෝයි. ලෝකයේ බොහෝ නිර්මාණවලට ඒ විදියට නළු-නිළියන් බිහි කරලා තියෙනවා.
හැකියාව කියන දේ අනිවාර්්‍යයෙන් තිබිය යුතු දෙයක්. නමුත් ඒ හැකියාව නිවැරදිව හඳුනාගෙන නිවැරදි මෙහෙයවීම කරන්නේ අධ්‍යක්ෂවරයායි.
මෙහි මගේ පෙම්වතා ලෙස රඟපාන්නෙ විශ්ව කොඩිකාරයි. මම බස් නැවතුම්පොළක සිටියදී, තරුණයකු මා සිටින තැනට දිව එනවා, ඔහු පිටුපස පොලිස් නිලධාරීන් ලූහු බඳිනවා. ඔහු එක පාරටම මගේ ළඟට ඇවිත් කුඩය ඔසවාගෙන සිටි මට තුරුල් වී ඔයාගේ සහෝදරයාට උදව් කරන්න කියනවා. එතකොට මම, ”අනේ ඇයි මේ? මොකක්ද මේ කරන්නෙ” කියලා කියන්නයි තිබුණේ. අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීම අනුව මට එය හොඳට කරන්න පුළුවන් වුණා.
ඇත්තටම විශ්ව හොඳ කෙනෙක්. ඒ වගේම තමයි මෙහි මගේ අම්මා සහ තාත්තා ලෙස රඟපාන ශ්‍රීයන්ත මහතා සහ නිරෝෂා මහත්මිය. ඒ දෙන්නා මගේ තාත්තා-අම්මා වීම මට අදාහගත නොහැකි තරමේ දෙයක් වුණා. ඒ තරම් දක්ෂ දෙදෙනකු සමඟ රඟපෑමට ලැබීම ලොකුම වාසනාවක් වුණා. මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. ඒත් මට ඔහුට තාත්තා කියද්දි දැනුණු හැඟීම ඉතා ඉහළයි.
රිතූ නාට්‍යයේ නෙවෙයි. ඊට පෙර, නාට්‍යයක රඟපෑම සඳහා ස්ක‍්‍රීන් ටෙස්ට් එකට (තිර පරීක්ෂණයට) ගියා. එහි අධ්‍යක්ෂවරයා හරිම සැරෙන් මට කතා කළේ. සැරෙන් බැන්නාම මට එපා වුණා. ඊට පෙර මම රඟපාලා තිබුණෙ නැහැ. ඉතින් එයාට ඒ ගැන කිව්වත්, සැරෙන් කතා කළේ.
මම ආසම විජය කුමාරණතුංගයන්ට
ඔව්, දැන් ඔහු නැහැ. ඒත් විජයකුමාරණතුංගයන් සහ මාලිනි ෆොන්සේකා යුවළ රඟපෑ චිත‍්‍රපට අදටත් මම නරඹන්නෙ හරිම ආසාවෙන්. මගේ ප‍්‍රියතම සහ වැඩියෙන්ම කැමති තරු යුවළ ඒ දෙන්නයි.
තවම චරිත ගොඩාක් රඟපාලා නැහැනේ. විශ්ව එක්ක තමයි ඉස්සලේලාම රඟපාන්න ලැබුණෙ. විශ්වගෙන් ලැබුණු සහයෝගය හරිම ඉහළයි. මම හිතන්නේ ඒ කතාවෙ හැටියට අපි දෙන්නා හොඳට ගැලපුණා.
ඇත්තටම අමාරුයි. ඒත් උත්සාහ කළොත් කරන්න බැරි දෙයක් නැහැ. මම මේක හීනෙකින්වත් හිතුවෙ නැති දෙයක්. සියල්ල ලැබෙන්න ඇත්තෙ පව් පිං කරලා තියෙන විදියට වෙන්න ඇති. කුඩා කාලයේ ඉඳලා මගේ සිහිනය වුණේ ගුවන් සේවිකාවක වීමටයි. ඒත් ඊටත් වඩා ලොකු වාසනාවක් හැටියට රඟපෑමට එන්න ලැබුණා. ඒ සතුට කියලා නිම කරන්න බැහැ. වෙලාවකට මං හරි ලකී කියලා හිතෙනවා.
පොඩි දේටත් මට නිතරම හිනා යනවා. ඒ නිසා කැමරා අධ්‍යක්ෂ රොෂාන්ගෙන් නම් බැනුම් අහන වාර එමටයි.
දැන් ඒ බැණුම් අහන එකත් හරි ජොලි.
ලැබෙන දේ උපරිම ගෞරවයෙන් කරන, කාටවත් කරදරයක් නැති මම හරි හොඳයි කියලා හිතෙනවා.
