IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රැකියා විරහිත උපාධිධරයෝ පාරට බසිති

 (නිමල කොඩිතුවක්කු සහ  හසිත රංග ගුණතිලක)

රැකියා  විරහිත උපාධිධාරීන් පනස් හත්දහස සඳහාම කප්පාදුවකින් තොරව  රැකියා ලබාදීම ඇතුළු  ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (25) දහවල් ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණි.

මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් පාර අසළ  මාර්ග රැසක රථවාහන තදබදයක් හටගෙන තිබුණි.

බදවා ගැනීමේ වයස් සීමාව 45 දක්වා ඉහළ දැමීම, අභ්‍යාසලාභී පුහුණු කාලය වසර 02  දක්වා දීර්ඝ  කිරීමේ තීරණය නවතා පුහුණු  කාලය වසර 1 දක්වා අඩු කිරීම, බඳවා ගැනීමේදී වසර අනුපිළිවෙල අනුගමනය කර බඳවා ගැනීම් සිදුකිරීම  හෝ සැමට රැකියා ගබාදෙන බවට ආණ්ඩුව සහතික වීම, ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ මූලස්ථාන වල හොර රහසේ සිදුකරන සම්මුඛ පරීක්ෂණ නවතා බඳවා ගැනීමේදි සිදුකරන දේශපාලන මැදිහත්වීම නතර කිරීම, උපාදියට සමාන්තර විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් ඩිප්ලෝමාධාරීන්ට හා දෘෂ්‍යාබාධිත උපාධිධාරීන්ට රැකියා අවස්තා ලබාදීම එම ඉල්ලීම් අතර වේ. 

මෙම උපාධිධාරීන් පිරිස ඊයේ පෙරවරු 12.30 ට පමණ ලෝටස් වටරවුම  ඉදිරිපිට  රැස්වී  ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය වෙත විරෝධතා පා ගමනක නිරතවීමේන් අනතුරුව විරෝධතාවය ආරම්භ කළේය.

සුදුසුකම් වයස් සීමාව 45 කරනු  පත්වීම් සඳහා දේශපාලන අතපෙවීම් නවතනු, උපාධිධාරින් සංවර්ධන නිළධාරීන් ලෙස බඳවා ගනු, ආබාදිත උපාදිධාරින් සඳහා සියයට 03ක කෝටාව ක‍්‍රියාත්මක කරනු, ආදි වැකි සඳහන්  බැනර් සහ විරෝධතා පුවරු  අතැතිව පිරිස  විරෝධතාවේ ගමන් ගත්හ.

පිරිස  ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයවෙත  ගමන් ගැනීම වළක්වමින්  පොලිසිය සහ පොලිස්  කැරලි මර්දන කණ්ඩායම් හා  අධි පීඩන ජල ප‍්‍රහාරක රථයක් ඒ වෙත කැඳවා තිබුණි.

පසුව  නියෝජිතයින් කිහිප දෙනෙකු  ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිළධාරීන් සමග ගැටළු සම්බන්ධයෙන් සාක්කච්ඡා පැවැත්වීමට පොලිසිය අවස්ථාව ලබාදුන්නේය.

එම සාකච්ඡාවෙන් අතරතුර ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිළධාරීන් වෙත සංදේශයක්ද භාරදෙනු ලැබීය.

සාකච්ඡා වලින් අනතුරුව  මාධ්‍ය වෙත අදහස් දැක්වමින්  උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා මෙසේ පැවසීය.

ඡායාරූප - ළහිරු හර්ෂණ

 



අදහස් (8)

රැකියා විරහිත උපාධිධරයෝ පාරට බසිති

JCN Wednesday, 25 April 2018 12:03 PM

පාසල් වලින් නිසි වෘත්තීය මාර්ගෝපදේශකත්වයක් නැති වීමත්, උසස් අධ්‍යාපනය සඳහා පාඨමාලවක් තෝරා ගනිද්දි අනාගත වෘත්තිය ගැන නොතැකීමත් හින්ද නෙමේද මෙහෙම වෙන්නේ. ලංකාවේ කැම්පස් වල විෂය නිර්දේශවල අඩුපාඩුත් ඇති. උපාධිය පමණක් රැකියාවකට ඇති සුදුසුකමක් නොවෙන වග සාමාන්‍යපෙල අවසන් වුණු ගමන් දරුවන්ට කියලා දෙන්න ඕනෙ කියලයි මම හිතන්නේ. තව එකක්, ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන හැමෝටම ආරම්භයේදීම අවධාරණය කරන්න ඕන උපාධියෙන් පස්සේ රැකියාවක් දෙන්න රජයක් බැඳිලා නැති විත්තිය.

