ප්‍රසිද්ධ බයිලා ගායන ශිල්පී ඇන්ටන් ජෝන්ස් මහතා (79) අභාවප්‍රාප්පත විය.
ඔහු කැසට් පට 40කට ආසන්න සංඛ්‍යාවක් හා සීඩි පට 10ක් නිකුත් කර තිබෙන අතර සමාජයේ ප්‍රකට සිදුවීම් අළලා බයිලා ගීත රැසක් ද නිර්මාණය කර ඇත.
මරු සිරා, සේපාල ඒකනායක, කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන, ප්‍රේමවතී මනම්පේරී සහ පොළොන්නරුවේ පොඩි විජේ යන ගීත ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය විය.
1937 ජූනි තුන් වැනිදා උපත ලැබූ ඇන්ටන් ජෝන් මහතා වසර 35ක ආසන්න කාලයක් රාජ්‍ය බැංකුවක ලඝු ලේඛකයකු ලෙස සේවය කර ඇත.
දේහය පිළිබඳ වැඩිදුර තොරතුරු පසුව දැනුම් දෙන බව පවුලේ උදවිය කියති.
ප්‍රේමවතී මනම්පේරි .............
ප්‍රේමවතී මනම්පේරි තරුණිය කතරගමේ හිටිය රූප රැජිනිය
පතිවත කෙළෙසලා ඇගේ මැරුවේ තිරිසනෙක් වගේ
ඒ හිත්පිත් නොමැති උදවිය....
එකදාස් නමසිය හැත්තෑ එකේ වරුසයේ
සිදුවුන සිද්ධියක් නේ මේ අපේ ලංකාදීපයේ
රුහුණු කදිර දෙවිදුන් වැඩ විසුව දේශයේ
වුන අපරාධය පවසමි ශුද්ධ භුමියේ
කතරගමේ රූප රාජිනි මනම්පේරි නම ගත්
ඇගේ රුවට කාගේත් නෙත් සිත්
නැණවත් තරුණියක් වූ ඇය පවුලක දුප්පත්
ඇය හට සිදුවුන දෙය අමතක වෙනවද කවදත් ..
මනම්පේරි මේ සුන්දර රූප රාජිනී
ඇයව සොයා හදිසියෙ ජීප් එකක් පැමිණුනී
කිසිවක් කර කියාගන්න ඇයට බැරි වුණී
ඒ නිලධාරින් ඇය කැන්දන් යන්න සැරසුනී
මේ ලෙස කැඳවා ගෙන යන්න කල වරද කුමක්ද
ඒයි මනම්පෙරි කතා නැතිව එනවද නැද්ද
අකමැත්තෙන් වුව ඇයට යන්න වුනානේ සිද්ධ
ඔය පාළු කුටියකට ඇය කැඳවන් ගියේ මන්ද
එම පාලු තුල තරුණිය හිර කරලා
කැඳවන් ගිය සැම දෙනා එතන රොක් වෙලා
විළි වසා සිටි වස්ත්‍රය ගලවන්න අණ කලා
විලි ලජ්ජාවෙන් වැලපුනි ඇය කඳුළු සලලා
ඇයව වැදූ මවයි කුඩා සොයුරියන් සිහිවිය
සුකුමල මුව කමල කඳුලැලින් තෙත්විය
මට යන්න දෙන්න හෙළි නොකරමි කල විපැත්තිය
ඇගේ ඉල්ලීමට කන් දුන්නැ මුරුග කට්ටිය
දන ගස්වා නිර්වස්ත්‍රව ඇදන් යන විට
වෙඩි උණ්ඩයක් ඇවිත් වැදුනා ඇගේ වමේ කලවෙට
පිටපිට වෙඩි උණ්ඩ නිකුත් නිකුත් වුනා හනිකට
හැම උණ්ඩයක්ම සිරුර පුරා ගියා විනිවිද සිරුර
ඈ ඇදන් වැටුනා ලේ ගලමින් ඇගේ මුළු සිරුරින්
කලින් කපා තිබුන වලක් තුලට හිටි ගමන්
වල වසා දමන්නට එතැනට පැමිණුනි ඇලඩින්
සිටු ඇය මේ ලෙසටයි පැවසුවේ ඒ හිදිමින්
අවසාන මොහොතේ උදවුවක් කරන්න පා දයා
ඔබට බුදුබව අත්වෙයිඅනේ අනේ ඇලඩින් අයියා
මේ කරාඹු දෙක දෙන්න ගොසින් මගේ මව සොයා
ඇයට පවසන්න ජිවතුන් අතර මේමන් නැත කියා
එපමණයි ලැබුනේ ඇයට ඔහු හට පවසන්න
තවත් කෙනෙක් මාන බලා ආවා එතැනට
අන්තිම වෙඩිල්ලත් තැබුවනේ ඇගේ සිරුරට
අවසන් හුස්ම හෙලා නෙත් පියාගත්තා සදහට ..
