IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඊබ්‍රාහිම්ගේ ගෝලයින්ට ඇප ලැබුණේ නිලධාරියකුගේ වරදින්ද

(ඉන්දිකා  රාමනායක සහ නිමන්ති රණසිංහ)

වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ  සේවය කරමින් සිටියදී  අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි  සේවකයන් 9 දෙනා  ඇප මත  මුදා හැරීම සම්බන්ධයෙන්   පොලිස් මුලස්ථානයේ විශේෂ  විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් අරඹා තිබේ.
 
ඔවුන්  මුදා හැරුණේ  වැල්ලම්පිටිය පොලීසිය මගින්  අධිකරණයට කරුණු දැක්වීමේදී  සිදුවු යම් දෝෂයකින්ද  නැතිනම්  නිසි ආකාරව කරුණු නොදැක්වීමක්ද  යන්න  සම්බන්ධයෙන්  මෙලෙස පරීක්ෂණ අරඹා ඇතැයි  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මෙම සැකකරුවන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් සමාජයේ  කතිකාවක් පවතින  බවත්   මෙම පරීක්ෂණය ආරම්භ කිරීමට එය හේතුවක් වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.    

 පාස්කු දින  කොළඹ සිනමන්ග‍්‍රෑන්ඞ්  හෝටලයට මරාගෙන මැරෙන ප‍්‍රහාරය එල්ල කළ   ත‍්‍රස්වාදියකු වන  මොහොමඞ්  ඊබ‍්‍රාහිම්  ඉම්ෂාෆ්  අහමඞ් නැමැත්තාට අයත් බව කියන මෙම තඹ කර්මාන්ත ශාලාවේ  සේවය කළ 9 දෙනකු  ප්‍රහාරයෙන් පසු  මෙසේ  අත්අඩංගුවට ගෙන  රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
 
අත්අඩංගුවට ගත්  මෙම සැකකරුවන්  9 දෙනා  එදිනම කොළඹ  අලූත්කඩේ අංක 2 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මැයි මස 6 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයට පත්කර කර තිබුණි.
 
 නඩුව නැවත කැඳවු  අවස්ථාවේ   කොළඹ   අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා  විසින් එම සැකකාර සේවකයන්  09 දෙනා  එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.
 
මෙම ඇප ලබා දී වැල්ලම්පිටිය පොලිසියේ  නිලධාරියකුගේ   දෝෂයක්  හෝ නොසලකා හැරීමක්  හේතුවෙන් මෙය  සිදුව ඇති බවට පරීක්ෂණයේ දී තොරතුරු හෙළි වුවහොත්  එම නිලධාරියා සම්බන්ධයෙන් දැඩි  පියවර   ගන්නා බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශවරයා මෙහිදී සඳහන් කළේය.



අදහස් (56)

ඊබ්‍රාහිම්ගේ ගෝලයින්ට ඇප ලැබුණේ නිලධාරියකුගේ වරදින්ද

sarath Wednesday, 08 May 2019 12:50 PM

හැබැයි බුද්ධි අංශ නිලධාරින් ටික නම් නියෙමට හිර කෙරුවා. ඇයි මේ වැඩ CID එකට දෙන්නේ නැත්තේ?

:       64       1213

Ajith NissankaWednesday, 08 May 2019 02:34 PM

බුද්ධි අංශ නිලධාරින් ටික කියලා කිව්වේ අර කප්පම් ගන්න ළමයි 11ක් උස්සපු කට්ටිය ගැනද?

:       4566       4354

SujeewaWednesday, 08 May 2019 06:51 PM

ඔබ වැන්නවුන් ඉන්නා තාක් කල්, අපට අබ සරණ තමා

:       129       157

sarathThursday, 09 May 2019 01:35 AM

ඔහොම හිතපු හින්ද තමයි හතර අතේ බෝම්බ පිපිරෙන්න පටන්ගත්තේ ,බුද්ධි නිලධාරීන්ගේ කාර්යභාරය දන්නේ නැති මැට්ටන්ට කියන්නේ CIA , මොස්සාඩ් , කේ ,ජී,බී, වැඩ කරන්නේ කොහොමද කියල වත් හොයල බලන්න. කොහොමත් කළු සුද්දෝ කැමති සුද්දෝ කරන දේවල් වලට නේ.