:       0       44

Kumar Wednesday, 25 April 2018 01:08 PM

උපාධිය යනු අධ්‍යාපන සුදුසුකමකි. එය වෘත්තීය සුදුසුකමක් නොවේ.

:       0       33

ධනුෂ්ක Wednesday, 25 April 2018 02:24 PM

මෙතන ඉන්නේ ඔක්කොම වගේ කලා උපාධිධාරීන්. මෙතන තියන අවුල තමයි කලා උපාධියක් හිමි අයෙකුට පුද්ගලික අංශය තුල කිරීමට රැකියාවක් නොමැති වීම... කරනවා නම් උපාධිය පැත්තක තබා සා.පෙ සහතිකයට කර්මාන්ත ශාලා වල වැඩ කිරීම තමා කරන්නේ තියෙන්නේ. එ්කත් උපාධියක් තියනවා කියලා දැනගත්තොත් එ් ගන්නෙත් නෑ. මෙතන තව ටිකකින් හර බර අදහස් දාන අය එ්ක තේරුම් ගන්න ඕනේ. අනික මෙතන අදහස් දාන නගර වල අය දන්නෑ.... නගරයෙන් පිට තියන පාසල් වල කලා විතරයි තියෙන්නේ. නගරයේ පාසලට දරුවන් එවීමට දෙමාපියන්ට හැකියාවකුත් නෑ. ගන්නෙත් නෑ. අනික ගොඩක් අයට තියෙන්නේ මොකක් හෝ උපාධියක් ලබා ගැනීම... එතැනින් පසු එන ගැටළු ගැන දැනීමක් එ් කාලේ නෑ. එ්කයි කලා උපාධිධාරින් වැඩිවීමට හේතුව. දැන්වත් අාණ්ඩුව මේ වරද නිවැරදි කළ යුතුයි. වෘත්තිය අධ්‍යාපනය හා අනෙකුත් අංශ පුළුල් කිරීම හා දෙමාපියන් දරුවන් එ් කෙරෙහි පෙළඹවීම කළ යුතුයි. තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි සෑම පාසලකටම ලබා දීම හා අනිවාර්ය කල යුතුයි.

:       7       102

samWednesday, 25 April 2018 04:11 PM

සහතික ඇත්ත ධනුෂ්ක. එ්ත් එකක්ම මේ ළමයි දැනගන්න ඕනේ... ආණ්ඩුවෙන් හැමදේම දෙනකම් ඉන්නේ නැතිව තමන්ම ඉගෙන ගත්ත දෙයකින් ප්‍රයෝජනයක් ගන්න. අපේ රටේ විශ්වවිද්‍යාල, උපාධි ගැන මිනිස්සු හිතන් ඉන්න ආකල්පය ගොඩක් වැරදියි.

