IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගුවන් තොටුපළේ ආරක්ෂාව දැඩි කරයි

(කටුනායක ටී.කේ.ජී.කපිල )

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවදානය යොමු කර ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .

ඒ අනුව අද දින උදෑසන 10.00 සිට ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

උදෑසන ගුවන් තොටුපළ අවට පල්ලි කීපයකට බෝම්බ ප්‍රහාර එල්ල වීමත් සමඟ මෙම පියවර ගෙන ඇති අතර , ඒ අනුව ගුවන් තොටුපළ වෙත පිවිසෙන මගීන් හැර වෙනත් කිසිවෙකු ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ඇතුළු කර නොගන්නා අතර , එසේ පැමිණෙන මගීන් සහ ඔවුන් රැගෙන එන ගමන් මලු ද දැඩි පරීක්ෂාවකට ලක් කරන බවද  ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .

එමෙන්ම ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ආරක්ෂාව සදහා  වැඩිපුර ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් , පොලිස් , ගුවන් , යුධ හමුදා නිලධාරීන් ද යොදවා ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
 

 



අදහස් (8)

ගුවන් තොටුපළේ ආරක්ෂාව දැඩි කරයි

d.upul Sunday, 21 April 2019 05:34 AM

පල්ලිවලට නොගහ කෙලින්ම ගුවන් තොටුපොළට ගැහුවනම් මොකක්ද දන්නේ නැහැ කරන්නේ?

:       0       79

LashanSunday, 21 April 2019 07:55 AM

නියම කියමන

:       0       9

BamunuarachchiSunday, 21 April 2019 06:10 PM

ඇයි පල්ලිවලට පමණක් ගැහැව්වේ? ඒ තිබෙන්නේ ආගම් ප්‍රශ්නයක් නිසා? දේශපාලන ප්‍රශ්නයක් නම් ගුවන්තොටුපලට ගහවි

:       0       0

Rumesh Sunday, 21 April 2019 05:44 AM

ඔව් ඇත්ත වශයෙන් ගුවන්තොටුපලේ ආරක්ෂාව ඉතාම දුර්වලයි. ඊයේ දිනයේ සවස 4.30 පමණ silk route එක අසල ඇති ගෙට්ටු දෙකම විවෘතව තිබුනි. ඕනෑම කෙනෙකුට ගුවන්යානා, ගුවන්පථය වෙත ගමන් කීරීමට හොද අවස්ථාවක්.

:       0       10

රජින්ද Sunday, 21 April 2019 06:00 AM

පිළිලය මුලදී දැක එය වනසන්නේ නැතිව උගත් පාඩම් මදි වීම නිසා ලංකාව දෙවැනි වතාවටත් තර්ජනයට මුහුණ දුන් වගයි. අතීතයෙන් කිසිදු පාඩමක් නුගත් ලාංකිකයින් මේ සියල්ලට වගකිව යුතුය. දේශපාලන රාමුව මේ රටේ පොදු ප්‍රවාහයම අනතුරේ හෙලමින් තිබේ.

:       0       152

Nissanka Sunday, 21 April 2019 07:18 AM

අපේ සංචාරක කර්මාන්තය බිඳ දැමීමේ විදේශ කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. මේ තරම් විශාල ප්‍රහාරයක් කරන්න තරම් හැකියාවක් නැහැ විදේශීය සම්බන්ධයක් නැතිව.

:       7       128

hasantha Sunday, 21 April 2019 10:09 AM

පල්ලි වලට ගහපු අය සහ ඒවා සංවිධානය කරපු අයත් මේ ගුවන් තොටුපළෙන්ම තමා එන්න ඇත්තේ. එතකොට ආ තව සංචාරකයෝ එනවා කියල සාදරයෙන් පිළිගන්න ඇති. දැන් සංචාරක ව්‍යාපාරෙත් කාලෙකට සුන්.

:       0       102

තඹුත්තේගම Sunday, 21 April 2019 10:19 AM

යුද්ධය දින්නට පස්සේ පළාත් සභා අවලංගු කලේ නැහැ. 10,000 එල්ටීටීඊ කාරයෝ නිදහස් කල එකේ විපාකේ, තව හමුදා කැම්ප් වහගෙන වහගෙන ගියා

:       58       85

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 95 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 36 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 368 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 554 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 311 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 262 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site