IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘බද්ද වැඩි නිසා තෙල් මිල අඩු කරන්න බැහැ‘

(දිල්රුක්ෂි ග්‍රේරු)
 
තෙල් වලට බදු පැනවීම නවතා දැමුවහොත් තෙල් මිල අඩු කළ හැකි බව ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා  පවසයි.


ඛනිජ තෙල් ව්‍යාපාරයෙන් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට  කිසිදු පාඩුවක් නොමැති බවත් සුළු ලාභයක් තබාගෙන ජනතාවට සාධාරණය ඉටු කිරීමට හැකියාව තිබුණද මෙම තෙල් මත බදු පැනවීමෙදී  එලෙස අඩු මුදලට තෙල් විකිණිය නොහැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


එහෙත් මෙම බදු මුදල ඉවත් කිරීම සිතු පමණින් කළ නොහැක්කක් වන්නේ රටේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් එය ඉතා අත්‍යවශ්‍ය නිසා යැයිද  එම හේතුව නිසා අකමැත්තෙන් වුවද කැබිනට් මණ්ඩල රැස්වීමෙදී තෙල් මිල වැඩි කිරීමට එකඟ වීමට සිදු වු බවද අමාත්‍යවරයා පැවසීය.


ඉන්ධන මිල වැනි සංවේදී විෂයක් ගැන තීරණ ගැනීමේදී සැම විටම ජනතාවගේ පැත්තෙන් සිතා තීරණ ගත යුතු අතර ජනතාව කිසිදු අයුරකින් නෙසලකා හැරිය යතු නෙවෙන බවද  ලාභ ලබන ආයතනයක් ලෙස නොව වැඩියෙන් මහජන සේවා සපයන ආයතනයක් ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවත්වාගෙන යා යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 


පෙරට වඩා මේ දිනවල බොරතෙල්හි මිල  ඉහළගොස් ඇතැයිද  ඉදිරියේදී ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල පහළ යනු ඇති බව තමා විශ්වාස කරන බවත් පැවසු අමාත්‍යවරයා   ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අනුව දේශීය ඉන්ධන මිල සංශෝධනය කිරීමේ වගකීම මේ වන විට මුදල් අමාත්‍යාංශයට සහ භාණ්ඩාගාරයට භාර දී ඇති බව සඳහන් කළේය.


ඉන්ධන මිල වැඩි වන විට හා මිල අඩුවන විට සෙසු භාණ්ඩවල සහ සේවාවල මිල ගණන් පහළ බසිනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.



අදහස් (12)

‘බද්ද වැඩි නිසා තෙල් මිල අඩු කරන්න බැහැ‘

Thilina Sunday, 15 July 2018 01:07 PM

මට මතක් වෙනවා 2015 ජනවාරි 8ට කලින් කවුදෝ කට්ටියක් කිව්වා බදු අයින් කළාම රුපියල් 50ක් අඩුවෙන් පෙට්‍රල් දෙන්න පුළුවන් කියලා..

:       70       267

ෆෙරෝස් Monday, 16 July 2018 09:34 AM

නෑ නැ ඒ ඔයාට වැරදියට ඇහිලා

:       1       0

Bamunuarachchi Sunday, 15 July 2018 03:38 PM

"එහෙත් මෙම බදු මුදල ඉවත් කිරීම සිතූ පමණින් කළ නොහැක්කක් වන්නේ රටේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් එය ඉතා අත්‍යවශ්‍ය නිසා යැයිද එම හේතුව නිසා අකමැත්තෙන් වුවද කැබිනට් මණ්ඩල රැස්වීමෙදී තෙල් මිල වැඩි කිරීමට එකඟවීමට සිදු වු බවද අමාත්‍යවරයා පැවැසීය." එතකොට ඔය කතාව මහින්ද මහතාට වලංගු නැද්ද? ඔහෙලා තෙල්වලට විශාල බද්දකුත් ගහලා කප්පරක් තවත් බදු ගැහැව්වා. නමුත් මහින්ද මහතා එහෙම කලේ නැහැ නේද? මහින්ද මහතාගේ තෙල්මිල ගැන කතා කරන කොටළුවෝ මේ පුවත කියවනවා නම් හොඳයි නේද?

