IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පාර්ලිමේන්තුව වසා දමා විෂබීජහරණය කරයි

(බන්දුල ඉලේපෙරුම)

පාර්ලිමේන්තුවේ පොලිසියට අනුයුක්තව සේවයේ නියුතු පොලිස් නිලධරයකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් අද සහ හෙට පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නවතා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි පවසයි.

අද සහ හෙට දින දෙකෙහි පාර්ලිමේන්තු පරිශ්‍රය විෂබීජහරණය කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන් ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ අද (26) සහ හෙට (27) පාර්ලිමේන්තු පරිශ්‍රය වසා දමා එය සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කරන බවයි.

"අද සහ හෙට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන්නේ නෑ. සාමාන්‍ය කාර්ය මණ්ඩලය පමණයි එන්නේ.... ඒ අයත් අපි ගෙන්වන්නේ ඉතාම අඩුවෙන්"

"ඒත් ඒ අය සිටින විට විෂබීජහරණය කිරීම ටිකක් අසීරු නිසා අපි අද සහ හෙට පාර්ලිමේන්තුව තාවකාලිකව වහලා විෂබීජහරණය කරනවා.. අපේ බලාපොරොත්තුව අනිද්දා (බදාදා) නැවත සාමාන්‍ය කටයුතු පටන් ගන්නයි" යයිද වේත්‍රධාරී නරේන් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.



අදහස් (23)

පාර්ලිමේන්තුව වසා දමා විෂබීජහරණය කරයි

නුවන් Monday, 26 October 2020 05:33 AM

ඕකෙ කොහොමත් ඉන්නෙම රටම විනාශ කරන විෂබීජ ටිකක් තමයි. ඕක පිටින්ම විනාශ කරල දැම්ම නම් සෙතක් වෙයි ලංකාවට ඕකෙ ඉන්න අය 225 ම ඇතුලට දාල.

:       0       0

D De silva Monday, 26 October 2020 05:52 AM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ සිටින විට සනීපාරක්ෂාව කිරීම වඩා හොඳය. ඔවුන් වඩාත් භයානක වෛරස් වේ.

:       0       0

Raveendra Monday, 26 October 2020 06:00 AM

"අපායේ නරකාදිවල" විෂබීජහරණය කරත් දියවන්නාව පට්ටිය නම් කිසිදා ඔය කියන "හරණය" කල නොහැක. මක්නිසාදයත් දියවන්නාව පට්ටියේ ලැග එතරමටම අසමත්ජාති අපත, පාපතර කාලකණ්ණි රැළක් බැවිනි..

:       1       49

Raveendra Monday, 26 October 2020 06:28 AM

කල හැකි දේවල් තිබෙනා බව නොරහසකි.... කල නොහැකි දේවල් තිබෙනා බව රහසකි.... එවන් තැනක් පිරිසිදු කිරීමත් ගැටලුවකි......

:       0       0

Dan Monday, 26 October 2020 06:33 AM

එය නොකිරීමට අපට මුදලක් ගෙවිය නොහැකිද?

:       0       0

Rata Perata Monday, 26 October 2020 07:15 AM

මෙක 20ට ඉස්සරවෙලත් තියෙන්න ඇති. කීයක් මැරුණත් තමන්ගෙ වගේ කරගන්නනේ රජා හැමදාම දැගලුවෙ... මෙ වගේ භයානක කෙනෙක් ඒකාධිපතියෙක් කළ එකට 20ට අත් උස්සපු හැම කෙනාගේම පවුල්වලටත් සහ ගහනවා.

:       0       4

සමිත සේනක අලුත්ගමගේ. Monday, 26 October 2020 07:28 AM

රජ වාසළ ඇත්තන්ට බිය දැනිලා වගෙයි . බ්‍රැන්ඩික්ස් පොකුර ක්ෂණිකව වැළැක්වීමට රජය දැක්වූයේ ඉතා සැහැල්ලු ක්‍රමවේදයක්. දැන් දමා තිබෙන ඇඳිරිය එදා දැම්මා නම්, තත්ත්වය මෙසේ වෙන්නේ නැහැ. එසේ නොදැම්මේ විස්ස වෙනුවෙන් මතුවිය හැකි උද්ඝෝෂණ හා විරෝධතා නිසා යයි යන කතාවල සත්‍ය අසත්‍ය අපි නොදනීමු. කෙසේ වෙතත්, රජ වාසල ඇත්තන් වෙත කොතරම් ඇයි ආයුධ ආරක්ෂාව තිබුණත්, ඇසට නොපෙනෙන වෛරසය ආයුධ සන්නද්ධ අය ලවා වෙඩි තැබීමෙන් මෙල්ල කළ නොහැකි බව මින් අනතුරුව සිහියට නගා ගැනීම වටී.

:       1       24

sanjeeva Monday, 26 October 2020 07:37 AM

විෂබීජ නසන්න විතරමද ? ඔක්කොම ටික ශුද්ධ කරන්න.

