IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මුහුදු මහා විහාරයේ සංරක්ෂණ කටයුතු ලබන සතියේ අරඹයි

(වසන්ත චන්ද්‍රපාල, යු විජේසිංහ,සහ කුමාර සී.ලියනආරච්චි පොතුවිල් මුහුදු මහා විහාරයේ සිට)

අර්බුදයට ලක්ව ඇති මුහුදු මහා විහාරයේ සංරක්ෂණ කටයුතු ලබන සතියේ ආරම්භ කිරීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් සෙනරත් දිසානායක මහතා විසින් පොරොන්දු වු බව පොතුවිල් මුහුදු මහා විහාරාධිපති වරකාපොළ ඉන්දසිරි හිමියෝ පැවසුහ.

අම්පාර පොතුවිල් මුහුදු මහා විහාරස්ථානයේ ඉඩම් සම්බන්දයෙන් පැනනැගි ඇති ගැටළු පිලිබදව සොයා බැලිමට සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් විජිත නන්දන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් සෙනරත් දිසානායක මහතා සහ මිනින්දොරු දෙපාර්තමේන්තුවේ අතිරේක මැනුම් අධ්‍යක්ෂක ඒ.දිසානායක යන මහත්වරුන් ඉකුත් 27 දින මුහුදු මහා විහාරස්ථානය වෙත පැමිණ විහාරාධිපති වරාකාපොළ ඉන්දසිරි හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබිය.

එම අවස්ථාවේදි නිළධාරින් සහ පොතුවිල් රජමහා විහාරස්ථානයේ විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි නායක ස්වාමින් වහන්සේ හමුවි පැය තුනක පමණ කාලයක් මෙම ගැටළු පිළිබද සාකච්ඡා කරනු ලැබිය.

ඓතිහාසික වශයෙන් වැදගත් කමක් උසුලන පැරණි සෙල්ලිපි මගින් එහි අන්‍යතාවය නිස්චිත වශයෙන් කිව හැකී සාධක රැසක් ඇති මුහුදු මහා විහාරස්ථානය වර්තමානයෙදි ලබා දී ඇති නිර්දේශ මත 1952 ගැසට් පත්‍රය සදහන් පරිදි අක්කර 72 රූඩ් 3 පචස් 37 භූමි ප්‍රමානයක් විහාරස්ථානයට හිමි බවත් ඇතැම් පුද්ගලයන් විසින් අනවසරයෙන් පදිංචිව සිටින බවත් විහාරස්ථානයට මෙම භූමි ප්‍රමාණය නීතියානු කුලව හිමිව තිබෙන බැවින් එම ගැසට් පත්‍රය තවමත් බලාත්මක බැවින්ද එම ගැසට් පත්‍රයට අදාල ඉඩම් විහාරස්ථානයට ලබාදිමට කටයුතු කරන ලෙස පොතුවිල් රජමහා විහාරස්ථානයේ විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි නායක ස්වාමින් වහන්සේ මෙහිදි සදහන් කරන ලදි.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ‍සෙනරත් දිසානායක මහතා විසින් මාධ්‍යට කරුණු පැහැදිලි කරන ලදි.

එහිදි කඩිනමින් මුහුදු මහා විහාරස්ථානයට අයත් ඉඩම් හදුනා ගැනිමට කටයුතු කරන බවත් සතියක් ඇතුලත කැනිම් කටයුතු සිදු කිරිමට අවශ්‍ය කටයුතු කරනු ලබන බවත් පැවසිය.

මෙම ගැටලුව විසදිමට මෙතෙක් ප්‍රමාද වුයේ පසුගිය රජයන් සමයේ රාජ්‍ය මැදිහත්විමක් නොමැති නිසා බවද කීය.

අද වෙනවිට රජයේ මැදිහත්විම තිබෙන නිසා මෙම ගැටලුව විසිදිමට පුරාවිද්‍යා දෙපාර්මේන්තුවට හැකියාව පවතින බවද පැවසිය.



