IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නවකවදයට එරෙහිවූ සිසුන්ට පහරදුන් ජ්‍යෙෂ්ඨයෝ 14ක් රිමාන්ඩ්

(දිනේෂ් උපදේන්ද්‍ර)
 
වයඹ සරසවියේ නවක වදයට එරෙහිවූ නවක සිසුන් තිදෙනකුට පහරදුන්නේයැයි සැකපිට එම සරසවියේ ජ්‍යෙෂ්ඨ සිසුන් 14 දෙනකු ලබන 28 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මිය නියෝග කළාය.
 
1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවකවදය සහ වෙනත් ස්වරූපයේ කායික ක්‍රියා තහනම් කිරීමේ පනතේ පළමු සහ තුන් වැනි වගන්ති ප්‍රකාරව සහ දණ්ඩ නීති සංග්‍රහය අනුව මෙම සිසුන් වැරදි සිදු කර ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නාය.
 
පොලිසිය ඉදිරිපත් කළ දණ්ඩ නීති සංග්‍රහයේ වගන්තියට අනුව මෙය නවක වද පනතේ දෙවැනි වගන්තියට ද අදාළ වරදක්දැයි සොයා වාර්තා කරන ලෙස පොලිසියට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරිය ඒ වන තෙක් සිසුන් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළාය.
 
පහරකෑ සිසුන්ගේ වෛද්‍ය වාර්තා පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණු අතර ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරිය එම වෛද්‍යවාර්තා ඊළඟ නඩු දිනයේ ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළාය.



අදහස් (11)

නවකවදයට එරෙහිවූ සිසුන්ට පහරදුන් ජ්‍යෙෂ්ඨයෝ 14ක් රිමාන්ඩ්

Raveendra Monday, 21 January 2019 11:51 AM

කරුණාකර මේ පාදඩයිනට උපරිම දඬුවම් ලබා දී අපගේ බදු මුදල් කාදමන මේ අයගේ මූසල මුණු පළකර මෙම අායතනවලින් සදහටම නෙරපා දමන මෙන් අප නැවතත් පාලන අධිකාරියෙන් ඉල්ලා සිටින්නෙමු. අප එසේ පවසන්නේ මේ විනාශ කරන්නේ ඔබේ, මගේ, අපේ ලේ කදුළු දහදියෙන් උපයා ගන්න මුදල් වලින් එකතුකරන බදු මුදල් බැවිනි. ගමේ මරණාධාර සමිතියක තිබෙන වටිනාකමක් නැති අන්තරේ නමැති රස්තියාදු කාරයන් එකතුවෙන සමිතියේ " නූගත් පාදඩයින්ට" මෙය පැහැදිලිව කියවීමට හැකි වේවා !!!

:       707       3151

sandun herath Tuesday, 22 January 2019 12:18 AM

අන්තරේ විතරක් නොවෙයි. අහිංසක නවක ශිෂ්‍යයන් හට අමානුෂික ලෙස නවක වදය දෙන සියලුම මානසික රෝගීන් හෙවත් හීනමානයෙන් පෙලෙන වධකයින් සරසවි වලින් නෙරපියයුතුයි. රජයට නොහැකිනම් මහජනයා හෙවත් නවක ශිෂ්‍යයින්ගේ දෙමාපියන්, සහෝදරයන්, හිතමිතුරන් මේ වධකයින්ට සරසවියෙන් පිටතදී පහර දියයුතුයි. නවක ශිෂ්‍යයින් සියලුදෙනාම එකතුවී සරසවියේදීම ඒ අයට පහර දිය හැක. එසේ වුනොත් පාලනාධිකාරිය සහ මාර්ෂල්වරු ඒ වගකීම බාරගතයුතුයි. මේ ප්‍රශ්නය පිළිබඳව අප අවදියෙන් සුදානමින් ඉඳිමු.

:       0       1

කල්පනාTuesday, 22 January 2019 01:28 AM

අපේ රටේ පනත් සම්මත කලාට වැඩක් නැහැ මෙවැනි වැඩකරන්නන් විශ්ව විද්‍යාලයෙන් සදහටම නෙරපා හරින්න නීති හදන්නේ නැතිනිසා.මොවුන් කවුද පදිංචිය හොහේද කාගේ කවුද කියලත් ප්‍රසිද්ධ කරල නෙරපා හරින්න කටයුතු කරන්න එසේ නොකර මේ රට හදන්න බැහැ

:       0       32

dias Monday, 21 January 2019 11:54 AM

මොනවද ඉතින් තව ටික දවසකින් ඔය අයව නිදහස් කරයි. ඊට පස්සේ ආයෙමත් පරණ පුරුද්දට වැටෙනවා. ලංකාවේ ඉගෙන ගන්නට ලැබීම මහා පවක්. ලංකාවේ ඉගෙන ගන්නට අවශ්‍ය සිසුන්ට දිය හැකි හොඳම උපදෙස නම්, හැකිතාක් ඉක්මණින් ඔය රටින් පිටට ගොස් තමන්ගේ ඉගෙනීම් කටයුතු කරන ලෙසයි...