ගායනය - ඇන්ටන් ජෝන්ස්
සල්ලි දීල ගවුම මැහුවෙ ...................
සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න
අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න
ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න
ලීලී මාගෙ නෝන එයා මෙහෙම කියන්නෙ
දැන් රටේ තොටේ කවුරුත් මිනි ගවුම් අඳින්නෙ
මම කොහොමද සාරි ඇඳන් මහ මග යන්නෙ
මටත් ගවුමක් ඔනෙ ඔව් මිනි ගවුමක් ඕනෙ
මිනි ගවුමක් මොටද දැන්ම ඔයා සොයන්නෙ
ඇයිද ලිලී මගෙ පපුවට ගින්දර දෙන්නෙ
මිනි ගවුම් අඳින්නේ මැරුණට පසුනෙ දෙවියනේ
මෙහෙම කිවුව ගමන් නෝනා මගෙ ඇඟට ගොඩවුනේ
සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න...
අපේ නෝනගෙ වැඩ පුදුමයි මට දැන් සිහිවෙනවා
මැරුණෙ නැතුවම නෝන මිනි ගවුම් සොයනව
බෑ කියන්නටත් ලෝබයි අඬ අඬ ඉල්ලනවා
මිනි පෙට්ටි කඩෙන් මිනි ගවුමක් මෙ මං ඉල්ලුවා
මිනි ගවුමක් සමග මිනි පෙට්ටියකුත් දුන්නා
කාර් එකකුත් ලැබුණා ඒකෙම මමත් ගොඩ උනා
ගේ ළඟටම එන්නා වට පිට සෙනග පිරෙන්නා
එය දුටු මගෙ නෝනා මරහඬ දීගෙන පැන්නා
සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න...
මොකද දෙවියනේ ඔයාට වෙලා තියෙන්නේ
මිනි පෙට්ටි මොටද ඇයි අද අපෙ කවුරුද මැරුණෙ
එය ඇසුණු මගේ ඇඟේ මාලු ගඟේ නටන්නෙ
අපේ නෝනට මම මේ විදියට උත්තර දුන්නෙ
මිනිගවුමක් දෙන්නෙ මිනි පෙට්ටියක් ගත්තම
ගත්ත නිසයි ලිලී මම ගෙනාව දෙකම
මිනි ගවුම කිව්වෙ කොට්ට උරය වගෙ කොට ගවුම
නෝන කිව්ව එහෙම මට තේරුණ කරපු ගොන්කම
සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න
අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න
ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න
ගායනය - ඇන්ටන් ජෝන්ස්
කොමළ පපා මුකුළු.................
කොමළ පපා මුකුළු පපා අපේ ළඟට එන්නකෝ
ඔමරි ලතා බොළඳ කතා අපිට කියලා දෙන්නකෝ
ගෑණියෙක්ද පිරිමියෙක්ද ඩ්‍රයිවර් කෝ කාර් එකේ
අනේ අපොයි ඇඟේ හැපෙයි පාරේ උන්ට මාරකේ
හෙමින් වරෙල්ලා හෙමින් වරෙල්ලා
හෙමින් වරෙල්ලා හෙමින් වරෙල්ලා
බලාගෙනයි මහ
පාරේ හෙමින් වරෙල්ලා
කොමළ පපා මුකුළු පපා...