:       0       10

Dulmi Wednesday, 25 April 2018 10:41 PM

කිසිම දියුණු රටක , රජයේ රැකියා ලැබිය යුත්තේ උපාධිදාරින්ට පමණයි හෝ සියලුම උපාධිදාරින්ට රජයේ රැකියා ලැබිය යුතුයි යන නීතියක් නැත. තමන් රැකියා වෙළඳ පොලට අවශ්‍ය ලෙස උපාධි පාඨමාලා තෝරා නොගෙන ආණ්ඩුවට දොස් පවරන්නේ ඇයි! කලා උපාධියක් සහිත කෙනෙක් සරසවියෙන් පිටවුණා ගමන් රජයේ බැංකුවක කලමනාකර තනතුර දුන්නේ නැතිය කියා කියන එක මොන විහිලුවක්ද ? මොකක් හරි රජයේ රැකියා දෙන්න කියලා , මොරටුවෙන් ඉංජිනේරු පාඨමාලා හදාරපු කෙනාව ගෘහ විද්‍යාව උගන්වන්න යවන්න ද කියන්නේ ? දැනටමත් රාජ්‍ය සේවය අකර්මන්‍ය ආකාර්යක්ෂම සේවාවක්. අත්‍යවශ්‍ය වෘත්තීය කුසලතා අඩු බහුතරයක් උපාධිදරින්ට අපි කියන්නේ මහන්තත්වය පැත්තකින් තබා, ඉංග්‍රීසියෙන් ලියුමක් ලිවීමේ සිට පාර්භෝගික සේවා සැලසුම් දක්වා ඔබලා ඉස්සෙල්ලම පුද්ගලික අංශයේ හෝ රැකියාවකට ගොසින් ඉගෙන ගන්න. උපාධිය සියලුම වරදාන ලැබෙන බලපත්‍රයක් නෙවෙයි. නැති නම් ඔබලාට වෙන්නේ පුද්ගලික අංශයේ උසස් පෙළ සමත් පියන් කෙනෙකුට වඩා අඩු වෘත්තීය කුසලතා සමග රජයේ හද්දා කම්මැලි ක්ලාක් නෝනා මහත්වරු වෙන්න.

:       0       14

Ruwani Thursday, 26 April 2018 04:31 AM

සමහර තරුණ උපාධිදාරීන් රැකියාවේ අලුත් යමක් ඉගෙන ගන්න උනන්දු නොවේ. මට සමාජ විද්‍යා උපාධිය තිබෙද්දී මම මොකටද පාර්භෝගික සේවා උපදෙස් පොත කියවන්න යන්නේ ? මම මොකටද අස්ථානගත වුන වාර්තා පොත සොයන්න යන්නේ.. අර මගෙන් භාගයක් ඉගෙනගෙන නැති පියන් ඉන්නේ කබඩ් එක අවුස්සලා ඒවා සොයන්න.... ආදී වශයෙන් අතක් පයක් සොලවා වැඩක් කරන්න අකමැති සමහරු මම දැක ඇත්තෙමි . කණ්ඩායමක් වශයෙන් වැඩ කරන්න, සේවාලාභීන්ට ආචාරශීලීව කතා කරන්නවත් සමහර උපාධිදාරීන් දන්නේ නැත. තවත් සමහරු ඉංග්‍රීසි භාෂාවේ වැදගත් කම අවතක්සේරු කරයි. එහි නිපුණතාවයක් ඇතිඋදවියට පරිභව කරති. පරිගණකය ක්‍රියාත්මක කර සේවාලාභී වාර්තාවක් සොයා ගන්න කම්මැලියි. මේවා උපාධියේ වැරදි නොව, තමන්ගේ ආකල්පමය වැරදිය. පුද්ගලික අංශයේ රැකියාවක නියුතු මම මේ දේවල් ලිව්වේ උපාධිදාරීන් ගැන කිසිම තරහකින් නොවේ . විචාර බුද්ධියක් ඇති තරුණ උපාධිදරින්ට තේරුම් ගෙන තමන්ගේ යහපත සලසා ගැනීමටය.

:       0       11

විකුම් රංගන Thursday, 26 April 2018 06:53 AM

ඇයි ඉගෙනගන්න කාලේ මහපාරේ රිලා නැටුම් නටලා ගන්න අත්දැකීම් රැකියාවකට අදාල වෙන්නෙම නැද්ද? අනුන්ට ඉරිසියාකම්, කුහකකම් කරලා ගන්න සතුට ජීවිතේ හැමදාටම තියා ගන්න බැරිද?

:       0       1

rocky Saturday, 28 April 2018 02:19 AM

පාරට නෙමෙයි, ළමයිනේ .. බැහැපල්ලා කුඹුරට!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 124 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 50 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 415 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 586 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 328 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 267 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site