:       106       79

RaveendraMonday, 21 January 2019 01:19 PM

ඔබගේ අදහස් නිවැරදිය... තව ටික දවසකින් මෙම මී හරකුන්ව නිදැල්ලේ තණකොළ කෑමට මුදා හරිනවා. අවසානයේ විශ්වවිද්‍යාල වලින් පිටවන්නේ උද්දච්ඡකම ඉහවහාගිය, විනයක් නැති හොඳ නරක නොදත් මෝඩ රැලක්. එසේ නම් මේ හරකුන්ගේ දෙමව්පියන්ගේ බලාපොරොත්තු මෙන්ම රටේ පුරවැසියන්ගේ බදු මුදල් කා දමා තියෙන්නේ මේ කුඩුකාරයන්, බේබද්දන් නොවේද?

:       238       255

ravin - moratuva Monday, 21 January 2019 01:53 PM

කොළඹ සරසවියේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකෙත් මේ දිනවල මේ ජරා නවක වදය දෙනවාලු. මේ සඳහා සහභාගිවන්නේ 3 සහ4 වසරවල නරුමයින් කිහිපදෙනෙකි. සරසවියේ පාලකයින් සහ විනය භාර නිලධාරීන් මේ ගැන පියවරක් නොගන්නේ නම් තත්වය ටිකක් අමාරුවේවි මේ පාර. යම් ලෙසකින් ජේෂ්ඨයින් සරසවියෙන් පිටතදී ප්‍රහාරයකට ලක්වුණහොත් ඒ වගකීම ඔවුන්ම බාරගත යුතුවේ. මන්ද මේ නවකයින්ව හිංසා පීඩාවලට ලක්කරන්නේ ඔවුන් විසින් වීමයි.

:       75       92

samantha Monday, 21 January 2019 02:09 PM

කොළඹ නගරයේදී අපිට ඔය වධකයින්ව පෙන්වන්න පුළුවන් නම් අපි ඒ වධකයින්ට අමතක නොවන වධයක් කොළඹ නගරයේදී දෙන්න ලැහැස්තියි. කීප් ඉන් ටච්...

:       172       242

anura - mt.lavinia Monday, 21 January 2019 04:51 PM

හොඳ අදහසක්.

:       95       102

ෂෙහාන් ඩයස් - කොළඹ 7 Tuesday, 22 January 2019 12:23 AM

කොළඹ සරසවියේ කළමනාකරණ අංශයේ මේ දිනවල මහා අශෝභන විදිහට නවක වදය දෙනබව ආරංචියි. මෙයට සහභාගි වෙන්නේ 3 වෙනි සහ 4 වෙනි වසරවල ශිෂ්‍යයින් 20ක් 25 ක්පමණවූ කණ්ඩායමකි. මේ නවකවදයට ලක්වූ නවක ශිෂ්‍යයන් මේ කණ්ඩායම කෙරෙහි දැඩි වෛරයෙන් පසුවේ. එක නවක ශිෂ්‍යයෙක් "පිස්තෝලයක් ගෙනත් මුන් ඔක්කොටම වෙඩිතියලා මමත් මැරෙනවා " කියලා කිව්ව බවකුත් ආරංචියි. විනය භාරව සිටින අය මේ ගැන නොදන්නවා ගානට ඉන්නවාලු. මේ යන විදිහට ගියොත් සමහරවිට කිහිපදෙනෙක්ම මැරෙන්නටත් බැරි නැහැ. වගකිව යුත්තන්, අධ්‍යාපන මැති ඇමතිවරු මේ ගැන කුමක්ද කියන්නේ? මේවා මහා පුදුම කතා. කෙසේවෙතත් ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේම කියා තියෙනවානේ නවක වදය තහනම් කරනවා කියලා. මේ නවක වධය දෙන කණ්ඩායම ඇවිත් තියෙන්නේ ඈත ගම්බද පළාත්වලින්ලු. ඔවුන්ට නගරයේ ශිෂ්‍යයින්ව පෙන්වන්න බැරිලු. කෙසේවෙතත් මේ මානසික ප්‍රතිකාර අවශ්‍ය ජේෂ්ට ශිෂ්‍යයින් ගැන සොයා බලා පියවර ගන්නාමෙන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිමි. ඔවුන්ට මේ අයව පාලනය කිරීමට නොහැකිනම්.. විශ්ව විද්‍යාලයෙන් පිටතදී ඔවුන් අමතක නොවන පාඩමක් ඉගෙන ගනීවි.

:       0       0

the punishment Tuesday, 22 January 2019 12:34 AM

කරන්න දෙයක් නැහැ. මේ අන්තිම අවවාදයයි. කරුණාකරලා ඔය ජරා නවක වදය නවත්වන්න.

:       0       0

Mo Tuesday, 22 January 2019 03:28 AM

මේ අයට නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න. දේශපාලන බේද නැතිව සිරදඩුවම් දිය යුතුයි. අපරාද නීතිය යටතේ දැඩි දඩුවම් දෙන්න. අනිත් එවුන්ටත් පාඩම් ඉගෙනගන්න. මේ අයගේ දෙමාපියන් මුන්ව බලන්න හිරගෙවල් ගානෙ රස්තියාදු ගහනකොට තේරේවි දුක වේදනව කියන්නෙ මොකද්ද කියල. අහිංසක මිනිසුන්ගේ බදුමුදල් කාබාසීනියා කරන පිරිසක්....

:       0       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 148 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 58 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 452 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 615 2

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 343 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 280 2

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site