තරහා වෙන්න එපා ඔන්න නිකං කොලොප්පං කළේ
කොළඹ රටේ හතර වටේ රවුමක් ගහමුද ලියේ
මල් කුමාරියේ තනියෙං සවාරියේ
මල් කුමාරියේ තනියෙං සවාරියේ
එන්නද කුමාරියේ
යන්නට අපි සවාරියේ
කොමළ පපා මුකුළු පපා...
බයිල පොලේ තොයිලේ බොලේ ඉවර වෙන්න ළඟ වගේ
අපව දමා පැනලා ගියා පෙට්ට්‍රොල් ටික ටැංකියේ
චෙරියෝ චෙරියෝ චෙරියෝ චෙරියෝ
චෙරියෝ චෙරියෝ චෙරියෝ චෙරියෝ
බැරියෝ බැරියෝ තවත් බයිලා බැරියෝ
කොමළ පපා මුකුළු පපා අපේ ලගට එන්නකෝ
ඔමරි ලතා බොලද කතා අපිට කියලා දෙන්නකෝ
ගායනය - ඇන්ටන් ජෝන්ස්
කන්තෝරුව කන්තෝරුව...............
කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන
එතන තමයි මා හට ඇති විනෝද උයන
ගී ගයමින් නිතරම මා සතුටින් සිටින
කන්තෝරුව තමයි මාගෙ විනෝද උයන
මම වැඩට යන්නෙ දවල් දහය පහු වෙලා
මගෙ යාළුවො ඇත මා එනතුරු පුල පුලා
අපෙ ලොකු මහත්මය එන වෙලාව බල බලා
මම ගී ගයනව මිතුරන් හා එක්වෙලා
මම වැඩ කරනව කියාල කන්තෝරුවෙ
මගෙ මේසෙ ළඟින් ඉඳගෙන මගෙ යාළුවෙ
තේ වෙලාව එනතුරු මගෙ පාඩුවෙ
කටු ගැන ගැන ඉන්නව ඔරලෝසුවෙ
කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන...
පාටියකට යන්නට මට හිතුනොතින්
කන්තෝරුව ඇරෙන වෙලාවට කලින්
මගෙ මිතුරන්ගෙන් ලැබෙන්නාවු උදව්වෙන්
මම පැනල ගෙදර යනවනෙ ලොක්කට හොරෙන්
පැනල ආ නමුත් මගෙ වැඩ හරියට
මගෙ යාළුවො ටික කරල තියයි නූලට
දවසක් අසුවෙන්න ගිහින් ලොක්කට
බේරුණෙ මම පූරුවෙ ලොකු පිනකට
කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන...
පඩි දින හැර අනිත් දවස් බල බලා
මම වැඩට යන්නෙ තේ වෙලාව අල්ලලා
තේ බී එනකොට මම වැඩපොල බලා
දහවල් කෑමට යන්නට සිදු වෙලා
කෑම පැයට ටිකක් නිදාගන්නවා
ඇහැරෙනකොට සවස් වෙලා තිබෙනවා
එවිට මෙ මට වැඩ කරන්න හිතෙනවා
නමුත් එතකොටමත් කන්තෝරුව ඇරෙනවා
කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන...