:       74       513

sirimalThursday, 09 May 2019 03:09 AM

ඒ 11 නෙමේ, ප්‍රශ්න කරලා රැකියාව එපා කරපු 500 ක් දෙනා. බුද්ධි අංශයෙන් ඉවත් කරපු 350ක් දෙනා. ෆොන්සේකා කිව්වා වගේ හතර පස් දෙනෙක් ඉවත් කරාට ලොකු පාඩුවක් නැති වෙන්න පුළුවන්. ඒත් මේ ප්‍රශ්න කිරීම් නිසා ඔවුන්ට රැකියාව එපා වුණා. හමුදා මුලස්ථානේ වැඩ කරපු සිවිල් අයට කොච්චර වද දුන්නද, රැකියාව එපා කරවන්න. හොඳම වැඩේ සමහර පරීක්ෂණ වලට එව්වේ දෙමල නිලදාරීන්

:       47       663

sasithThursday, 09 May 2019 03:52 AM

අජිත් නිස්සංක ඔයා දන්නේ බුද්ධි අංශය ගැන ඔච්චරද. මේ තරම් කාලයක් අපි බේරිලා හිටියේ ඔය මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න

:       52       501

mohanThursday, 09 May 2019 06:28 AM

උගුරට හොරා බෙහෙත් බොන්න ඕන නැහැ..... ඕකට මුල බුද්ධි අංශ නිලධාරීන් ලවා තමන්ගේ පෞද්ගලික අකටයුතුකම් කර ගත්තු දේශපාලකයන්.

:       300       320

ලසන්තThursday, 09 May 2019 09:43 AM

අන්තවාදීන් හිටු කියලා සල්ලි එහෙට මෙහෙට විසි කරනවා කියලයි ආරංචි. සල්ලි කියන්නේ දුටු පමණින් විමර්ශණ, පරික්ෂණ, නීතිය, විනිශ්චය, තීන්දු, සාධාරණය, හෘද සාක්ෂිය වගේ බොහෝ දේවල් දියකර හැරිය හැකි මහා පුදුම දෙයක්ලු නේ!

:       4       183

Ajith NissankaThursday, 09 May 2019 04:03 PM

ඔහොම නැතුව කොහොම කියන්නද? බුද්ධි අංශ පිරිහුනේ යුද්දයෙන් පස්සේ ඒවා තමන්ගේ දේශපාලන එදිරිවාදිකම් වලට ඒවා යොදවපු නිසා

:       314       185

Ajith NissankaFriday, 10 May 2019 07:57 PM

මෙතෙක් කල් අපි බේරුනේ බුද්ධි අංශ නිලධාරින්ට පින්සිද්ධ වෙන්න තමා. නමුත් ඔය චෝදනා ලබලා දැන් රිමාන්ඩ් එකේ ඉන්න කට්ටිය නිසා නොවේ. ඔය කට්ටිය දේශපාලකයන්ට කඩේ ගිහිල්ල අහු වෙච්ච කට්ටිය. ඒගොල්ලොත් හොද ගොඩට දාල සුදු හුණු ගාන්න කට්ටියකට හොදටම ඕනකම තියනවා.

:       0       0

අතුල Thursday, 09 May 2019 01:48 PM

"රාජකාරිය දේව කාරිය" ලෙස සලකා රාජකාරි කල කිසිදු බුද්ධි නිලධාරියෙකු රිමාන්ඩ් භාරයේ හෝ අත් අඩංගුවේ නැත.

:       424       433

Ajith NissankaThursday, 09 May 2019 04:24 PM

සරත් බුද්ධි නිලධාරීන්ගේ කාර්යභාරය දන්නේ නැති අයට මමත් කියන්නේ CIA ආයතනය ක්‍රියා කරන්නේ ව රටේ දේශපාලකයන්ට ඕන විදියට නොවේ! ඒවා තනිකරම ස්වාධින ආයතනයක් ! CIA ආයතනය එරට නීතිපති දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන අතර එම ආයතන වලට පත් කරන බලධාරියා ඉවත් කරන්න ජනාදිපතිට බලයක් නැහැ !

