( +++ අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්‍ෂය අලියා ලකුණ අතහැරියොත් එම ලකුණ මැතිවරණ කොමිසමේ පක්‍ෂ ලේඛනයට ඇතුළත් වන හෙයින් මැතිවරණයෙන් පසුව එය යළිත් එ.ජා.ප.යට ලැබෙන බවට කිසිදු සහතියක් දිය නොහැකි යැයි මැතිවරණ කොමිසම එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට දැනුම් දී ඇත.
‘අලියා’ ලකුණ සම්බන්ධයෙන් පමණක් නොව ‘හංසයා’ ලකුණ සම්බන්ධයෙන් ද ඒ තත්ත්වයම බලපාන බව මැතිවරණ කොමිසම දැනුම් දී ඇත.
මැතිවරණ කොමිසම මෙසේ දැනුම් දී ඇත්තේ එක්සත් ජාතික් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් පිරිසක් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමුවූ අවස්ථාවේදීය.
එක්සත් ජාතික පක්‍ෂයේ ‘අලියා’ ලකුණ මෙන්ම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ‘හංසයා’ ලකුණ ද මාරු කිරීමේ නීතිමය පසුබිම ගැන එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් දීර්ඝ ලෙස කරුණු විමසා තිබිණි.
කිසියම් ලියාපදිංචි පක්‍ෂයක් සිය ලකුණ අතහැරිය විට එය මැතිවරණ කොමිසමේ ‘ලකුණු ලයිස්තුවට’ ඇතුළත්වන බවත්, ඉන්පසුව පක්‍ෂ එකකට වැඩි ගණනක් එම ලකුණ ඉල්ලුවොත් එය ලබාදිය යුත්තේ කුමන පක්‍ෂයට දැයි යන්න කුසපත් ඇදීමෙන් තීරණය කිරීමට සිදුවන බවත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන්ට පැහැදිලි කර දී ඇත.
මේ තත්ත්වය අනුව අලියා ලකුණ මෙන්ම හංසයා ලකුණ පක්‍ෂයකින් තවත් පක්‍ෂයකට මාරු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය බරපතළ ප්‍රශ්නයකට මුහුණ දී සිටින බව එ.ජා.ප. ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්
පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද
ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස
අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
එජාපය අලියා ලකුණ අතහැරියොත් එය යළිත් ලැබෙන බවට සහතිකයක් දෙන්න බෑ