(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී මරණයට පත්වන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු ආදාහනය කිරීම ඉස්ලාම් දහමට සහ ඉගැන්වීමට පටහැනි බව පවසමින් හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජූලි මස 22 දින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහි දී පෙත්සම වෙනත් දිනයක කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.
හිටපු අමාත්‍යවරන් හා හිටපු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදුද්දීන් ,අමීර් අලි,ඒ.එම්. මහරූප්,හුසේන් බහිලා යන මහත්වරුන් ගොනු කළ මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසින්හ, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
කෝවිඩ් වසංගත යට ගොදුරු වී මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සඳහන් කරමින් ඉකුත් අප්‍රේල් මස 11වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව පෙත්සම්කරුවෝ කියති.
එහි "61 a " දරන රෙගුලාසියට අනුව එම සිරුරු ආදාහනය කළ යුතු බවට සඳහන් කර තිබුණද එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව එම සිරුරු ආදාහනය කිරීම හෝ මිහිදන් කිරීමට හැකි බව පෙත්සම්කරුවෝ කියා සිටිති.
එසේ තිබියදී මෙරට සිදුවන මරණ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කර එම සිරුරු ආදාහනය කළ යුතු බව ට රෙගුලාසි පැනවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව පෙත්සම්කරුවෝ කියති.
සෙසු රටවල එසේ මියගිය අයගේ සිරුරු ආදාහනය මෙන්ම භූමදානය කරන බව ඔවූහූ පෙන්වා දී ඇත. ඉස්ලාම් දහම අදහන මුස්ලිම් ජාතිකයන් එම දහමට අනුව මිහිදන් කළ යුතුය.
එහෙත් ඊට පටහැනිව යමින් මියගිය අයගේ සිරුරු ආදාහනය කළ බවද එය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවද මෙම පෙත්සම මගින් පෙන්වා දී ඇත.
එබැවින් මෙම රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද කෝවිඩ් වසංගත ය නිසා මියයන මුස්ලිම් ජාතිකයන් ආදාහනය නොකරන ලෙසට බලධාරීන්ට නියෝගයක් කරන්නැයිද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.
COMMENTS
නිරෝධායන කටයුතුවලට සහයෝගය දී තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නොනගණ කිතුණු හා කතෝලික සොහොයුරන් හට අපගේ ප්‍රණාමය...! එමෙන්ම, මුස්ලිම්වරුන්ව නොමඟ යවන ජාතිවාදී, අන්තවාදී සමහර දේශපාලුවන්ට අපගේ විරෝධය...
ඔක්කොම වැඩ කරලා තියෙන්නේ දහමට සහ ඉගැන්වීම්වලට අනුව වෙන්න ඇති. මොකටද මගේ කට. අරාබිකරයේ ඉන්න අය කරන දේවල් දන්නේ නැහැ වගේ...
කතොලිකයන් හැටියට අපිත් විරුද්ධයි මේ ක්‍රමයට... ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙද්දී භූමදානය කරන්න පුළුවන් කියලා. ලෝකයේ සෑමරටක්ම භූමදානය කරද්දී අපේ රටේ විතරක් මුස්ලිම් සහ කතෝලික අපේ අයිතිවාසිකම්වලට එරෙහිව කටයුතු කරනවා. විද්‍යාත්මක ක්‍රමයට මේ ගැන කටයුතු කරන්න කියලා තියෙද්දී මේ වගේ මෝඩ වැඩ කරන්නේ. ලෝක සෞක්‍ය සංවිධානයේ අනිත් නීති එකහෙලාම පිළිගන්නවා.. මේක කරන්න කැමති නැහැ. විද්‍යාත්මක පැහැදිලි කිරීමකුත් නැහැ.
කතෝලිකයන් හැටියට අපිත් විරුද්ධයි... මෙවැනි මෝඩ තීරණ වලට... ලෝක සෞඛ්‍ය සංවිධානයට උඩින් දාන්න දෙයක් මේ ගොල්ලන්ට තියෙනවද? හැමදේම ලෝක සෞක්‍ය සංවිධානයෙන් ගන්න පුළුවන්... භූමදානය කරන්න බැහැලු. තනිකර ජාතිවාදී තීරණයක්... කිසිම විද්‍යාත්මක සොයාගැනීමක් කරන්නේ නැතිව ගත්තු මෝඩ තීරණයක්... ජලයේ මේ වයිරසය ජීවත්වෙන්නේ නැහැ කියල ඔප්පු කරලා තිබෙද්දී මෝඩ තීරණ අරන් තියන්නේ...