:       0       7

sam Sunday, 15 July 2018 04:30 PM

මේක තෙල්වලට දාපු දුස්රා පන්දුවක් නැතිනම් යෝකර් එකක්

:       0       0

සමන්ත Sunday, 15 July 2018 05:30 PM

ඇයි අඩු මිලට තෙල් දෙන්නේ. බදු භාණ්ඩ ප්‍රවාහනයට සහ රටේ ආර්ථික/ මගී ප්‍රවාහනයට නම් කමක් නැහැ. ඒත් අපි කරන්න ඕනේ තෙල් භාවිතය අවම කරලා විකල්ප බලශක්ති වලට යොමු වෙන එක මිසක් බදු ඉවත් කරලා අඩු මිලට තෙල් දීලා, රටේ අනාගතය සහ පරිසරය විනාශ කරන එක නෙමෙයි.

:       8       1

sanath Sunday, 15 July 2018 06:21 PM

තෙල් මිල වැඩිවෙනකොට පාරවල්වල දුවන වාහන ප්‍රමාණය ටිකක් අඩුවෙනවා. ඒ නිසා තෙල් මිල අඩුකිරීම නුවණටහුරු නැහැ.

:       1       0

Other City Sunday, 15 July 2018 06:24 PM

මෝඩ නෑ

:       0       0

jayatissa Monday, 16 July 2018 12:52 AM

කිතුල් ගහට ගිය මිනිහටත් උත්තර තිබ්බලු. පත්තරේක කාටුන් එකක් තිබ්බ පණ්ඩිතයෝ ගැන.

:       0       2

chathuri Monday, 16 July 2018 03:11 AM

අපේ රටට ගන්නේ ඉතාමත් අඩුම වර්ගයේ බාලම තෙල් ඒ තෙල් කොහොමද මෙතරම් මිල අධික වෙන්නේ.?

:       0       1

Sapumal. Monday, 16 July 2018 03:18 AM

ඡන්දයක් ළඟ තබාගෙන ඔබතුමන්ලා තව තව බදු වැඩි කරන්න. තෙල් මිල තව තව වැඩි කරන්න. තෙල් මිල අඩුවූ කිසිම විටෙක බස් ගාස්තු හා රටේ අනිකුත් බදු භාණ්ඩ මිල අඩුවුණේ නැහැ. ඒ නිසා අඩුවූ වාසිය ගියේ වෙනත් අයගේ සාක්කු වලට. අඩුම තරමේ ත්‍රීවීලර් වල තම ගාන අඩු කලේ නැහැ. ඒ උනාට වැඩි උනාම වැඩිවූ ප්‍රතිශතයටත් වඩා බොහෝ ඉහළින් තම ගාස්තු වැඩි කරනවා. ඒවාට රජය නිහඬයි. ඒ නිසා කලයුතු වන්නේ බදු සහ තෙල් මිල ක්‍රමානුකුලව පවත්වා ගැනීමයි. කලින් කට්ටිය හොරකම් කරපු මුදල් අයකරගෙන බඩු මිල අඩුකරනවා කිව්වා. වරදට දඬුවම නැහැ. ජනතාවට අවශ්‍ය වන්නේ සියලු හොරුන් අල්ලා රට සුඛිත මුදිත කරවා ගැනීමයි. සිදුවිය යුත්තේ එයයි.

:       0       204

himal Monday, 16 July 2018 03:24 AM

මේ හා සමගාමී මිලකටම තෙල් විකුණන ඉන්දියානු ඔයිල් සමාගම අධික ලාභයක් උපයන්නෙත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කොට උඩ යන්නෙත් ඔය කියන බද්දක් හින්දා නෙවෙයි. සංස්ථාව ‍රැකියා බැංකුවක් වෙලා. මේ ළඟදිත් මේ ඇමතිතුමාම සංස්ථාවේ සේවකයින්ගේ වැ‍ටුප් පුදුමාකාර විදිහට වැඩි කරන්න හැදුවා. සේවකයො පිරිලා. ඒත් වැඩක් හරියට වෙන්නේ නෑ.

:       0       16

Sathya Monday, 16 July 2018 04:02 AM

මෙන්න කියල අඩුවෙයි තෙල් හා බදු මිල.ඩොලර් එක යනවා හෝ ගාල උඩ. යහපාලනේ සංසන්දනය කරන්නේ 2015 ට කලින් තෙල් විකුණුම් මිල විතරයි. ඒ වෙද්දී තිබුණ බොරතෙල් මිල ගැන කතා නෑ. බස් ගාස්තු ඇතුළු අනෙකුත් ගාස්තු තෙල් වැඩි වෙද්දී වැඩි උනාට, අඩු වෙද්දී අඩු වෙන්නේ නෑ.

:       16       31

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 38 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 183 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 216 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 515 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 191 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 360 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site