IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


කලාවෙන් තැලී පොඩි වූ හිත් සුවපත් කළ යුතුයි

2016-05-27-ent-123

"දෙයියොත් දන්නෙ නෑ" වේදිකා නාට්‍ය නිර්මාණයේ දෙසීය වන දර්ශනය හෙට

 

2016-05-27-ent-122වේදිකා නාට්‍ය ශිල්පියෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන ඔහු ඒ සියල්ලටම වඩා දක්ෂ නළුවෙකි. ඔහු විසින් නිර්මාණය කළ "දෙයියොත් දන්නෑ" වේදිකා නාට්‍ය නිර්මාණයේ දෙසීය වන දර්ශනය මේ මස 29 වනදා සවස 3.30ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකාගත වෙයි. ඔහු සරත් කුලාංගයි. මේ පිළිසඳර ඔහුගේ එකී ගමන් මග වෙනුවෙනි.

 

මෙම නාට්‍ය‘යේ පැමිණි ගමන් මග ගැන කතා කළොත්?

2011 අගෝස්තු 24 වනදා ලුම්බිණි රඟහලේදී පළමු දර්ශනය පැවැත්වුණේ. ඒ කාලේ සිට මේ වන විට දර්ශන වාර දෙසීයකට පැමිණ තිබෙනවා. මෙහි මුලින් රංගනයේ යෙදුණ කිහිපදෙනෙකු මේ වන විට ඉවත් වී සිටිනවා. බන්දුල විජේවීර, ආනන්ද අතුකෝරාල, කුමාර තිරිමාදුර මේ වන විට රංගනයේ යෙදෙන්නේ නැහැ. ඒ සඳහා විජය නන්දසිරි, තුෂාරි ගුණරත්න, සමග තාරක උපේන්ද්‍ර, චරිත් සේනානායක, තිලක් කුමාර රත්නායක, ඉන්දික ජයසිංහ යන අය මේ සඳහා අලුතින් එකතු වුණා. මෙය අජිත් මෙන්ඩිස්ගේ රචනයක්. සංගීතය හා අධ්‍යක්ෂණය සිදුකළේ මම.

මෙම නාට්‍යය දුෂ්කර ප්‍රදේශවල පවා ප්‍රදර්ශනය කර තිබෙනවා. විවෘත වේදිකාවල ප්‍රදර්ශනය කර තිබෙනවා. කොළඹට පමණක් සීමාවූ නාට්‍යයක් නොවී ඈත ගම්වල ප්‍රදර්ශනය කළ නාට්‍යයක් බවට මෙය පත්ව තිබෙනවා. රාජ්‍ය නාට්‍ය උලෙළ, යෞවන සම්මාන උලෙළට කරන තවත් නාට්‍යක් නොවී මේ නාට්‍යය රටපුරා ගෙනගියා. කොළඹට හෝ නාට්‍ය උලෙළකට පමණක් සීමා වූ නාට්‍යවලින් නාට්‍ය කලාව පෝෂණය වෙනවා, හැබැයි නාට්‍ය රසවින්දනය පෝෂණය වෙනවා කියල හිතන්න අමාරුයි.අපි වසර ගණනක් තැලී පොඩිවූ හිත් සුවපත් කළ යුතුයි. අපි එය සිදුකරනවා.

 

දර්ශනවාර 200ක් සාර්ථකව පවත්වාගෙන එන්න හේතුව ලෙස දකින්නේ?

විශේෂයෙන් මෙහි තිබෙන භාෂා රටාව, රංගන ශෛලිය මේවා ජනගතව එන ශෛලීන්. තාමත් ඒ දේවල් මේ සමාජය තුළ කතා කෙරෙනවා. මම හිතනවා මිනිසුන් අතරට මෙම නාට්‍යය ගෙන යාමේදී එහි භාෂාවටත් ප්‍රමුඛ තැනක් ලැබෙනවා කියලා. පැරණි වචන නව පරපුරට ගෙනැවිත් තිබෙනවා. ගීතවත් බවක් මෙහි පවතිනවා. ඒ වගේම මෙම නාට්‍ය ශෛලිය අපේ ජන නාට්‍ය ආශ්‍රය කරගෙනයි ගොඩනගා තිබෙන්නේ. මෙහි ප්‍රධාන සංගීත භාණ්ඩය මද්දලයයි. ජන නාද රටා ආශ්‍ර‘යෙන් මෙහි ගීත නිර්මාණය කර තිබෙනවා. මම හිතනවා ඒ දේවල් මෙම නාට්‍ය මෙතරම් දුරක් එන්න හේතුවෙන්න ඇති කියලා. ඒ වගේම නාට්‍ය‘යේ අන්තර්ගතයත් බලපාන්න ඇති.