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේදිකාවේ ඔබ ගීත ගායනා කලේ රිද්මයට පාද තබමින් .එය සැබැවින්ම සුළු රංගනයක්.ඔබ සහ එම්.එස් ප්‍රනාන්දු මහතා හඳුන්වාදුන් ප්‍රසාංගික කලාව කිසිදා අමතක නොවේ. මහතාණනි,ඔබට මොක් සුව ලැබෙවා...! (ම)
කව්ද මේ අඩුව පුරවන්නේ. සමහර අතීත සිද්ධි අපි දැනගත්තේ මෙතුමාගේ සින්දු අහල. අපේ කාලේ වෙන දේවල් අපෙන් පස්සේ පරම්පරාවට අහන්න මේවගේ සිද්ධි අලලා ගීත නිර්මාණය කරන කෙනෙක් කෝ ? (බ)
මාගේ ප්‍රියතම ගායකයා,ඔබට නිවන් සුව ලැබේව. (අ)
ඔබ තුමාට නිවන් සුව ලැබේව ! අමරණීය ගායකයෙක් (අ)
ඔබට නිවන් සුව ලැබේවා කලාකරුවාණනි (බ)
දෙවිපියාණනි මෝක්ෂ සැනසීම ඔහුට දුනමැනව ඔහු සමාදානයේ සැතපේවා. (බ)
ඔබ තුමාගේ ගීත අපි ගොඩක් රස විඳිනවා, නිවන් සැප ලැබේවා....!!! (බ)
කාලයක් සංගීත සංදර්ශන වල ඔබ නැතුවම බැරුව ගියා, අපි පොඩි කාලේ ඔබේ සින්දු වලට නැටුව තාමත් මතකයි , ඔබට මොක් සුව (බ)
රටක් නැලවූ සැනසූ ඔබට ස්වර්ග සැප පතමි (අ)
පැරිස් වල ජිවත් වන සියලු ශ්‍රී ලාංකිකයින්ගේ සහ මගේ බලවත් ශෝකය. සමාදානයේ සැතපෙවා (ම)
අපිට මතකයි වැල්ලවත්තේ ලංකා බැංකුවේ වැඩකරන කාලේ අපේ තාත්තගේ විශ්‍රාම වැටුප ගන්න ගියාම ආදරයෙන් කරුණාවෙන් නිහතමානිව අප සමග කතා කළ හැටි අපි ඒ දවස්වල පොඩි ළමයි මහත්මයාණෙනි ඔබට මොක්සුව පතමි (බ)
ඔබගේ සින්දු සාද කල් පවතී!!! ඔබට නිවන් සුව මහත්මයාණනි (හේ)
ඔබට නිවන් සුව ! (ර)
සමාදානයේ සැතපේවා.! (ර)
ලංකා බැංකුවේ සේවයේ යෙදී සිටියදී අප දැන හැඳින ටික කලකින්ම ඔබට ගී ලියා දෙන්නට මට හැකීවිම මහත් භාගයක් . මා ලියු එම ගි නිසා ඔබ සත්‍ය සිද්ධී වලින් රසකාමින් පිනවුවා.අකුරටම රාජකාරිය ඉටු කරමින් ඔබගේ කලා දිවිය ඊට බාධාවන් නොකර ගනිමින් ඔබ දුන් ආදර්ශය කාටත් එදා අමතක වුණෞ නැහැ. මා "ආසයි බයයි" ගීතය ලියන විට ඔබ මගේ ඉදිරිපිට වාඩී වී මේසයට තට්ටු කරමින් ඊට ගැලපෙන අගනා තනුවක් ගැලපු අයුරු මට තාම මතකයි. ඔබ නැති පාළුව මටත් ඔබේ හිතාදර කලා කාමීන්ටත් දැරිය නොහැකිය. ඔබට මොක් සුව පතමි.(අ)
ඔබ තුමාට නිවන් සුව පතමි.! (ර)
අර්ධ රාජ්‍ය නිලධාරියෙක් ලෙසත්, සංගීත ක්ෂේත්රයටත් රට වෙනුවෙන් ඔබ ඉටුකළ සේවය විශිෂ්ටයි. සුවහසක් ඔබගේ රසික රසිකාවියන්ගේ මනෝ භාවයන් ආනන්දයෙන් උද්දීපනය කිරීමට ඔබ ගත් තැතට අපේ ප්‍රණාමය. දෙව් මව් තුරුලේ සදා කල් සැතපේවා! (ර)
ඔහු නිවන් සුව පැතුවෙක් නොවේ ශාන්ත අන්තෝනි මුනිදුන් ඉතා භක්තියෙන් විනීතව ගායන කළ මහත්මයෙක් (බ)