:       29       42

ගල්කටස් Wednesday, 08 May 2019 01:01 PM

මෙව්වා හිනහා යන කථා.. මුලින් ප්‍රහාර මාලාවට හේතුවත් නොසැලකිල්ල කිව්වා. එ්ත් අැත්ත නම් ගහනකම් බලන් හිටියා. වැඩේ වැරදුණාට පස්සෙ තමයි හීන් දාඩිය දාලා දඟලන්න ගත්තේ. මේකත් එහෙම තමයි. කවුරු හරි ලොක්කෝ මේකෙත් ඉන්නවා. නැත්නම් අධිකරණයෙත් ඉන්න බව කිව්වේ අපි නෙමෙයි සාලි.. දැන් අපිට බබා පාට් දානවා.. බය නැති අගමැති.. සම්බන්ධයිද?

:       40       1578

DhammikaWednesday, 08 May 2019 01:18 PM

සහතික ඇත්ත... මෙයාලා කියන කිසිදෙයක් පිළිගන්න තියා හිතන්නවත් එපා... අපි පොඩි හරි මාර්ග නීතියක් කැඩුවොත් නොවැරදීම 100%ක් හරියට හොයලා බලලා දඩ ගහනවා උසාවි දානවා. සමහර ජාතිකයෝ ඕනෑම මාර්ග නීතියක් කඩනවා... දැන් තමුන්ගේ රාජකාරිය පැහැර හරිනවා මේ වගේ රටම අනතුරුදායක අවස්ථාවක වැටිලා ඉන්නකොට, අර පගා දෙන්න හදපු සිද්ධියකුත් දැක්ක තවත් අවංක නිලධාරියෙකුට.. ඒ නිසා මේවා කොයිකොයි අතට යයිද දන්නේ නැහැ..

:       30       832

RaveendraWednesday, 08 May 2019 01:34 PM

ගල්කටස් මයා වෙත, ඇත්තෙන්ම ඔබේ අදහස් නිවැරදියි. මේ ගොයියෝ අප සියල්ලන්ගේම බදු මුදල්වලින් හොඳින් වැටුප් ලබමින් සියලු වරප්‍රසාද ලබමින් ජීවිකාව ගෙනියන රජයේ නිලධාරීන් තමන්ගේ යුතුකම රට වෙනුවෙන් කිරීමට අපොහොසත් වෙලා නොවේද? එසේත් නැත්නම් හිතාමතාම අපොහොසත් වෙලා නොවේද? තමන්ගේ රාජකාරිය අවංකව සිදුකළ පොලිස් නිලධාරියෙකුත් සිටිනවා. නමුත් මේ ඉන්නේ නිලඇඳුම් ඇඟේ ඔතාගත් හිවලුන් නොවේද? අධිකරණයට නිසිලෙස කරුණු ඉදිරිපත් කිරීමට අපොහොසත් වන නිලධාරීන් තම රාජකාරිය නිසිලෙස ඉටුකරයිද යන්න කතා කිරීමත් විහිළුවකි. කෙටියෙන් කියනවා නම් මේ ඉන්නේ නිල ඇඳුම් සීතලෙන් බේරීමට ඇඟේ ඔතාගත් නරින් රැලක් නොවේද?

:       1       828

chandimaWednesday, 08 May 2019 04:16 PM

ඕමාන රටෙන් කෝල් එකක්වත් ආවද දන්නේ නැහැනේ? නිදහස් කරන්න කියලා ආපසු එන්න කලින්... එහෙම වුණා නම් ඔය අර ඇමැති, මේ ඇමැති කිව්වට නැට්ට අස්සේ ගහගෙන සුළුදිය පහකරනවා...

:       8       424

d.upulWednesday, 08 May 2019 05:07 PM

පසුගිය දිනක චෙක් පොයින්ට් එකක් කපා කොටා මරා දමා තිබුණු පොලිස් නිලධාරීන් වෙනුවෙන් මෙයාලා රිමාන්ඩ් කළෙත් වැරදි කෙනෙක්වනේ. මිනිහ තාමත් රිමාන්ඩ්. සේයා ඝාතන සිද්ධියත් අපට මතකයි.