හැඩගැන්වීම - සුමුදු වසන්ත
පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත‍්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසී
ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර
ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා
මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක
අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘‘මං හරි ලකී’’
ප්‍රසාද් Sunday, 25 January 2015 10:56 AM
ඔබට සුබ අනාගතයක්.(හේ)
කුමාරි Tuesday, 20 January 2015 07:24 AM
ඔබ සුන්දරයි (නි)
නජිත් Thursday, 22 January 2015 05:56 AM
මම රිතු නාට්‍යයේ විකාශය වූ සියලුම කොටස් නැරඹුවා. එහි දේශපාලකයෙකුට මඩ ගැසීමක් තිබුනේ නෑ. හිටපු ජනාධිපති යුද්දය අවසන් කිරීමට තැත් කල ආකාරය ගැන නම් පෙන්නුවා. දැන් ඉතින් ඒක කාලේ එයා නොවෙයි කියල පිටපත රචනය කරලා පෙන්නන්න පුළුවන්නේ. (නදී)
ආසිරි Friday, 30 January 2015 07:42 PM
ඔබ හරිම සුන්දරයි (නි)
රුවන් Monday, 19 January 2015 05:14 AM
දසුනි රිතු විකාශනය නැවැත්තුවා.ඒක එක්තරා දේශපාලකයෙකුට මඩ ගැසීම පිණිස පටන් ගත් ටෙලි නාට්‍යයක් බව හෙළි වුන නිසා. මට නම් කණගාටු ශාන්ත සොයිසා වැනි දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් මේ වගේ මඩ ගොඩක වැටුණ එක. ඔහුගේ අමා , වරාමලි වැනි ටෙලි නාට්‍ය අපි ඉතා ආශාවෙන් නැරඹුවේ. නළු නිළියන්ටත් අතින් පාඩු ඇති. වෙනින් වැඩක් භාර ගන්න පුළුවන් දින මේකට වෙන් කරලා. මේවා හැමෝටම හොඳ පාඩම්.(දිල්)
දසුනි Tuesday, 13 January 2015 01:06 PM
කෝ දැන් "රිතු". (හේ)
චමලි Monday, 12 January 2015 08:33 AM
මේක දැකල තරහ ගන්න එපා. ඔබේ ඇහි බැම සකස් කරන ශිල්පිනිය නම් ඒ කාරිය හරියට කරන්නේ නැහැ. ඔබේ මුහුණට හරිම කෘතීම පෙනුමක් එන විදියට ස්වාභාවික ලස්සන නැති කරලා හරිම අස්වාභාවික පෙනුමක් ලැබෙන විදියට ඇහිබැම ඇඳලා. මෙය මම රිතු ටෙලි නාට්‍යයේත් දැක්කා. (නදී)
ගයාන් Tuesday, 13 January 2015 08:33 AM
ඇයි මෙයා මේ තරම් බොරු කියවන්නේ,.ඔච්චරටම මිනිස්සු රවට්ටන බොරු කියන්න එපා. (ස)
රුවිණි Sunday, 25 January 2015 09:22 PM
මේ නාට්‍යයෙන් ඉතා හරවත් දෙයක් දෙමාපියන්ට පෙන්වා දුන්නා. තරුණ ළමයිගේ ආදර සම්බන්දතා වලදී ඉවසීමෙන් කටයුතු කල යුතු අයුරු. ඒ වගේම නාට්‍යක් නවත්තල මේ රටේ යුද්දයක් තිබුන බව රටේ මිනිසුන්ට අමතක කරවන්න හදනවා නම් ඒ තරම් මෝඩ කමක් තවත් නැහැ. අපේ අතීත පාඩම් ඉදිරියට යාමට ඉතා වැදගත් වෙන බව විශේෂයෙන් දේශපාලකයන් ඇතුළු හැමෝම දැන ගත යුතුයි. (නදී)
ප්‍රසාද් Saturday, 24 January 2015 07:28 AM
මන් නම් රීතු නවත්තපු එකට කැමති නැහැ. හිටපු ජනාදිපතිට එ්කෙන් වාසියක් වෙන්න ඇති. එ්ත් එතුමා පරදුනානේ. ඒ නාට්‍යය ආදර කතාවක්. නමුත් ඒ අතරින් යුද්දයක් මේ රටේ තිබුන බව මිනිස්සුන්ට මතක් කර දුන්නා. එ්කෙන් මඩ ගැසීමක් උනා නම් උනේ එල්.ටී.ටී එකට. කොහොම උනත් කමක් නැහැ ඒ යුද්ද කතා අයින් කරලා හරි දිගටම මේ කතාව ගෙනියන්න පුළුවන්. අපි බොහොම කැමැත්තෙන් නරඹපු කතාවක්. (නදී)
ලේක්කෝ ගලබඩ Monday, 19 January 2015 10:17 AM
අර 'අායුබෝ වේවා මහරජා සිංදුව කියපු කෙනා දැන් කෝ? එයා ගැනත් විස්තරයක් පලකරන්නකෝ. (නදී)
පිටිගල මිලානෝ Friday, 16 January 2015 04:43 PM
අනේ පව් මේ රූමත් දැරිවි. පළමු ටෙලි නාට්‍යයෙන්ම වංචනිකයෝ රැලකට අහු වුනා. රිතූ නාට්‍යය ගල උඩ මොකක්ද කරපු බළලාගේ තත්වයට වැටුනා. (නදී)