:       0       27

anura Monday, 26 October 2020 09:04 AM

මෙවර මෙම කොවිඩ් රැල්ල පාලනයේ දී සාමාන්‍ය පුද්ගලයන්ට පවා හැඟෙන දුර්වලතා රැසක් පෙනීමට ඇත. එවකට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක අනිල් ජාසිංහ මහතා නිර්භීතව ගත් පියවර නිසා ඉතාම කෙටිකාලයකින් රට යතා තත්වයට පැමිණියා.

:       0       0

විජිත් Monday, 26 October 2020 09:05 AM

කොරෝනා හැදෙන්නේ " මොලයක් " තියෙන, බුද්ධිමත් මිනිස්සුන්ට පමණයි.

:       0       0

siri Monday, 26 October 2020 09:35 AM

"ලන්ඩන් නඟරයට බෝම්බ වැටෙද්දීත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වැහුවේ නෑ " කියලානේද කිවේ. දැන්නං මේරටේ නිදහසේ අදහස් පලකරන එකත් ශරීර සෞඛ්‍යට හොඳ නැතිවෙන්න ඉඩ තියෙනවා. ඉස්සරහට වැඩක් බලාගෙන පාඩුවේ ඉන්න එක ඇඟට පතට හොඳ වෙන්න පුළුවන්.

:       0       0

Ameila Leary Monday, 26 October 2020 09:45 AM

රිෂාඩ් නැවත වරක් පාර්ලිමේන්තුවට ගෙන එන්න. රජය කෙතරම් නොසැලකිලිමත් ක්‍රියාවක්ද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් ගැන ඔවුන් තැකීමක් නොකළ නිසා 20 ඒ සම්මත කර ගැනීමට ඔවුනට දැඩි අවශ්‍යතාවයක් ඇත. අවම වශයෙන්, ඔබ ඔවුන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව ගැනත්, ඔබේ ක්‍රියාවෙන් හා වසංගතයෙන් පීඩා විඳින ප්‍රදේශවාසීන් ගැනත් කරදර විය යුතුය.

:       0       0

wicky Monday, 26 October 2020 10:27 AM

ඇයි ඕක විසබීජ හරණය කරන්නේ වහලා.? 20 සම්මත කරන්න කලින් ලොකු කතා කිව්වා.

:       0       0

බර්ට් Monday, 26 October 2020 10:27 AM

සර් පැනික් වෙලා නැත්ද තාම?

:       0       0

kapila Monday, 26 October 2020 10:39 AM

ඕක දිගටම වහල තිබ්බත්, අපිට නම් කිසිම කරදරයක් නැහැ.

:       0       0

banda Monday, 26 October 2020 11:28 AM

අනේ අපි බලාගෙන ඉන්නේ පාර්ලිමේන්තු පොකුර ගැන දැනගන්න.

:       0       0

dharmatileke Monday, 26 October 2020 01:05 PM

දිගටම වහලා දාලා තියන්න. නැතිනම් නිරෝධාන මධ්‍යස්ථානයක් කරන්න.

:       0       0

දෙනෙත් Monday, 26 October 2020 05:31 PM

කොහොමත් ඕක ඇතුලේ වැඩිපුරම හිටියේ විෂබීජ තමයි

:       0       0

sharm warn Tuesday, 27 October 2020 04:02 AM

මෙන්න ජනතාව පුනපුනා බලා සිටි අවස්ථාව. ඔතන ඉන්න අය නිසා තමයි රටට මෙච්චර හරියක් වුනේ.

:       0       0

Bamunuarachchi Tuesday, 27 October 2020 06:53 AM

ඒ කියන්නේ අලුතින් 225 පත්කර ගන්නවාද?

:       0       0

siri Tuesday, 27 October 2020 09:31 AM

කොරෝනා ප්‍රශ්නය නිසා පාර්ලිමේන්තුව කල් දාමු කීවහම අර පනත සම්මත කරගන්න කල් කිවේ " එහෙම අවශ්‍ය තාවයක් නැහැ. දෙවෙනි ලෝක යුද්දෙදි ලන්ඩන් නුවරට බෝම්බ ප්‍රහාර එල්ලවෙද්දීත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව රැස් උනා " කියලයි. පනත සම්මත උනා විතරයි ඒවා මතක නැහැ පාර්ලිමේන්තුව වහනවා. අනේ අනිච්චන්.

:       0       0

Ruksha Poorni Tuesday, 27 October 2020 05:29 PM

පාර්ලිමේන්තුවේ විතරද මිනිස්සු ඉන්නේ. ඔවුන් විතරද ආරක්ෂා වෙන්න ඕන? ගෙවල්වල වයසක අය ලෙඩ රෝග තියෙන අය ඉන්නවා. අපි ගොඩක් බයෙන් ඉන්නේ. දැන් වත් රට ලොක්ඩවුන් කරන්න. අපි මේකටද ජන්දේ දුන්නේ? හිතක් පපුවක් නැද්ද?

:       0       2

Perera Tuesday, 27 October 2020 05:50 PM

ඔක වහලාම දාන්න. නැතිනම් ඔතන කොහොමහරි කොරෝනාව බෝ කරලා අරින්න. පින් ....!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 43 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 107 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 286 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 329 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 620 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 210 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site