:       0       360

sirimalThursday, 09 May 2019 03:15 AM

මේක හොයන්න ඕන තමයි . හැබැයි මුලින් කරන්න ඕන ආපහු පැමිණිල්ල සංශෝදනය කරලා උසාවියෙන් තීන්දුව වෙනස් කරව ගන්න එක

:       0       167

shamne Wednesday, 08 May 2019 01:04 PM

සහරාන්ගේ සගයා නිදහස් කරන්න අල්ලස් දුන් සැකකරු රිමාන්ඩ්... මේවගේ එකක් කියලා තමයි මට හිතෙන්නේ. පොලීසිය පමණක් නොව මට නම් කාවවත් විශ්වාස නැත..

:       0       399

ravi Wednesday, 08 May 2019 01:08 PM

ඇත්තටම.. මේ ඇප දීම පුදුම වියයුතු කාරණයක්.." මේ සියලු බෝම්බ හදපු කර්මාන්ත ශාලාවේ... බෝම්බ හදන්න අත්උදව් කරපු මේ පුද්ගලයින්ට.. මේ තරම් ඉක්මනට ඇප, නිදහස ලැබුනේ කොහොමද කියන එක ?" " එ්ත් අපි මුහුණ දීලා සිටින්නේ.. අද හෝ තව අවුරුද්දකින් නැත්තම් අවුරුදු 10 කින්වත් විසඳුමක් සොයාගැනීමට නොහැකි බැරෑරුම් ප්‍රශ්නයකට බව... තාමත් වගකිව යුත්තන් තේරුම් අරගෙන නැතුව ඇති..!!!

:       0       779

sulochana Wednesday, 08 May 2019 01:13 PM

මරුටිකාර්..... මරික්කාර්

:       85       2223

RangaWednesday, 08 May 2019 02:58 PM

හරිනේ.. දැන්නේ වැඩේ තේරුනේ...

:       0       104

ඊ. නානායක්කාර Wednesday, 08 May 2019 02:06 PM

මොනරු නිසා නැතිනම් නියෝග නිසා වෙන්නත් පුළුවන් නේද?

:       0       559

hesaFriday, 10 May 2019 07:42 AM

මොණරු නැති නියෝග කොහෙද? තියෙන්නේ.............

:       0       18

Samurai Wednesday, 08 May 2019 02:28 PM

මම දන්නේ නැති නිසා අහන්නේ, නඩුකාරතුමා, මේ රටේ මනුස්සෙක් නෙවේද? මේ ඔක්කොම විදේශිකයන් කිව්වා ඔවුන්ගේ වර්ක් පර්මිට් කෝ? අතිගරු නඩුකාර උතුමා සහ පොලීසිය ඒවා බලලා නැතිදෝ.... අනේ සමා කරන්න

:       1       509

mahinda Wednesday, 08 May 2019 02:31 PM

එතකොට අර මීගමුවේ උප නගරාධිපති නිදහස් කරපු එකත් හොයන්න ඕනෑ.

:       1       401

namadena Wednesday, 08 May 2019 02:35 PM

අපි දන්නේ නැහැ. අපිට කීවේ නැහැ. අපිට කීවේ මේ මස්කට් හදනවා කියලා. අපි මස්කට් හදලා ඒවා කාලතුවක්කු උණ්ඩ, කොපු දිලිසෙන්නම හදලා ඒවාට පුරවලා දුන්නා. රටකජුත් දැම්මා, ජිල් බෝල වගයකුත් දැම්මා... ඕකයි තත්වේ.

:       0       235

ranjith Wednesday, 08 May 2019 03:33 PM

මේ විහිලු වැඩ නිසා මේ රටේ ඉන්නත් බයවෙනවා අන්තිමට අපරාධකාරයෝ එළියේ... 21වෙනිදා ජීවිත අහිමිවූවන්ගේ නාමයෙන්වත් මේ අපරාධවලට සම්බන්ධ මෙන්ම උදව් දුන් හැමදෙනාටම උපරිම දඬුවම් දෙන්න තවත් මිනිස් ඝාතන රැසක් කරන්න කලින් මෙහෙම වුනොත් අපරාධ කරන්න මොවුන් බයවෙන්නේ නැහැ.