එක්දහස් අටසිය අසූගණන් වල ලංකාවේ තිබුණු සමාජ වාතාවරණය තමයි මෙම නාට්‍යයෙන් කියවෙන්නේ. මෑතක බිහිවුණස්ත්‍රීත්වය පිළිබඳ කතා කරන සුවිශේෂී නාට්‍ය‘යක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. මෙහි එන කාන්තාව තමන්ගේ දුබල ස්වාමිපුරුෂයා සමග ජීවිතය ගෙන යන ආකාරයමෙම නාට්‍යයේ විදහා දක්වනවා. මෙම කාන්තාවගේ ජීවිතයට දෙවියෙක් සේ වෙස් වලාගෙන ආපු නාඩගම් ශිල්පියෙක් ඇතුළු වෙන්න හදනවා. ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරන මහමුදලිතුමාත් ඇයගේ ජීවිතයට අත පොවන්න උත්සාහ කරනවා. ඒ දෙදෙනාම යම් යම් ආකාරයෙන් කාන්තාව ග්‍රහණය කරගන්න හැදුවත් ඇය තීක්ෂණ ලෙස ඒවා මගහරිමින් සිටිනවා. මෙහි අවසානයේ හරි අපූරු ප්‍රකාශයක් කරනවා.

 

"නොගැළපෙන දෙදෙනෙක් ගැළපෙන්න උත්සාහ කරන එකට තමයි විවාහයක් කියන්නේ" යන්න.

 

ස්ත්‍රීවාදී නාට්‍යයක් ලංකාව වගේ රටක ප්‍රේක්ෂකාගාරයට කතා කිරීමට යොදාගැනීම ගැන ඔබේ අදහස?

සාපේක්ෂව අනිත් රටවල් එක්ක බැලුවාම ලංකාවේ ස්ත්‍රිය කිසියම් නිදහසක් විඳිනවා. සමතැන ගෙන කටයුතු කරනවා. එයට හොඳම උදාහරණය ප්‍රථම අගමැතිනියත් කාන්තාවක් වීම. කාන්තා නියෝජනයපාර්ලිමේන්තුවේ තරමක් අඩුවුණත් පවතින නියෝජනය තුළ කාන්තාව බොහෝ දේ සිදුකර තිබෙනවා. මවට ආදරය කරනවා. ඒ ආදරය නිසාම සමස්ත ස්ත්‍රීසංහතියටම ගෞරව කරන්න, ආදරය කරන්න යොමුවෙනවා.පුද්ගලිකව ගත්තාම මටත් දියණියක් ඉන්නවා. ඇයට දියණියන් දෙදෙනෙක් ඉන්නවා. එහි ආදරයත් මේ නාට්‍යය බිහිවෙන්න බලපෑමක්වෙන්න ඇති.

 

වේදිකා නාට්‍යයක් නිෂ්පාදය කරනවා කියන්නෙම ලොකු අභියෝගයක්. කොහොමද ඒ අභියෝගයට මුහුණ දෙන්නේ?

මේ නාට්‍යයේ මූල්‍යමය දායකත්වය මුලින් ජූඩ් ශ්‍රීමාල් කළේ. දර්ශනවාර 180ක් පමණ ප්‍රදර්ශනය වූ පසු මම මේ නාට්‍යය මිලදී ගත්තා. දැන් මෙහි මූල්‍යමය බර දරන්නේ මම. අඩුමුදලකට සියලු දුෂ්කර පළාත්වල ප්‍රදර්ශනය කරන්න අවශ්‍ය නිසා මම මෙය ලබාගත්තා. මම හිතනවා මට මේ අභියෝගයට හොඳින් මුහුණදියහැකි වෙයි කියලා.

 

සරත් කුලාංග දැන් වේදිකාවටම සීමාවූ රංගන ශිල්පියෙක් බවට පත්වෙලා?

රූපවාහිනියේ හා සිනමාවේ මට එතරම් ප්‍රසාදයක් නැහැ. මම හිතන්නේ මම වේදිකානාට්‍යකරුවෙක්. ඒක මම හරි ආඩම්බරයෙන් කියනවා.

 

ඉදිරි කලා කටයුතු ගැන කතා කළොත්?

මෙම වසර අවසන් වනතුරු මහාවංශයතුළ ඕනෑකමින් අතහැර දාපු රජවරුන් සහ සිදුවීම් ගැන නාට්‍යයක් කරන්න බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් වළගම්භා රජු, දෙවන ගජබා රජු ගැන මීට වඩා කතාකළ යුතුයි. ඒ ගැන කතාකළොත් ඉතිහාසය වෙනස් වේවි. රැල්ලට එන චිත්‍රපට ඉතිහාසය වගේ නෙමෙයි, ඉතිහාසය ගැන වෙනස් මානයකටහිතන්න පුළුවන් වෙයි. සුජිත් අක්කරවත්තඑක්ක ඒ පිටපත ගැන සාකච්ඡා කරමින් සිටිනවා. ළමාගී සීඩී පටයක් මම ඉදිරිපත් කළා. ඒ වගේම නාට්‍ය නවයක මම නිර්මාණය කළ ගීත 20ක් "කන්කළු ගී" ලෙස ඉදිරිපත් කළා. එය සංස්කෘතික අමාත්‍යාංශයෙන් සිදුවිය යුත්තක් වුණත්, ගීත කොහේහෝ පැවතිය යුතු නිසා මගේ වියදමින්එම කටයුත්ත සිදුකළා.

 

නිදුක් මධුෂික

 

2016-05-27-ent-123
2016-05-27-ent-124
2016-05-27-ent-125
2016-05-27-ent-126
2016-05-27-ent-127
 



අදහස් (0)

කලාවෙන් තැලී පොඩි වූ හිත් සුවපත් කළ යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 398 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 445 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site