අදහස් (9)

මුහුදු මහා විහාරයේ සංරක්ෂණ කටයුතු ලබන සතියේ අරඹයි

Mangala Thursday, 28 May 2020 06:47 AM

මේ සියලුම රාජ්‍ය නිලධාරීන් තමන්ගේ රාජකාරිය සහ වගකීම පැහැර හැරපු අය. රජය නීතියක් පනවා තිබියදී එම නීතිය මුල් අවස්ථාවේදීම ක්‍රියාත්මක නොකල රටේ මහජනතාවට බරක් වූ නිලධාරීන්. 1952 සඳහන් පරිදි අක් 72ක් ආපසු ගෙන එම අක් 72ක නීතිවිරෝධිව නිවාස සැදූ සහ අවසර දුන් සියලු දෙනාට දඬුවම් සහ දඩ ගැසිය යුතුයි. එවිට වෙනත් කාලයකදී යහපාලනය යැයි කියාගත්, සිංහලයාට වහපාලනයක් පැමිණියොත් අක් 72 ක් අහිමි උනා කියා වන්දි දේවි.

:       0       3

ඉලේපෙරුමThursday, 28 May 2020 03:04 PM

මේ සියලුම රාජ්‍ය නිලධාරීන් තමන්ගේ රාජකාරිය සහ වගකීම පැහැර හැරපු අය කියලා මංගල කියන්නේ රටේ වැඩ සිද්දවෙන හැටි දන්නේ නැතුවයි. රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නේ හෝ නොවෙන්නේ ඒ ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ ඕනෑ එපාකම් අනුවයි. ඉඩම් අල්ලා ගැනීම ගැන විතරක් නොවෙයි... පාරේ මහජනයාට බාධාවන පේව්මන්ට් කඩයක් ඉවත් කිරීම, අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම ආදිය ගැනත් කියන්න තියෙන්නේ එච්චරයි...

:       0       0

ඉලේපෙරුම Thursday, 28 May 2020 07:26 AM

අනුරාධපුර පුරාවිද්‍යා ඉඩම්වලත් අනවසර පදිංචි වීම් / ඉදි කිරීම් තියනවා. ඒ ගැනත් බලන්න...

:       0       2

Kamal Thursday, 28 May 2020 07:44 AM

මෙන්න වැඩ...! අභාවයට යමින් තිබූ ඉතාමත් වැදගත් පුරාවස්තු රාශියක් සහිත මෙම පුදබිම රැකගැනීමේ පුණ්‍ය ක්‍රියාවම ඇති මොක් මග ලබන්නට. සාදු සාදු !

:       59       66

Ratna P Thursday, 28 May 2020 08:40 AM

යහපාලන සමයේදී බැංකු මංකොල්ල, රජයේ දේපල විකිණීම, කොමිස් ගැහිල්ල, මඩ ගැහිල්ල කෙරුණා මිසක් පුරාවිද්‍යා රැකගැනීම සම්බන්ධව ඒ ගොල්ලන් නිදාගෙනනේ හිටියේ...

:       224       126

pathiranaThursday, 28 May 2020 10:09 AM

මොන පිස්සුද රත්න, ඡන්දෙ ඉවර වුණාම බලන්නකෝ... ලබන මැතිවරණය කිට්ටු වෙන කොටත් මුහුදු මහා විහාරයේ ඉඩම් මනිනවා.

:       2       6

sena Thursday, 28 May 2020 08:49 AM

හෝ ගාලා වැඩ ඡන්දෙට...

:       15       8

BamunuarachchiThursday, 28 May 2020 02:04 PM

ඔහේ ආදරේ රටටද, පක්ෂෙටද? නමින් සිංහල වුණාට සිංහලකම ගෑවිලාවත් නැහැ නේද? අර ගොල්ලන් හිටියා නම් සංහිඳියාව කියලා පැන්සලත් බෙදලා දෙනවා ඡන්දෙට... එ්කයි දෙගොල්ලෝ අතර වෙනස හා ඡන්දෙ දීපු අපිට ඕනේ වෙනස. නැතුව හාල්, පරිප්පු, සැමන් මිල අඩුවට නොවෙයි.

:       0       0

Kamal Thursday, 28 May 2020 01:19 PM

අන්තවාදීන් දිනුම්, අක්කර 42ක් නිකන් ගත්ත නීතියෙන්... දැන් පවුල් ගෙනැල්ලා පදිංචි කරවමු... පාකිස්තාන්, ඇෆ්ගනිස්තාන්, ඔක්කොම ගේමු. හරක් දේශපාලුවන් ඉන්න රටක් වෙලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 145 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 55 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 447 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 609 2

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 341 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 277 2

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site