සීගිරි බිතු සිතුවම් හි තාර ගෑ මොහොතේ එම බිතු සිතුවම් යළි මතුකරන්නට ලූචියානෝ මරෙන්සි නම් ඉතාලි ජාතිකයා ලංකාවට පැමිණියේය. ඔහු නැවත වතාවත් ලංකාවට පැමිණියේ මේ නොබෝදා ය.
යූ වුඞ් ලව් යුවර් මදර් කන්ටි‍්‍ර
ඔහු තම මගපෙන්වන්නාට වරෙක එසේ පැවසුවේය.
‘‘සර්, මද කන්ඩ දෙයක් නෑ දැන්. ලෙල්ලටම කාලා තියෙන්නේ. ඕනෙනම් අපිට සුද්දන්ටත් උගන්නන් පුළුවන් මද කන හැටි.’’ එවිට මග පෙන්වන්නා මරෙන්සිට එසේ කියා දුන්නේය.
ඊළඟ මොහොතේ මරෙන්සි අතුරුදන් වී ඒ වෙනුවට මතුවූයේ අපේ හිටපු ජනාධිපතිවරයෙකි. අයෙක් ඔහුගෙන් අතීතයේ සිදුවූ මහර ඡුන්දය ගැන ප‍්‍රශ්නයක් ඇසුවේය.
‘‘මහර ඡුන්දය දවස් හතරක් ගණන් කළා. විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයාට වඩා විජය ඡුන්ද 45න් පරාදයි. මොකක්ද ඒ ඡන්ද ක‍්‍රමය’’
එවිට හිටපු ජනාධිපතිවරයා දුන්නේ මේ පිළිතුරයි.
‘‘ඒක තමයි ටී.කේ.ඞී.ජී. ඡුන්ද ක‍්‍රමය’’
ඒ කියන්නෙ තමන්ගෙ කෙනා දිනනකං ගණන් කරනවා.
කොහොමද එහෙම කළේ?
‘‘එහෙම කළේ ඒ දවස්වල මේ ඡුන්ද කොමසාරිස් හිටියෙ නැති නිසා.’’
මෙතෙනින් නොනැවතී තව තවත් චරිත අප ඉදිරියට පැමිණෙයි. ඒ චරිත අටක් නම්වූ වේදිකා නාට්‍යයේය.
චරිත අටක් ප‍්‍රවීණ රංගන ශිල්පී විල්සන් ගුණරත්නගේ අපූරු නිර්මාණයකි.
එහි තුන්සිය වැනි දැක්මට සියල්ල සූදානම් මොහොතක විල්සන් ගුණරත්න සඳැල්ල සමග දොඩමලූ වූයේය.
චරිත හතක් මෙන්ම චරිත අටක් දේශපාලන ප‍්‍රහසනය නිර්මාණය කිරීමට පාදක වුණු කරුණු කාරණා අතරින් වැදගත්ම සාධකය නම් වසර 68ක් නිදහස ලබාගැනීමෙන් පසු මේ මාතෘභූමිය අත්විඳින අසීමිත ඛේදවාචකවල සීමාවක් නොමැතිවීමමයි. 2600 වසරක ප්‍රෞඪ ඉතිහාසයක් ගැන මහා සාඩම්බරයකින් කතා කරන අපි, අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය, කන්ද උඩරට රාජධානිය ගැන ශ්‍රේෂ්ඨ වාරිමාර්ග ගැන කෘෂිකර්මය පදනම් කොටගෙන තිබුණු ගැමි සංස්කෘතිය ගැන කතාකරන අපට පසුගිය 68 වසර ගැන කතා කරන්නට මේ රටේ දේශපාලකයන් ඉතිරිකොට ඇත්තේ කුමක්ද යන්න සොයා බලන්නට මා සමග මගේ සහායක පිටපත් රචක චන්ද්‍රතිලක් ගුණරත්න කරන ලද සමීක්ෂණවල ප‍්‍රතිඵල ලෙස ඉපැදුණු නිර්මාණයන් චරිත අටක් දේශපාලන ප‍්‍රහසනය තමන්ගේ අපේ දේශපාලකයන් න්‍යාය පත‍්‍ර සකස් කරගැනීම උදෙසා ජනතාව පාවිච්චි කිරීමේ සීමාවක් නැත. ජනතාවද වරින්වර සමහර දේශපාලනඥයන් බලය ලබා ගැනීම උදෙසා භාවිතා කරන ක‍්‍රමවේදයන් සහ උපක‍්‍රමවලට හසුවීමේ නිමාවක්ද නැත. බොහෝ දේශපාලනඥයෝ බොහෝ දේ කරති. ඔවුන් නොකරන එකම දෙය නම් දේශපාලනයයි. දේශපාලනය යන වචනයෙන් ද්විනිතවන අර්ථය හඳුනන්නේ දැයි සැක සහිතය.