කතෝලික අපිත් විරුද්ධයි මිනී පුච්චනවට. හොඳ නැද්ද වැදගත් විදිහට භූමදානය කරා නම්...
කතෝලිකයන් හැටියට ඉහත අදහස් දක්වා ඇත්තේ කතෝලිකයන්මද? මට නම් පෙනෙන්නේ එකම කෙනා නම් තුනකින් එකම අදහස ලියා තිබෙන බවයි
මෙම කරුණේදී අප සලකා බලන්න වෙන්නේ ඉස්ලාමීය ආගමික විශ්වාසයන් හා මෙම ව්‍යසනය හා ගැටෙන පුරුදු කිහිපයක් ගැන. උදාහරණයක් ලෙස ඉස්ලාමීය පුද්ගලයෙක් මියගිය විට ඔහුගේ දේහය සම්පූර්ණයෙන් විවෘත කොට ජල ස්නානය කිරීම පළමු ගැටළුවයි. එහිදී එම නාවා ඉවත් කරන ජළය හා ස්නානය කරවන්නන් පිලිබඳව මතුවන සෞඛ්‍ය ආරක්ෂක වැඩ පිලිවෙල කුමක්ද? දෙවැන්න තමයි මියගිය අයගේ දේහය රෙදි කඩකින් වසා මුහුණ සම්පූර්ණයෙන් විවෘත කිරීම. ඊලඟට දේහය ඉදිරිපිට සිදු කළ යුතු ආගම ඇදහීම. 4වැන්න තමයි දේහය වැලලීම සදහා වල කැපීම පිලිබඳව විවිධ ප්‍රදේශ සඳහා ඇති භූගෝලීය පිහිටීම. මොකද හුඟාක් වෙලාවකට වල අඩි 4ක් හෝ 5ක් පමණය. ලෝක සංවිධානය යෝජනා කර ඇත්තේ අඩි 8 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වල කපන ලෙසයි. එනමුත් ලංකාවේ බොහෝ ස්ථාන වල අඩි 5 හෝ 6ක් කපන විට භූගත ජලය මතුවේ. එමනිසා මේ දේහය රෙදි කැබැල්ලකින් වසා ඇති බැවින් භූගත ජලය සමග මිශ්‍ර වීමේ විශාල බළපෑමක් ඇත. මේ සියල්ල සලකා බලා කෝවිඩ්-19 මගින් මියයන මුස්ලිම්වරු පමණක් නොව සියළු අයගේ දේහයන් ආදාහනය කිරීම ඉතාමත් උචිත ක්‍රියාවක් බව පැහැදිලිය. කතෝලික හෝ ක්‍රිස්තියානි අයගේ විරුද්ධ වීම ගැන විග්‍රහ කිරීම අනවශ්‍යයි.
සාමාන්‍යයෙන් සතෙක් මැරුණාම පුච්චනවද? ඉතින් ඇයි මිනිස්සුන්ව පුච්චන්නේ?
කතෝලික නමින් අපේ අරාබි අයියල කොමෙන්ටු දානවා හිරිකිතේ බැහැ...! අර පාස්කු බෝම්බකාරයෝත් ගිනි අරගෙනනේ මැරුනේ.. එ් ගොල්ලන්ට නම් කන්‍යාවියන් 72ක් ලැබුණා. මේ ගොල්ලන්ට නොලැබෙයි කියලයි ප්‍රශ්නේ.
මම කතෝලික. අපේ පවුල්වල නම් කිසිම විරුද්ධත්වයක් නැහැ ආදාහනයට... මොකද මම අදහන දහමෙ විශ්වාස කරන්නේ දවසක අපි දූවිල්ලට හැරෙනවා කියලා මිසක්, මේ භෞතික ශරීරය පිටින් ස්වර්ගෙට යනවා කියලා නෙවෙයි. මැරුණාට පස්සෙ අවසන්කටයුතු කොහොම කළත් මොකෝ... කොහෙ ගියත් යන්නේ ආත්මය විතරක් නිසා... අනික අපේ ආගමේ කොතැනද ආදාහනය තහනම්...?