:       0       296

රවින් Wednesday, 08 May 2019 04:38 PM

යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න... කුමට මෙරට අධිකරණය නිතිය හා විනිසුරුවන්.../// අපගේ සිත් සැනසීමට... නන්දා මලානි ශුරිනි, ඔබ හට වැඩිවැඩියෙන් මෙවන් ගීත ගායනයට දිරිය ලැබේවා...!!!

:       30       72

hesa Wednesday, 08 May 2019 10:39 PM

මේ තුමියගේ මේ වටිනා ගීත වලට වැඩි පුර අත් පොළසන් දුන්ත අය තමයි ඉතින්

:       0       1

rasi Wednesday, 08 May 2019 11:13 PM

සහරාන් මැරෙන්නැතුව බේරුනා නම් ඔහුත් මේ සෙට් එක නිදහස් කරනවා. බලන්නකෝ හෙට අනිද්දට මදුෂ් නිදහස් කරනවා.

:       0       73

ලොකු නානා Thursday, 09 May 2019 12:14 AM

බන්ධනාගාර ගතවීමට ත්‍රස්ත ක්‍රියා කිරීමෙන් ඔබට යා නොහැකිය. ඇප ලබා දී, නැවත ගෙදරටම හරවා යැවෙනු ඇත.

:       0       136

සිරිබිරිස් Thursday, 09 May 2019 01:01 AM

ඒ කියන්නෙ දඩමස් ගොරකා කලා කියලද

:       0       11

vidya Thursday, 09 May 2019 01:06 AM

පසුගියදා සරත් ෆොන්සේකා මහතාගේ සම්මුක සාකච්චා වකදී එතුමා පැවසුවා . වැඩේ හරියට දන්නේ නැතිනම් පුහුණුවක් ලබාදෙන්න කියල. කෝ මගේ මව්බිමේ උගතුන් ටික රට හැරලා ගිහින්. උසාවියට ගිනිතැබූ අයත් එලියෙනේ.

:       0       3

nipun jayesundara Thursday, 09 May 2019 01:36 AM

පාලනේ අනුමැතියෙන් ගෙනෙන කුඩු. පල්ලි වලින් , ලින් පතුලින් ඇදෙන කඩු. මේවට බැඳුන ලොක්කන් හට නොමැත නඩු. අපේ රට කුඩේ කුඩු.

:       0       4

sarath perth Thursday, 09 May 2019 03:34 AM

මේක පුදුම ආණ්ඩුවක්නේ මොකවත් දන්නේ නැති අය මුදල් උඩ පිනුම් ගහනවා හමුදාව විතරක් රාජකාරිය නියමෙට කරනවා

:       0       25

Priya Thursday, 09 May 2019 03:46 AM

වරද පොලිස් නිලධාරියෙක්ගේ නම් උපරිම දඩුවම්! ඒත් වරද තීන්ඩුව දීපු පාර්ශවයේ නම්.... වරදක් නැතුව උනත් උසාවි දැම්මාම කරුණු දක්වලා එලියට එන්න සෑහෙන්න කාලයක් යනවා සාමාන්‍ය මනුස්සයෙක්ට. හැබැයි බොම්බ පිපිරවීමට සම්බන්ධ සැකකාරයන්ට සති දෙකයි. මුලින්ම අපගේ නීති පද්ධතිය ශක්තිමත් විය යුතුයි .වැරදි කරුවන් දඩුවම් ලැබිය යුතුයි

:       0       19

Priyan Thursday, 09 May 2019 04:09 AM

මේවා මාධ්‍යයෙන් එලියට ආපු නිසා දැන් බොරු කතා. අපිට හොරෙන් කී දෙනෙක් නිදහස් වෙනවා ඇත්ද? මෙහෙම වැඩ කර කර මිනිස්සුන්ට කියනවා ආරක්ෂාව තහවුරු වෙලා තියෙන්නේ බය නැතුව එලියට එන්න කියල. රජය හෝ පොලිසිය පිළිබද විශ්‍වාස කරන්න බැහැ

:       0       19

උපුල Thursday, 09 May 2019 04:11 AM

වෙන රටක නම් නීතිඥයෝ මොන තර්ක ගෙනාවත් රටේ ආරක්ෂාව අගාදයට දමලා මේ වගේ මෝඩ තීරණ ගන්නේ නැහැ. දැන් මේ අය එක එක තැන් වලට පැනලා හැංගිලා ඉඳලා තව අවුරුදු 10කින් කියාවි ඇප ලබා නිදහස්වෙලත් තියෙනවා කියලා ඊළඟ මරාගෙන මැරෙන බෝම්බ සිද්ධියක් වුනාහම. ඇයි අපිට මේවගේ දේවල් වෙන්නේ කියල මට තේරෙන්නේ නැහැ.

