IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


රන්ජන්ට එරෙහි නඩුවේ වාචික දේශන කල්යයි

( තිළිණි ද සිල්වා )

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය හා හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබෙන පළමු පැමිණිලි විභාගයේ වාචික දේශන පැවැත්වීම ලබන ජූලි 06 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කළේය.
 
මෙම පැමිණිල්ල අද එල්.ටී.බී.දෙහිදෙණිය , ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන් ගෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවිණි.

මීට පෙර මෙම අධිකරණ අපහාස පැමිණිල්ල විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී ඇති හෙයින් එම විනිසුරුවරයා වෙනුවට විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියේ කටයුතු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණිලිකාර හා වගඋත්තරකාර පාර්ශව වලට අද  (29) නිල වශයෙන් දැනුම් දුන්නේය .
 
විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියේ එම පැමිණිලි විනිශ්චය කටයුතු වල නිරත වීම සම්බන්ධයෙන් යම් අයෙකු විරෝධතා දක්වන්නේ නම් ඒ පිබදව ඉදිරි සති දෙක ඇතුලත මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දෙන්නැයිද අධිකරණය නියම කළේය.
 
විශ්‍රාමලත් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින්  අධිකරණය අපහාස සම්බන්ධයෙන් වන පළමු චෝදනා පත්‍රය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කෙරිණි.

නියෝජ්‍ය අමාත්‍ය  රංජන් රාමනායක මහතා එරෙහි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන එම චෝදනා පත්‍රයේ මෙසේ සඳහන් වේ.

විත්තිකරු ශ්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුව සිටිමින් සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය ධූරය දරමින් 2017 අගෝස්තු 21 වැනි දින අග‍්‍රමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේදී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමකදී මාධ්‍ය වෙත ලබා දුන් ප‍්‍රකාශයක් මඟින්  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට නුගේගොඩ , ගංගොඩවිල ,වලව්වත්ත පාර් ,අංක 43 /11 දරණ ස්ථානයේ පදිංචි රණවක සුනිල් පෙරේරා නැමැත්තා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි ඉදිරිපත් කර ඇත.
 
මෙම පැමිණිල්ල 2017 නොවැම්බර් 21  සහ දෙසැම්බර් 14 යන දිනයන්හී අධිකරණය හමුවේ කැඳවා ඊට අදාළව එම්.ටී.වී චැනල් පෞද්ගලික සමාගම කැඳවා අදාළ වීඩියෝපට විත්තිකරු හමුවේ අදාළ ප‍්‍රකාශ පෙන්වා ඇත.

ඒ අනුව ඒ අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ මතය වී ඇත්තේ පැමිණිලිකාර පාර්ශවයේ ප‍්‍රකාශ අදාළ වීඩියෝ පටයේ සඳහන් වන බවය.

ඒ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 යන වගන්තිය යටතේ විත්තිකාර නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ල විභාගයට ගැනීමට විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.මෙයින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය ප‍්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු කොට විත්තිකරුට දඬුවම නොකිරීමට හේතු දක්වන ලෙසට නියෝග කරමින් මෙම ආඥාවක් නිකුත් කරමි.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා නියෝජ්‍ය අමාත්‍ය  රංජන් රාමනායක මහතා වෙත යොමු කිරීම සඳහා වන චෝදනා ආඥා කෙටුම්පතක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ඉකුත් ජුනි 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියමය අනුව නීතිපතිවරයා මෙම කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණයට බාර දෙන ලදී. ඒ අනුව විත්තිකාර නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි චෝදනා පත‍්‍රය ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා විසින් කියවා බාර දෙන ලදී.


පෙත්සම්කාර සුනිල් පෙරේරා මහතා  සිය පෙත්සම් වලින්  පෙන්වා දී ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු මස අග‍්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව පිටතට පැමිණි රන්ජන් රාමනායක නියෝජ්‍ය  අමාත්‍යවරයා මාධ්‍යවලට අදහස් දක්වමින් මෙරට විනිශ්චකාරවරුන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයින් ලෙස හඳුන්වා දී ඇති බව කියා සිටි බවයි.

මෙම ප‍්‍රකාශය තුළින් මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාවගේ පවතින විශ්වාසය බිඳ වැටෙන බවත් ඒ හරහා රංජන් රාමනායක නියෝජ්‍ය  අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.

මේ හේතුවෙන් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණය හමුවට කැඳවා මේ පිළිබඳව විභාගයක් පවත්වා සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පැමිණිලිකරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා වෙනුවෙන් නිතිඥ ඇම්.ඒ සුමන්තිරන් මහතා ද ,නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතීඥ සුහර්ෂි හේරත් මහත්මිය පෙනී සිටියහ.

 



අදහස් (2)

රන්ජන්ට එරෙහි නඩුවේ වාචික දේශන කල්යයි

සමිත සේනක අලුත්ගමගේ. Friday, 29 May 2020 12:50 PM

මහනෙල් සුවඳ මය .. කුඩමසු පිළීගඳ මය .. දෙකට එක දියමය .. හොඳට නරකට දෙකට කටමය ..

:       0       43

ධම්ම Friday, 29 May 2020 02:13 PM

ඇතුල කිසිවක් නැති.. දවුල් බෙරහඬ පතුරති.. දන්නා දෙයක් නැති.. ළමෝ කෑකෝ ගසා දඟලති..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 551 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17320 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 703 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site