බෞද්ධයින්ට නම් මලමිනියට කරනදේ වැදගත් නෑ. මොකද අපි වැදගත්කොට සළකන්නෙ ජීවිතය නිසා.
Jose vase නමින් ව්‍යාජ කතෝලික බැතිමතෙක් අදහස් දක්වා තිබේ. මෙවැනි බොරු නම්වලින් පෙනී සිටිමින් අන්තවාදී න්‍යාය පත්‍ර ගෙන යන අය අපි නිතරම දකිමු. කතෝලික අපට කෙලින් කතා කරන, කිව යුත්ත නොවලහා පවසන නායකත්වයක් ඇත. සමස්ත කතෝලික ප්‍රජාව නියෝජනය කරන උන්වහන්සේ ඉහත සඳහන් අවසන් කටයුතු පිළිබඳ ගැටලූවක් ඇත්නම් මෙලහකටත් ඒ ගැන හඬනගා ඇතිවාට සැකයක් නැත. කෑම බීම, ආවාහ විවාහ ආදී සබ්බ සකල මනාවම තම අභිමතය පරිදි බලාපොරොත්තු වන මේ මිනිසුන් සැලසුම් සහගතව සිංහලයා භේද භින්න කිරීමට දඟ දැමුවද? හැමදාමත් හැමෝම රැවටීමට නොහැකි බව මතක තබා ගත යුතුය.
අපේ මිනිස්සු හැමදේකටම ආගම නැතිනම් දේශපාලනය ගාවා ගන්නවා. මේ අවස්ථාවේ මුල්තැන දියයුත්තේ සෞඛ්‍ය මිස වෙනත් දේවල්වලට නොවේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට තවත් රටක් වෙත නීති පැණවීමේ හැකියාවක් නෑ. ඔවුන් කරන්නේ නිර්දේශ ඉදිරිපත් කිරීම පමණයි. එමෙන්ම එම නිර්දේශ ඉදිරිපත් කරණ විටම ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කර සිටිනවා ඒවා අවම අත්‍යවශ්‍ය නිර්දේශ පමණක් බවත්, අදාල රාජ්‍යයන් පවතින විද්‍යාත්මක හේතු (උදා. ශ්‍රී ලංකාවේ ජල ස්ථරය ඉතා ඉහළින් පිහිටා තිබීම ) අනුව සුදුසු ලෙස වැඩි දියුණු කල යුතු බව. මම කිසිම ආගමක් නො අදහන හේතු වාදී පුද්ගලයෙකු ලෙස රජය විසින් ගත් එම තීරණය නිවැරදි බව විද්‍යාත්මක මනසකින් බලන ඕනෑම කෙනෙකුට එකඟ විය හැකි බව පවසා සිටින්න කැමතියි.
කතෝලික කියලා එක එක නම් වලින් එකම විදිහට කොමෙන්ට් දානකොට අපිට තේරෙන්නේ නැහැ කියලා හිතුවද දන්නේ නැහැ .. බදුර්දීන්ගේ සෙට් එකම බැහැල වෙන නම්වලින්.. කතෝලික මිනිස්සු කවදාවත් ඔහෙලා වගේ අන්තවාදී විදිහට හැසිරීලා නැහැ .
ඉහත ආගම මුලික කරගෙන අදහස් පළකරපු අයට කියන්න තියෙන්නේ ..මේක දෙවියන්ගේ කැමැත්ත කියලයි.
කතෝලික කියාගත් පිරිසක් පලකල අදහස්වලින් ලෝකය පිලිබඳ දැනුම පෙනි යනවා. වසංගතයකින් මරුමුවට පත් කෙනෙක් ආදාහනය කිරීමේ වරදක් නැති බව වටහා නොගැනීම දුකට කරුණක්...
ඔව් මේක මටත් ප්‍රහේලිකාවක්... ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙද්දී මොකටද ජාතිවාදේ විදිහට වැඩ කරන්නේ....