:       0       347

SEPALA Thursday, 09 May 2019 04:45 AM

හරිම හිනා. පොලිසීය දන්නේ නැහැ මොන පනත යටතේද මේ අයව අත් අඩංගුවට ගත්තේ කියලා, එත් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාව අත්අඩංගුවට ගත්තේ ත්‍රස්ත පනත යටතේ ඒත් සාක්කි නැතුව. එතකොට ත්‍රස්තවාදීයෝ එළියේ වැරදි නොකරපු අය ඇතුලේ. මරු නීතිය.

:       19       85

Ananda Thursday, 09 May 2019 04:51 AM

කුරිරු බෝම්බකරුවන් මෙහෙයවන්නන් රටේ නීතිය හදන තැන තවමත් නිදහසේ ඔවුන්ගේ කටයුතු රිසි ලෙස කරගන යන බව පෙනේ. මේ දේසපාලනය අපේ මුළු රටම අගාදයට ඇද දමා ඇත. ජාතීන් අනුව දේසපාලන පක්ෂ බිහි වීම මෙයට ප්‍රධානම කාරණය වී ඇත. අවාසනාවට සිංහල ජාතිය නියෝජනය කිරීමට පක්ෂයක් නොමැති වීම විශාල අඩුපාඩුවකි. එම නිසා සිංහල ජාතික දේසපාලන පක්ෂයක් බිහි විය යුතු. මුස්ලිම් ජාතිය නියෝජනය කිරීමට ද්‍රවිඩ එක්සත් පෙරමුණ තිබේනම්, මුස්ලිම් ජාතිය නියෝජනය කිරීමට මුස්ලිම් කොන්ග්‍රස් එක තිබේනම් සිංහල ජාතිය නියෝජනය කිරීමට සිංහල ජාතික පක්ෂයක් අවශ්‍යමය.

:       0       145

upul Thursday, 09 May 2019 05:39 AM

ත්‍රස්තවාදයට සම්බන්ද මේ පුද්ගලයන් නිදහස් කිරීම මගින් රටේ ආරක්ෂාව තව දුරටත් පිරිහේ. රටේ මහජනතාවගේ ආරක්ෂාව පිළිබද නැවත සැකයක් ඇතිවේ. මෙය ත්‍රස්තවාදයට වක්‍රව උදව් කිරීමක්. නීතිය රකින නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා ජීවිත රාශියක් අපට නැති වූ අතර රටේ ආරක්ෂාව සම්බන්දයෙන් විශාල ප්‍රස්නාර්ථයක් ඇති විය. එවන් අවස්ථාවක නැවත වරක් නොසැලකිලිමත් ලෙස රාජකාරි කිරීම මගින් පිලිඹිබු වන්නේ පොලිස් නිලධාරීන් රටේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩ නොකරන බව නොවේද?

:       0       3

Chandima Thursday, 09 May 2019 05:54 AM

මේ විදියටමනේ අර බුදු පිළිම කඩපු වෙලාවේ පුත්තලමේ අර කොහෙද තැනකින් පුපුරන ද්‍රව්‍ය කිලෝ එකසිය ගානක් හොයා ගත්තට පස්සේ ප්‍රධාන සැක කරුවෝ දෙන්නෙක් කිසිම කරදරයක් නැතිව උසාවියේදී නිදහස් වෙලා ගියේ. ඉතින් කාට මේවා කියන්නද? කවුද හොයන්නේ අහන්නේ. මිනිස්සුන්ට වෙන්නේ බෝම්බ වලට ගොදුරු වෙන්නයි.