බුදු දහම වෙනුවෙන් ඔබ තුමා කළ සෙනෙහස අගයමු (බ)
ඔහු සැබෑ සිදුවීම් සංවේදී ලෙස සමාජ ගතකළ ගායකයෙක්. කතරගම මනම්පේරි සොයුරිය ගැනත්, මේ සමාජ අසාධාරණකම් නිසාම දරුණු අපරාධකරුවෙකු ලෙස නම් කළ පොඩි විජේ ගැනත් කියූ බයිලා වලින් ඒ බව හොඳින්ම පෙන්වනවා. (නි)
මියුරු ගී හඬින් අපිට සතුට ලබාදුන් ඔබ කිසිදා අමතක නොවෙයි (නි)
ඔබේ ගී රාවය සැමදා හදවතේ රැඳේවි. ඔබට නිවන් සුව! (නි)
මගේ බලවත් කණගාටුව! සමාදානයේ සැතපේවා! (නි)
නිවන් සුව ලැබේවා! (නි)
කණගාටුදායක පුවතක් (නි)
අපි කුඩා කාලේ රටේ සිදුවන ඕනෑම විශේෂිත සිද්ධියක් ජනතාවගේ සිත පතුලටම ගෙනගියේ කවි කොළකරුවනුයි. එය කෙමෙන් අභාවයට යනවිට එම කර්තව්‍යය බයිලා කලාවෙන් ඉදිරියට ගෙනයාමේ ගෞරවය ඇන්ටන් අයියා සතුයි. ගල්කිස්සේ සුමනාරාම පාරෙන් එම්. එසුත්, දෙහිවල කවුඩාන පාරෙන් ඇන්ටනුත්, චක්‍රවර්ති හා රජු ලෙස කිරුළු පැළඳි යුගය අපිට කිසිදා අමතක වන්නේ නැහැ. ඇන්ටන් අයියේ, අපි ඔබට මොක්සුව පතමු. (නි)
අන්තර්ජාලයේ මෙතුමාගේ ගී ඉතාම ජනප්‍රියයි. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔහුගේ බොහෝ ජනප්‍රිය ගීත වලට පදනම වැටුනේ සත්‍ය ඛේදාන්ත ඇසුරිනි. (නි)
අපගේ බලවත් ශෝකය! සමාදානයේ සැතපේවා! (නි)
දෙව්මව් තුරුලේ සැතපේවා! ස්වර්ග මෝක්ෂ රාජ්‍යයේ දොර ඔබට විවරවේවා! (නි)
සාමදානයේ සැතපේවා! (නි)
මම ප්‍රියකළ ගායකයෙක්. ස්වර්ගයේ සැතපේවා! (නි)
ඔබතුමාගේ සේවයට මගේ ආචාරය! (නි)
අපිව සතුටින් තැබුවාට බොහොම ස්තුතියි! සමාදානයේ සැතපේවා! (නි)
එතුමා අපිට දුන්නේ කිසිවෙක් මීට කලින් නොකළ කලා නිර්මාණ. රටේ සිදුවූ සිද්ධි පසුබිම් කරගෙන වේග රිද්මයෙන් ඉතා රසවත්ව ගයපු ගීත අපිට කවදාවත් අමතක නොවෙනු ඇත. නිවන් සැප ලැබේවා! (නි)
ඔබතුමා මැරුණත් නොමැරුණා වගෙයි. බලන්න අපි කවුරුත් මෙතන ජාති ආගම් දේශපාලන භේද නැතුව ඔබතුමාගේ හොඳමයි කියන්නේ. (නි)
රමණි හරි. ඔය බුදු හාමුදුරුවෝ සාමාවතී බිසව ගැන කියූ කතාවක්. බුද්ධාගමේ නොවුනත් ඇන්ටන් ජෝන්ස් මහතාට ඒ කතාව ගැලපෙනවා. (ර)
එතුමාට නිවන් සුව. එතුමා නැති අඩුව පුරවන්නද මන්ද දැන් ගිහි පැවිදි ගොඩක් අය ඔය වැඩේම කරනවා. නමුත් එතුමා වගේ මිහිරියට ගායනය කරනවා වෙනුවට කටෝර කතා තමයි ඒ අය කියන්නේ. (ම)
ලංකාවේ එක්තරා ස්වර්ණමය යුගයක අවසානය (අ)
ආසයි බයයි ඒ බෝට්ටුවෙ නමයි සහ අතන මෙතන කොතන ගියත් යන ගීත වලටද ප්‍රිය කළෙමි. අප අතරින් වියො වුනත්, ඔබෙ මතකය කිසිදා නොමියේ.(බ)