මේ රට මෙතරම් ඉහළට ඔසවා තබන්නට නම් ”කෑම” තුනක් නැවැත්වීම අනිවාර්ය වේ. එනම් සොරාකෑම, කුලල්කෑම සහ රට කෑම. තිස් වසරක සාපයකට ගොදුරුවුණු ජනතාවගේ දුක්ඛ දෝමනස්සයන් සිඳ බිඳලන්නට නම් සිත් බිඳුණු සිත් රිදුණු ජනතාව සුවපත් කරන්නට නම් අද දවසේ දේශපාලනඥයන් කළයුතු වන්නේ ඔවුනොවුන් අතර ඇති අවස්ථාවාදී දේශපාලනයෙන් මිදී පරමාදර්ශී දේශපාලනයට අවතීර්ණ වීමයි.
අසමානකම් සෙවීම නවතා සමානකම් සෙවීමයි. අද පරපුරත් මතු පරපුරත් ගැන මීට වඩා ගැඹුරින් සහ සැබෑ මානව හිතවාදීව කටයුතු කිරීමයි. චරිත හතක් මෙන්ම චරිත අටක් තුළින් මේ පණිවිඩය ජනතාවට ගෙන එන්නට මගේ කණ්ඩායමේ කැපවීම නිසා 300 දර්ශනය දක්වා පැමිණි ගමන ගැන දැනෙන්නේ අප‍්‍රමාණ වූ සාඩම්බර හැඟීමක්. ස්වභාව ධර්මයේ අනුභාවයෙන් අසීමිත සම්පත් ලබා ඇති මේ වාසනාවන්ත මාතෘභූමියට අවාසනාව ගෙන එන්නට ඇතැම් අවස්ථාවාදී දේශපාලනඥයන් කැස කවන්නේ නම් එය පක්ෂ භේදයෙන් තොරව ප‍්‍රතික්ෂේප කරන්නට ජනතාව දැනුවත් කිරීමත් ”චරිතඅටක්” නිර්මාණයේ අරමුණයි.
උඩරට පහත රට ලෙස අපි හැම බෙදුනා
ජාති බේද ආගම් ඇදගෙන බෙදුනා
පක්ෂ පාට සළකුණු අරගෙන බෙදුනා
ඉන්පසු දෙවියනේ රටටම හෙණ වැදුනා
තමන්ගේ අයිතිය නොදැන ජීවත්වුණු ජනතාවක් සිටි හැම රටකටම දේශපාලනඥයන් රැුගෙන ආවේ ඒ රට විනාශ මුඛයට ගෙන එන ආර්ථිකය සුනු විසුනු කරන දෑමයි. රටක් සංවර්ධනය වන්නට නම් ජනතාවගේ සිතුම් පැතුම් ඉහළම මට්ටමකට වර්ධන විය යුතුය ”චරිත අටක්” මුල් භාගය සිනාසෙන අගභාගය හඬාවැටෙන දෙයාකාර තත්ත්වයකද හිතන්නට පේ‍්‍රක්ෂකයන් පුරුදු කරන නිර්මාණයක්. චරිත අටක් 300 වැනි දැක්ම හෙට (12* හවස කොළඹ බිෂෝප් විද්‍යාලයීය ශ‍්‍රවනාගාරයේදී පැවැත්වේ.
නදීෂා අතුකෝරළ
2025 නොවැම්බර් මස 21
253
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
304
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
චරිත අටක් මවන එකම චරිතය