:       0       59

SUMITH Thursday, 09 May 2019 08:17 AM

අනේ හපෝ මාධ්‍ය ප්‍රකාශක තුමෝ , ඕක සිද්ද උනේ පොලෝසියේ වරදක් නිසා නොවේ , අපේ වරදකින් නේ ආයුබෝවන්

:       0       20

sg Thursday, 09 May 2019 08:52 AM

මෙම සිද්දියෙන් පසුව පොලිසියට දිගින් දිගටම අල්ලස් ගැනීමේ චෝදනා එන බව දන්නවද. පුගලයන් මුදාහැරීමට අපරාද කරුවන් මුදා හැරීමට පොලිසිය මුදල් ගන්න බව ජනතාව අතර තිබෙන මතයක්.

:       0       28

shiro Thursday, 09 May 2019 08:58 AM

පොඩි වරදක් කරපු මිනිස්සුන් ඇප නොදී මාස ගණන් තිය ගන්න්වා. මිනිස්සු සිය ගානක් මරපු බොම්බ හදපු මිනිස්සු පට පට ගාලා නිදහස් වෙනවා. මුලු සමාජයක්ම අනතුරේ දානවා. විනිසරුවරුන්ට මොනවා නැතත් සමාජ විඥානය තියෙනවනම් මෙහෙම වෙන්න පුලුවන්ද වරද කොතනද.

:       0       39

සිරාThursday, 09 May 2019 09:45 AM

ඔහොම කියන්න එපා රංජන් රාමනායකත් ඔහොම කියලා දැන් නඩුදමාගෙන ඉන්නෙ

:       0       1

චාමර Thursday, 09 May 2019 01:34 PM

කතා කරලා වැඩක් නැහැ....ලියන්න වචනත් නැහැ........

:       0       0

රුවන් Thursday, 09 May 2019 01:50 PM

නීතිඥයෝ මොන තර්ක ගෙනාවත් රටේ ආරක්ෂාව අගාදයට දමලා මේ වගේ මෝඩ තීරණ ගන්නේ නැහැ. අඩු ගානේ පොලිසිය මේඅය ගැන සෙවිල්ලේ ඉන්නවා කියල හිතනවා ....

:       0       13

Kumara Thursday, 09 May 2019 04:04 PM

නීතියට ගරු කරන රටක් ඕනේ කියන්නේ ඒකයි

:       0       5

Senarath Thursday, 09 May 2019 10:19 PM

සෝමා අක්කා අල්ලපු වත්තෙන් අඹ ගෙඩියක් කඩපු එකට මාස 6ක් හිරේ යවපු නීතියට මේක එච්චර අපරාදයක් වගේ පෙනෙන්න නැතිව ඇති.

:       0       0

Kumar Friday, 10 May 2019 02:01 AM

බෝම්බ කාරයාට අයත් කර්මාන්ත ශාලාවේ රැකියාවක් කරන එක වරදක්ද? ඒ විතරක් නොවේ පිටරටකින් පැමිණි කෙනෙක් අත්අඩංගුවට ගත් අවස්ථාවක එම රටේ නියෝජිතයාට දැනුම් දෙන්න ඕනෙ. ඒ අය නැවත අත්අඩංගුවට බැරිද?

:       0       0

Sugath Friday, 10 May 2019 03:40 AM

ලක්ෂ පහකට ශරීර ඇප දීලා පොලිසියට දැඩි පියවර අරගෙන මොකටද.

:       0       46

vijith Saturday, 11 May 2019 07:06 AM

දේශද්‍රෝහීන්, දේශපාලකයන්ට කඩේයන අය මුලින් ලංකාවෙන් තුරන්කරන්න ඕනේ.. රට මේවගේ අගාධයකට ගිය හේතුව... ඔය වගේ ලංකාවේ ඉන්න මැට්ටෝ පත්කරන ඡන්දෙ දෙන අයාලයේ යන දේශපාලකයන් නිසායි.

:       0       0

saman,s Saturday, 11 May 2019 02:43 PM

මේ පොලිස් ඉන්ස්පෙක්ටර්ට වෙන වැඩ නැද්ද?

:       0       0

mara Monday, 13 May 2019 09:10 AM

පොලිසියේ ඉන්නේ 8 පාස් කට්ටියනේ. එතකොට නඩු අහපුකෙනාට තිබුණනේ වරද හරිගස්සන්න. කුට්ටියක්වත් ගිලුණද ?

:       0       26

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 123 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 50 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 411 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 585 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 328 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 267 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site