IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගන්න - නාගානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

කොවිඩ් 19  වසංගතය හේතුවෙන්  පීඩාවට පත්ව විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගන්නා ලෙස රජය වෙත නියෝගයක් කරන ලෙස ඉල්ලා නීතීඥභාවය තාවකාලිකව අත්හිටුවා ඇති සිවිල් ක්‍රියාධරයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා  විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසකම් පෙත්සමක් ගොනු කර ඇත.

මෙම  පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති , සෞඛ්‍ය ඇමති සහ ආගමන හා විගමන පාලකවරයා නම් කරනු ලැබ සිටිති.

ගොනු කර ඇති එම පෙත්සමේ මෙසේද සඳහන්වේ.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මැදපෙරදිග ඇතුළු විදේශගතව සිටින ලාංකිකයින් විශාල පිරිසක් දැඩි ලෙස  පිඩා විඳිමින් සිටිති.

එසේ පීඩාවට පත්ව සිටින  40 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් සිටිති. මෙවැනි තත්ත්වයක සිටින  පිරිස් මෙරටට ගෙන්වා ගැනීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇත.

මේ පිළිබඳව ජනාධිපතිවරයාට පැමිණිලි කළත් ඉන් පලක් වී නොමැත.

එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසද , රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද , පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.



අදහස් (11)

විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගන්න - නාගානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Pathirana Monday, 27 July 2020 03:08 PM

දැන් ආණ්ඩුව කියයි නඩුකටයුත්ත අහවර වෙනතුරු කවුරුවත් ලංකාවට ගේන්න බැහැ කියලා...

:       0       0

Athula Monday, 27 July 2020 03:53 PM

මෙයාට ගැලපෙන්නේ නාගානන්ද නෙමෙයි, නාගන්න නන්ද තමයි. අර එකතුකරපු සල්ලිවලට මොකද කරේ කියන්න තමන්ටම පෙත්සමක් දාගත්තොත් නරකද?

:       0       0

de silva Monday, 27 July 2020 04:21 PM

ස්තුතියි... විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිස වෙනුවෙන් පෙනීසිටින එක මේ අවස්ථාවේ ඔවුන්ට කරන විශාල උපකාරයක්... පුරවැසියෙකුට තමා රටට එන්න තිබෙන අයිතිය මාස 4-5 පුරා වසා දමන්න. දේශපාලකයෙකුට හෝ නිලධාරියෙකුට කරන්න බැහැ.

:       0       0

සමන්ත Monday, 27 July 2020 04:30 PM

එතකොට ලංකාවේ ජීවත් වෙන අයගේ ජීවත්වීමේ අයිතිය අභියෝගයට ලක්කරන්න කාටවත් පුළුවන්ද? මේ එන අයගෙන් මෙරට සිටින අයට කොරෝනා හැදුණොත් නාගානන්දට වගකීම බාරගන්න වෙයි.

:       0       0

සේන Monday, 27 July 2020 07:36 PM

මේ හාදයා අායේ අැවිල්ලාද? අනේ මන්දා මේ මිනිසුන් ඇඳුමක් ඇඳන් සමාජයට එන්නේ කොහොමද කියලා. මෝඩ මිනිසුන් ටිකක් ගොනාට අන්ඳලා හෙන සල්ලි වගයකුත් කොල්ල කාගත්තා නේද?

:       0       0

සෑම් Monday, 27 July 2020 11:29 PM

බූරුවන්, කොටළුවන් පිරිණු රටේ පීඩිතයන් වෙනුවෙන් කැපවන පාර්ලිමේන්තුවේ සිටිය යුතුම සැබෑ සිංහයෙක්... නාගානන්ද කොඩිතුවක්කු මැතිතුමනි, ඔබේ ගමනට සදා ජය...

:       0       0

Prasanna Tuesday, 28 July 2020 12:29 AM

ජනාධිපතිවරණයට කළින් එකතු කළ සල්ලි ඉවර වෙලා වගේ...

:       0       0

Ramani Tuesday, 28 July 2020 12:40 AM

පසුගිය ජනාධිපතිවරණයට අනුන්ගෙන් පරිත්‍යාග ලෙස ලැබුණු ලක්ෂ 33ක මුදල වියදම් කළ නාගයා නැවතත් පෙනය පුප්පන්නේ තවත් පරිත්‍යාගශීලින් ඉන්නවාදැයි බලන්නද?

:       0       0

Bamunuarachchi Tuesday, 28 July 2020 03:10 AM

පිස්සු කරන්නේ නැතිව ඉන්න හලෝ...

:       0       0

Karunarathna Gampola. Tuesday, 28 July 2020 09:09 AM

ඔබතුමාවත් මීට ඉදිරිපත්වීම ලොකු සහනයක්.

:       0       16

අතුල Wednesday, 29 July 2020 01:02 PM

අපි පාසල් යන කාලේ රටේ ප්‍රධාන විදේශ විනිමය වුනේ තේ, පොල්, රබර් වුණත් පසුගිය දශක කිහිපය තුළ "මැදපෙරදිග දහදිය හෙලන අපේ කාන්තාවන්" පළමු තැනට ආවා. අපේ රටේ සල්ලි පිටරටට දීලා ඉගෙන ගන්න ගිය "සල්ලි කාරයින්ගේ (දේශපාලකයින් ඇතුලුව) ළමයි" විශේෂ ගුවන් යානා යොදවලා ගෙන්වා ගත්තා. ඒත් "අපේ ප්‍රධාන විදේශ විනිමය උපයන දුප්පත් පිරිස" ගෙන්වා ගන්න රජයට වුවමනා කලේ නැහැ. ඔවුන් "මිනිස් බෝම්බ" ලෙස දෛවයේ සරදමකට පවා ලක් වුණා. කොතරම් ඛේදනීයද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 3 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 207 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 446 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 257 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 226 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 478 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site